"මේ..මට සහෝදරයෙක් නෑ කිව්වම ඇයි කේෂ් අයියා බය උනේ..."
"හෑ..නෑ..නෑ...ම්..මේ..මං ඉතින් හිතුවෙ චූටට සහෝදරයෝ ඇති කියලා....ඒ..ඒකයි...හෙ..හෙ.."
කේෂිදු බොරු හිනාවක් මවාගෙන චූටට උත්තර දුන්නා...ඒත් මේ වෙලාවෙ කේෂිදු හිටියෙ හොදටම පැටලිලා...තමන්ගෙ චූටි මහත්තයගෙ අම්මා ලොකු නෝනා නෙවෙයිද...එහෙනම් ඒ කවුද...
"චූටා..."
"ඕඕ..."
"දැන් ඔයා ඔය කියන ලොක්කයියගෙ නම මොකක්ද චූටා..."
කේෂිදුගෙ හිත එහෙම අහපන් අහපන් කියලා වද දෙද්දි මොලේ නම් කිව්වෙ උබට ඒවා වැඩක් නෑ කියලා...හැමදාම වගේ හිත කියපු දේ කරපු කේෂිදු ඒ ප්‍රශ්නෙ චූටගෙන් ඇහුවා..කේෂිදු එක්ක හරි ලස්සනට හිනා උන කොල්ලා...
"දන්නෙ නැහැ නෙ..."
කියපි...යකෝ...තමන්ගෙ අම්මගෙ අක්කගෙ පුතාගෙ නම දන්නැති උනුත් ඉන්නවද මේ ලෝකෙ....ඔව් ඔය යස අගේට ඉන්නෙ අපේ චූටා....
"ම්ම්..එහෙමද..."
"ඔව් අනේව්...මට ලොක්කයියගෙ නම මතක හිටින්නෙම නෑනෙ..."
චූටගෙ මතකෙ හොදයි ඇලේ දාලා හෝදන්න කියලා හිතපු කේෂිදු ඊලගට වචනයක්වත් නොකියා ඉන්න වග බලාගත්තා... කොහොමහරි දෙන්නා එක්ක apartment එකට ඇවිත් lift එකට නැගලා ඒක වැහෙන්න යද්දිම....
අතක්...
ඔව් කවුරුහරි තමන්ගෙ අත දාලා lift එකේ දොර වැහෙන එක නතර කරා...කේෂිදු ඇස් අයාගෙන බලන් හිටියෙ ඒ නහර පිරුණ අතේ හීනි දිගැටි ඇගිලි දිහා...අත දිගේ අතේ අයිතිකාරයා දිහා බලපු කේෂිදුගෙ ඇස් දෙක ටීක් බෝල සයිස් වෙද්දි චූටා lift එක ඇතුලට ආපු කෙනාගෙ ඇගේ එල්ලුනා....ඒ කෙනත් චූටව අත් අතරට ගනිද්දි කේෂිදු තාමත් හිටි විදියටම ගල් වෙලා බලන් හිටියා...
"කේෂ් අයියේ..."
"......"
"කේෂ් අයියෙ..."
"......"
"කේෂ් අයියේහ්හ්හ්හ්හ් !!!!!!!......."
"ආහ්..."
"මොකද අනේ....අපේ ලොක්කයියාගෙ මූනෙ පෙරහැරක් යනවද..."
"න්...නෑ..ම්..මං..ම්..මේ...මේ.."
YOU ARE READING
අවිනිශ්චිත හෝරා..
Non-Fictionහද පැරීයන්නම විරහ හීයෙන් හද තුලට විදින ඒකපාර්ශ්වික ප්‍රේමයේ තැවුල් උරුම හිමිකාරියනි, ඇවිද යමු ඒකපාර්ශ්වික ප්‍රේමයේ ගැඹුරුතම තැන් සොයා... රාගයම පමණද ඒ හිත් තුල???? අවිනිශ්චිතයි..... ආදරය බිඳක් හෝ නැතිද ඒ හිත් තුල???? අවිනිශ්චිතයි..... සියල්ලම අවින...