" මට__ තව glass එකක් දාන්න "
මත් ගතියෙන් ඇස් අඩවන් වෙන අතරේ එයා හිස් කරපු විස්කි වීදුරුව බාර්ටෙන්ඩර් ට ලං කලා .. ප්‍රශ්න නාහාම පුරවලා දුන්න විස්කි වීදුරුවත් එයා හිස් කරලා දැම්මා .." හ්හාහ් ! "
තමන්ගේ සුළැගිල්ලේ දාගන හිටිය පොඩි පෙති හතරක කොලයක් ඔබ්බවලා තිබුන මුද්ද ඇඟිලිවලින් අල්ලමින් එයා බර හුස්මක් හැලුවේ තවත් කදුළු බිංඳුවක් කම්මුල හරහා බේරිලා හැලෙද්දි ..පෙනුම හැටියට නම් rich businessman කෙනෙක් වගේ උනත් එයාගේ ඇස් නම් ඕනවටත් වඩා ඉදිමිලා තිබුනේ ගෙවුන දවස් ටිකේම නින්දක් නැතුව අඬපු නිසා වෙන්න ඇති ..
සමහර ජීවිත තියෙනවා එක අතකින් සම්පූර්ණ උනත් අනෙක් අතින් සෑහෙන්න දුරකට අසම්පූර්ණ උන .. ඉතින් එයත් එහෙම කෙනෙක් වෙන්න ඇතියි කියලා බාර්ටෙන්ඩර් කල්පනා කලා ..
" සර් හොඳින්ද ? Company එකේ ප්‍රශ්නයක් ද ? "
තවත් වීදුරුවක් පුරවලා ඒ කෙනාගේ අතට ලං කරන අතරේ බාර්ටෙන්ඩර් අහද්දී කම්මුලට හැලුන රස්නේ කදුළු බිංඳුව පිහිදන් ගමන් ඒ කෙනා හිනා උනා .." ම්හ් .. Company එකෙත් ප්‍රශ්න නැතුව නෙවෙයි .. ඒත් මේ අතීතයෙන් ගැලවෙන්න ක්‍රමයක් ඔයා දන්නෙ නැද්ද ? මම අවුරුදු පහක ඉඳන් උත්සාහ කලා .. ම්හූක් .. ගැලවීමක් නෑ වගෙයි "
එයා බාර්ටෙන්ඩර් එක්ක හිනා උනේ හරි වේදනාත්මකව ..කොහොම උනත් limit එක over යන වග තේරුම් ගියාම එයා විස්කි වීදුරුව ටිකක් එහාට කලා ..
" Thank You .. "
හේතුවක් නැතුවම එයා බාර්ටෙන්ඩර් ට ස්තූතිකලා .. සමහරවිට කවුරුත් නාහන එයාගෙ හිතේ දුක පොඩ්ඩකට හරි බාර්ටෙන්ඩර් අහගන හිටිය නිසා වෙන්න ඇති.." ම්ම් .. හදිස්සියේ වත්__ ඒකට උ උත්තරයක් හොයාගත්තොතින් මට අනිවාරෙන් කියන්න .. "
ඇහැකුත් පියවෙන අතරේ එයා හිනාවක් පෑවේ තමන්ගේ පර්ස් එකෙන් business card එකක් ඇදලා අරන් බාර්ටෙන්ඩර් ගේ අතේ පටලවන අතරෙයි ..ඒ කරලා කෝට් එකත් ටිකක් හදාගන එයා වෙරි මතේම බාර් එකෙන් එලියට බැස්සා ..
" සර් පරිස්සමෙන් වාහනේ ගන්නේ ! "
බාර්ටෙන්ඩර් එහෙම කියද්දිත් එයා බාර් එකෙන් එලියට ගිහින් ඉවරයි .. බාර්ටෙන්ඩර් හෙමින් අතට ගුලි කරපු කාඩ් එක හරවලා බැලුවා ..
YOU ARE READING
𝙱𝚎𝚊𝚞𝚝𝚒𝚏𝚞𝚕 𝙻𝚒𝚊𝚛 💐 - JJK ( Ongoing )
Fanfictionලස්සන බොරුවක් .. නමුත් මෙයයි අවසානය .. මරණයක් තරම් වේදනාවක් ආවත් .. මම මාව වෙස් මුහුණක් තුල හංගන්නම් .. ඔබ මා දමා ගියත් කමක්නැහැ .. ප්රාර්ථනා කරන්නම් ඔබ සතුටින් කියලා .. මම ලස්සනම ලස්සන බොරුකාරයෙක් .. ! ~...