මෙම කතාව මා විසින් ලියන ලද්දක් වන අතර මෙහි ඉදිරියට සමලිංගිකත්වය හුවා දක්වන සමහර සිදුවීම් ඇතුළත් වේ..
(මේක මන් ලිව්වෙ මට වයස 16 දී අඩුපාඩු ඇති එච්චර ගණන් ගන්නෙපා )
" නෙතුමෝ කෝ උඹ "
" නෙතුමෝ "" ඕහ් ඕහ් ලොකු නෝනා මං මේ පොල් ගෙඩියක් සුද්ද කර කර හිටියේ නෝනා ඊයේ කිව්ව නිසා "
" ඊයේ කරන්න කියපු දේ දැන්ද කරන්නේ උඹ , උඹට නෙවෙයි උඹව බංගලාවේ වැඩට ගන්න ලොකු හාමුට කැමැත්ත දුන්නු මගෙයි වැරැද්ද "
" අනේ ලොකු නෝනා මට සමාවෙන්න ..මට බනින්නෙපා..ඊයේ වැඩ ගොඩාක් කළා හොදටම අමාරුයි අත්වල කරගැටත් දාලා තිබුණේ "
" ඔව් වොව් උඹට මාසේ ගාණ හම්බෙනකොට ඕවා ගාණක් නෑ ..අනේ මගේ කට ..උදෙන්ම මුකුත් නාහා ඉදින් මට කියලා .."
මෙවැනි සැරපරුෂ , පහත් කිරීම් , ගැරහුම් මා හට හොදින් හුරුය ..දුප්පත්කම නිසානේ හැමදාමත් මෙහෙම ඉන්නෙ..මා සිතිමී...
" ඒවා කාරි නෑ..උඹ මේ කිරි එක බේබි මහත්තයට ගිහින් දියම්........ආන් බේබි මහත්තයා ඊයේ රට ඉදලා ආවේ..ඕක දීලා වරෙන් පරිස්සමට ..මට උඩ තට්ටුවට නැගගන්න අමාරුයි බන් ..ඒකයි උඹට කියන්නේ ..නැත්නම් මං උඹ වගෙ එකෙක් කොහොමත් මේ ගේ අස්සට වද්දගන්නේ නෑ ..දැන් දීලා වරෙන් ඒනම්..ආ "
සිතෙහි නැගුණු දැඩි පසුතැවීමත් සමග මා කිරි වීදුරුව ගෙන යෑමට හැරෙනවත් සමගින් යම් කිසිවකු..ඉක්මනින් එතනින් දිව ගියත් කවුරුන්දැයි මා හට වැටහීමක් නොවු නමුත් ඒ කෙනා නෝනා හාමු හා මා අතර වූ කතාවට කන් දීගෙන සිටි බව නම් මා හට නිසැකය...
ඒ දිව ගිය කෙනා කවුරු වුවත් ඔහුගේ පර්ෆියුම් එකේ සුවදින් නම් ඔහු මෙහේ කෙනෙක් නොවන බව තේරුම් යන්නට වැඩි වෙලාවක් ගත නොවිණි..
මා කිරි වීදුරුවද රැගෙන උඩු මහළට පිවිසෙන විට වට පිට බලමින් යන්නට වූයේ දින ගණනාවකින් මා මෙහි නොපැමිණී බැවිනි..මා බේබි හාමු යනුවෙන් අමතනුයේ මට වඩා අවුරුදු දෙකක් වැඩිමහල් අයෙකුටය..මගේ නම නිතුම් විහංග ..වයස 20 වන මා තවම පොඩි එකෙක් සේය..පුංචි දේටත් බියට පත්වන , පුංචි දේටත් කේන්ති යන අහිංසක කෙනෙක් වූ මා අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් A සාමාර්ථ නවයක් හා උසස් පෙළ ගණිත අංශයෙන් හදාරා A සාමාර්ථ තුනක් ද සමගින් සමත් වීමි..අධ්‍යාපන කටයුතු මග නවතා දැමූයේ ඒ සදහා මා හට මහත් ආර්ථික අපහසුතාවන් වූ හෙයිනි...ඒ සදහා අවශ්‍ය මුදල් සෙවීමට රැකියාවක් සෙවීමෙදී ගමේ ලොකු හාමුගෙ හෙවත් බදුලු පුරවරයේම විශාලම තේ වතු හිමිකාරයාගේ නිවසේ වැඩ පළ කිරීමට මට අවස්ථාවක් හමු වූයේ මගේ අම්මා ද මෙහි ම තේ දලු නෙලන්නියක් ලෙස කටයුතු කළ නිසාමය..