අද සැප්තැම්බර් 12 මම උදේම නැකිට්ටේ..මාස 3 කට පස්සේ scl යන්න තියෙන නිසා හරීම කම්මැලි කමින්.. දැන් වෙලාව 5.30 ..මේ වෙද්දී මෙහෙට ටික ටික සීතල එන ගමන් summer season එකේදී හිතෙනවා winter එක හොදයි කියලා.. ඒත් උදේට නැකිටිනකොට දැනෙන සීතලට හම්මේ....ආයේ පොරවාගෙන දොයියන්න තමා හිතෙන්නේ... මොනවා කරන්නද scl යන්නම ඕනේ නේ.. මම ඉන්නේ ඉතාලියේ මිලානෝ වල.. Scl එක තියෙන්නේ cairoli කිට්ටුව.. ගෙදර ඉදන් scl එකට යන්න වැඩි වෙලා යන්නේ නෑ 2km වගේ තමා තියෙන්නේ.. Metro,tram,bus ඕනේ එකක scl එක ලගටම යන්න පුළුවන්.. මම ඉතිම් ඕවගේ ලැග ලැග ඉන්නේ නෑ පයින්ම යනවා ඔයෙ ටික.. කම්මැලියා වගේ මාස 3ම ගෙදරට වෙලා බුදිය බුදිය ඉදලා එකදිගට දැම් scl යන්න ඕනේ නේ කියලා මතක් වෙද්දීත් පිස්සු වගේ.. මෙහෙ summer season එකේදී මාස 3ක් එක දිගටම නිවාඩු හම්බෙනවා පස්සේ ඉතිම් සැප්තැම්බර් පටන් ගත්තම ජුනි මුල වගේ තමා scl නුවාඩු දෙන්නේ.. මම සමානයෙම් මගේ ලස්සන ගැන හිතන කෙනෙක්.. ඊයේ රෑම ඇදුමක් ලෑස්ති කරලා තිබ්බා නැත්නම් අද scl යන්න වෙන්නේ නෑ ගෑනි වගේ පැය ගානක් ඇදුම් හොයන්න වෙනවා.. මම බැගී කලිසමකුයි ඇගටම ෆිට් ටී ෂර්ට් එකක් ඇදල යට කරලා ටිකක් සීතල නිසා ඩෙනිම් ජැකට් එකකුත් දාගත්තා.. පස්සේ nike air දෙකත් දාගත්තා ඒක නම් අදමයි දාන්නේ. අද වෙනකම් බලාගෙන හිටියා ඒක දාන්න.. කොන්ඩෙත් ඇස් දෙකට වැටෙන්න ඉස්සරහට පීරුවා..
"හම්මෝ ඇස්වහක් නම් වදින්න එපා මගේ handsome කොල්ලට උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මාහ් "
මන් කන්නාඩියෙන් මන් දිහාම බලාගෙන ගැම්මෙන් කියලා bag එකත් දාගෙන අම්මට උම්ම්මා එකකුත් දීලා එලියට බස්සා.. හැබැයි ඉතිම් තනියම නෙමේ මගේ ගොන් කද වන මාගේ ප්රිය ආදර මාලයණ්ඩිය සමග..
ඌ තමා මගේ බොක්ක අපි දෙන්නට අපි දෙන්නා නැතුව බෑ.. සම හරක් ගෙවල් වල මල්ලිලා අයියලා මුණ බලන්නෙත් නෑ.. එකට අපේ..ඇලිලා වෙලිලා ඉන්න ඕනේ.. රණ්ඩු නැතුව නෙමේ තියෙනවා ඒත් නැතුව බෑ ඉතිම් මොනා උනත්..අපි දෙන්නා අතර තිබුනේ අවුරුද්දක පරතරයක්.. ඌට 16 මට 17.. මේ පාර අපි දෙන්නම පාස් වෙන්නේ 1st year එකට. 1st year එකේ clz දෙකක් තියෙනවා මොන clz එකට මේ පාර වැටිලද කියලා තාම දන්නෙත් නෑ..කලින් clz ඒකෙ හිටපු ගොඩක් අය scl මාරු කරන් ගියා කියලා group chat ඒකෙ දාලා තිබ්බා.. මෙහෙ කෝමත් ඒම තමා ළමයි මාරු වෙනවා scl වලට අවුරුද්දෙන් අවුරුද්දට.. ගියා වගේම දෙගුණයක් අලුතෙන් මාරු වෙලා ඇවිත් ඇති දැම්..
YOU ARE READING
SANDA RAAKA | ONGOING ✫
Romanceසඳ එලිය දිගේ ආදරේ අරගෙන එන රහස් අමුත්තාගේ කතාව... _සඳ රෑක_