ගොඩක් බය හිතෙන, ගොඩක් දුක හිතෙන රැයක් අද. මගේ ජිවිතේ කවදාවත් එයි කියලා නොහිතපු දවසක් අද, මොකද අද අපේ ගෙදර මළ ගිය ප්‍රණාකාරයෙක් සැරිසරණවා කියලා ඔප්පු උනා.........
මම අවුරුදු 16ක කතෝලික පිරිමි ළමයෙක් ගෙදර ඉන්න එකම ළමයා නිසා මම ගොඩක් සතුටින් නිදහසේ ජිවිතේ ගත කලා. මගේ නම ෆීලික්‌ස්. ඉතින් දවසක් මගේ මාමටයි, නැන්දටයි හදිස්සියේම අමෙරිකාවට යන්න උනා. අන්න ඒ නිසා ඒ දෙන්නගේ ළමයි දෙන්නා අපේ ගෙදර නවතින්න අවා. ඉතින් මගේ මල්ලි නංගි අපේ ගෙදර නවතිනවා කිව්වම මම ගොඩක් සතුටු උනා. හැබැයි ඒ දවස්වල අපිත් හිටියේ අපි ඉන්න ගෙදර විකුනන්න දාලා, මොකද හරියටම එදා ඉදන් මාස හතරකට පස්සේ අපිත් ලංකාවෙන් යන නිසා. හිතුවේවත් නැති තරම් ඉක්මනට අපේ ගේ එංගලන්තෙන් ආපු කෙනෙක්, එයාලට හැමදාටම නවතින්න මුදලට ගත්තා. ඉතින් හිතුවෙවත් නැති තරම් ඉක්මනට ගේ විකුනුණු නිසාත් ලංකාවෙන් යන්න තව මාස තුනක් විතර තිබ්බ නිසාත්, අපිට ඒ කාලේ ඉන්න ඉක්මනට ගෙයක් හොයන්න උනා. ඊට දවස් දෙකකට පස්සේ මමයි,අම්මි,තාත්ති,මල්ලි,නංගි අපි හැමෝම වහනයෙන් අලුත් ගෙදරට යන්න පටන් ගත්තා. අපි කොළබින් ගොඩක් ඈතට ආවා. කොළබින් ඇවිල්ල පැය හතරකට විතර පස්සේ,
“ඔන්න දැන් ළගයි,”
කියලා තාත්ති අපිට කිව්වා. ඊට පස්සේ මම ඇහුවා.
“මේක මහා කැලයක්නේ, කොහේ තියන ගෙදරකටද මේ යන්නේ?”
තාත්ති පැත්තට හිනාවෙලා,
“බලන්නකෝ,කැලැවේන් වට වෙච්ච ලස්සන බංගලවක් ඒක,”
ඊට ටික වෙලාවකට පස්සේ අපි බංගලාවට ආවා. ඒක අවට තනිකර කැලැව, මිනිස්සු කිසිම කෙනෙක් නෑ.හැමෝම වාහනෙන් බැහැලා, තාත්ති ලොකු හුස්මක් අරගෙන,
“බලන්න කොච්චර ලස්සන තැනක්ද මේක, අර කොන්ක්‍රීට් වනන්තරේ වගේද මේක, මේ මාස තුන නිදහසේ ඉන්න පුළුවන් ”
ඊට පස්සේ අපේ නංගි,
“හොල්මන් බංගලාවක්ද කොහෙද, බලනවකො මේ ගේ තනිකර හොල්මන් පාටයි ”
එයා කිව්ව කතාව විහිලුවට අරගෙන මල්ලි,
“තමුසෙනේ ඕයි ඉන්න ලොකුම හොල්මන, තමුසෙව දැක්කම හොල්මනුත් දුවයි ”
අපි ඔක්කොම ඒ කිව්ව ඒවාට හිනා වෙවී බංගලාව ඇතුලට ගියා. ඊට පස්සේ කිසි පෙර විපරමක්‌වත්, කිසිම දෙයක් නොදැන ආපු මේ බංගලාව ගැන පොඩ්ඩක් හොයලා බලන්න හිතුව. ඉතින් මේක ගැන අහන්නත් කෙනෙක් මේ අවට නැති නිසා මමයි,මල්ලි මේ බංගලාවේ ලොකේෂන් එක ඉන්ටෙර්නෙට් එකට ෂෙයාර් කරලා බැලුව. ඒත් ඒ ගැන තොරතුරක් ලබාගන්න බැරි උනා. ඒ නිසා අපි දෙන්නා බංගලාවේ බේස්මෙන්ට් එකට ගිහින් හොයලා බැලුවා,මුකුත් හම්බුන් නැති නිසා අපි උඩට යන්න කියලා ආපහු හැරෙනකොට මට එතන පොතක් වැටිලා තිබිල පෑගුනා. අපි දෙන්නා පොත් කියවන්න ආස නිසා ඒක අරගෙන උඩට යන්න හදනකොට ඒ පොත ඇතුලෙන් කොලයක් වැටුනා.අපි ඒක අරගෙන බැලුවම ඒක මේ බංකලාවේ පින්තුරයක්, ඒ පින්තුරේ අනිත්පැත්තේ තිබ්බා, “ඩිංස්ලන්ඩ් බංගලාව”කියලා ලියලා. එතකොට තමයි අපි දැනගත්තේ මේ බංගලාවේ නම ඩිංස්ලන්ඩ් කියලා. ඒත් එතනින් එහාට දෙයක් ඒකේ ලියලා නොතිබ්බ නිසාත්, තොරතුරු හොයන්න වෙන ක්‍රමයක් නොතිබ්බ නිසාත් ඒ වැඩේ අපි නැවැත්තුවා.
ඉතින් මෙහෙම ගෙවුණු කාලය අපි ගොඩක් සතුටින් විනෝදෙන් ගත කලා, මමයි මල්ලි නංගි මාරම සතුටින් සෙල්ලම් කර කර කාලය ගෙව්වා. මොකද අපිට මෙච්චර කාලෙකට නොලැබුණු ලස්සන, නිදහස් කාලයක් තමයි මේ ලැබුනේ.ඒ බංගලාවේ ඉන්න හැම වෙලාවකම මට දැනුනේ අමුතුම හැගීමක්, බයක් වගේ එකක්,ඉතින් කොහොම හරි මාර ආසවෙන් මෙහෙ හිටියා.
හැබැයි මේ අතරේ අපේ නංගිට විටින් විට අසනීප වෙන්න ගත්ත, හැමදාම පාන්දරට උණ බලද්දී 102°c ට උණ, ඉතින් අපි දෙන අත් බෙහෙත් වලින් කිසිම අඩුවක් නොවුණු නිසා ටිකක් අපිට බය හිතුන, මෙහෙ බෙහෙත් ගන්න ඩොක්ටර්ස් ලා නැති නිසා, අපේ බංගලාවට ළගම තිබ්බ දේවස්ථානයට නංගිව එක්කගෙන ගියා. එතැනදී පූජකතුමා නංගිව සනීප කලා. හැබැයි, අපි යන්න හදනකොට පූජකතුමා කිව්වා
“දරුවනේ විමසිල්ලෙන් සහ පරිස්සමින් ඉන්න”
ඒ කිව්ව කතාවට නම් මට බය හිතුනා, හැබැයි අම්මි තාත්ති නම් ඒක ගනන් ගත්තේ නෑ. ඒ උනත් දවසින් දවස ගෙවෙද්දී ඒ ගැන අමතක වෙලා ගියා.
මේ අතරතුර දවසක් අපේ ගෙදරට ආවා, මේ ගමේ ඉන්න අවුරුදු 50ක විතර ටිකක් උස සුදු කමිසේකුයි, සුදු සරමකුයි ඇදගත්ත බඩ ඉස්සරහට නෙරලා ආපු, උඩු රැවුල විතරක් වවපු පිරිමි කෙනෙක්, එයාට අපි ගෙදරට ඇවිල්ල වැඩිවෙන්න කිව්ව. ඊටපස්සේ තාත්ති අම්මි ඒ මනුස්සයා එක්ක කතා කලා, අපිත් පැත්තකට වෙලා අහගෙන හිටියා. හැබැයි එයා කිව්ව කතාවට නම් අනිත් අය කොහොමවුනත් මගේ නම් අගේ ලේ වතුර උනා.
එයා කිව්ව විදියට මීට අවුරුදු 10ට විතර කලින් මේ බංගලාවේ හිටියලු ඩිංස්ලන්ඩ් කියලා පවුලක්, ඒ පවුලේ අය මේ බංගලාවේ ගොඩක් සතුටින් ජිවත් උනාලු. ඒ අතරතුර දවසක් මේ බංගලාවේ දෙවැනි තට්ටුවේ ඉදල ඒ පවුලේ වැඩිමල් කාන්තාව වන රොනාලි ඩිංස්ලන්ඩ් වැටිලා මියගියාලු. ඒකෙන් මාස තුනක් විතර යනකම් කිසිම ප්‍රශ්නයක් නැතුව ඒ ගෙදර අය ජීවත් උනත්, එතනින් එහාට නම් සතුටින් ඉන්න බැරි උනා. මොකද ඒ ගෙදර හිටිය අනිත් කාන්තාවෝ පස්දෙනා සතියකට එක්කෙනා ගානේ ඉතාමත් අභිරහස් විදියට මියගිහින් තිබ්බලු.මොකක්ද වෙන්නේ කියලා හිතාගන්න බැරිවුනු ඒ ගෙදර පිරිමි හතරදෙනා, යකැදුරෙක් ගෙන්නලා ලොකු පූජාවක් කරලා, එයා ගාව තිබ්බ අධුනට අර මුලින්ම මැරුණු රොනාලි ඩිංස්ලන්ඩ්ගේ ආත්මය ගෙන්නුවලු. ගෙන්නලා එයා මැරුණු විදියයි, අනිත් එයාගේ නංගිලයි මැරුණු විදිය ඇහුවලු. එතකොට ඒ මලගිය ප්‍රානකාරයා කිව්වලු,
“මාවයි මගේ කුසේ හිටපු දරුවයි මැරුවේ අර ගෑනු පස්දෙනාගෙන් එකෙක්, මට හොදට මතකයි, මම උඩින් වැටෙද්දී මගේ පිටිපස්සේ හිටියේ ගෑනියෙක්, මට හොයාගන්න බැරි උනා ඒ මොන එකීද කියලා, ඒ හින්දා තමයි අර ගෑනුන්ගෙන් එක එකා ගානේ. මම මැරුවේ”
ඒ කිව්ව ඒවාට නම් මම හොදටම බය උනා,
ඒ කතාව අහගෙන ඉදලා එයාගේ මහත්තයා කිව්වලු,
“මට සමාවෙන්න රොනාලි ඔයා හිතන් ඉන්න විදියේ දෙයක් නෙවෙයි එතන උනේ, එදා මට කෝල් එකක් ආවා පිරිමි කෙනෙක්ගෙන් ඒ පිරිමි කෙනා කිව්වා ඔයා එයාගේ බිරිද කියලා ඉතින් මට එවලේ ගොඩක් කේන්ති ගියා ඒ නිසා තමයි මම ඔයාව එතනින් තල්ලු කලේ, නංගි ආවේ ඔයාව බේරගන්න, පස්සේ බැලුවම ඒක කියලා තිබ්බේ මගේම යාලුවෙක්, මාව රවට්ටන්න...මම තාමත් පසුතැවෙනවා එදා මගේ දරුවටයි ඔයාටයි ඒ කරපු දේ ගැන...”
ඒ කිව්ව කතාවට හොදටම කේන්ති ගියපු ඒ මැරුණු කෙනාගේ ආත්මය අමුතු කටහඩකින්,
“උබ මටයි දරුවටයි එහෙම කලා, උබලා ඔක්කොම මහා ජරා මිනිස්සු, බලපිය උබලා එකෙක්වත් ඉතුරු කරන්නේ නෑ, දවස ගානේ එක එකා නැති කරනවා... මේ බංගලාවට එන යන එකෙක්වත් මම ඉතුරු කරන් නෑ... මරනවා! මම මේ බංගලාවට එන හැම එකාටම ශාප කරනවා!”
ඒ මැරුණු කෙනා එහෙම කියලා වැඩි දවසක් ගත වෙන්න කලින් මේ බංගලාවේ හිටිය අනිත් පිරිමි හතරදෙනාත් අභිරහස් විදියට බංගලාවට පිටිපස්සේ කැලේ මැරිලා හිටියාලු.
ඒ මනුස්සයා යනකොටත් අපිට කියලා ගියේ,
“මම මේක කිව්වේ මහත්තයෝ යුතුකමක් විදියට සලකලා, කාගේ වුනත් ජීවිතනේ කියලා හිතලා. මම නම් කියන්නේ මහත්තයෝ පුළුවන් තරම් ඉක්මනට මේ බංගලාවෙන් යන්න කියලා”
මේ කතාව කියපු මනුස්සයා දිහා අපි බැලුවේ වැඩි විශ්වාසයක් එක්ක නම් නෙවෙයි, මොකද අපි අහන්නෙත් නැතුව මේ වගේ කතාවක් කියන්නත්, ශාපයක් තියන බංගලාවකට කිසිම බයක් නැතුව ඇවිල්ලා එයාටත් ඒ ශාපේ වද්ද ගන්නත් මේ මනුස්සයට පිස්සු වෙන්න එපැයි කියලා අපි හිතුව නිසා...
තාත්තිත් කිව්වේ, ඔය එක එක අය ඉරිසියාවට කියන කතා කියලා.
හරියටම සතියකට පස්සේ අපේ ගෙදර ආපු මනුස්සයාගේ මිනිය අපේ බංගලාවට පිටිපස්සේ කැලැවේ තිබිල හොයාගත්තා.එදා නම් අපි ටිකක් බය උනා. ඒ මනුස්සයා කිව්ව දේවල් ගැනත් අපි ටිකක් හිතලා බැලුවා. ඒත් අපිට කරන්න දෙයක් හිතා ගන්න බැරි උනා.ඩිංස්ලන්ඩ් පවුලට අපි කිසිම වැරද්දක් කරලා නැති නිසාත් ලංකාවෙන් යන්න තව දවස් 10ක් වගේ පොඩි කාලයක් ඉතුරු වෙලා තිබුණු නිසාත් අපේ තාත්ති තීරණය කලා, ඒ දවස් 10ත් ඔහොම ඉමු කියලා.
ඔහොම දවසින් දවස ගෙවිලා යද්දී, දවසක් රෑ වුණු දේවල් අපිට හිතා ගන්න බැරි උනා. එදා රෑ අපි ඔක්කොම රෑ කෑම අරගෙන කෑම මේසෙන් නැගිටිනකොටම බංගලාවේ විදුලිය විසන්දි වුණා. ඊටපස්සේ මමයි මල්ලි නංගී අපේ ෆෝන් වල පන්දම් ඔන් කරගෙන අපේ කාමරේට ගියා. අපි කාමරේට යද්දීත් දොර ඇරලා තිබ්බේ, අපි හිතුවේ කෑම කන්න යද්දී දොර වහලා ගිහින් නෑ කියලා, හැබැයි කාමරේ ඇතුලට යද්දී දැක්ක දේවල් වලින් නම් අපි හොදටම බය උනා.අපේ කාමරේ පොත් මේස පුටු ඔක්කොම ඇදල දාලා, එක ජනේලයකුත් බිදලා තිබ්බ. එක සුදු බිත්තියක රතු පාටින් ලියලා තිබ්බ,
“I will kill you”
කියලා අපි චුට්ටක් ළගට ගිහින් බැලුවම තමයි දැක්කේ ඒක ලියලා තියෙන්නේ ලේ වලින් කියලා.
ඒකට අපි හොදටම බය වෙලා කරුවලේම සාලෙට දිව්වා. අම්මි තාත්තිත් සාලේ හිටියා, අපිට වෙච්ච දේම එයාලටත් වෙලා. ඊටපස්සේ අපි ඉක්මනටම කලේ බංගලාවෙන් එලියට දුවපු එක, හැබැයි එලියට ගියාට පස්සේ හිටියේ හතරදෙනයි, නංගිව අපිට මග ඇරිලා, ඒත් අපි දැනගෙන හිටියේ නෑ කොහේදී කොහොම එයාව මග ඇරුනද කියලා, ඊටපස්සේ තාත්ති කිව්වා.
“ඔයාලා ඔහොම ඉන්න මම දුවව හොයාගෙන එන්නම්”
ඒ වෙලාව වෙද්දීත් අපි හැමෝම හොදටම බය වෙලා හිටියේ, තාත්ති නංගිව හොයාගෙන එනකම් අපේ අම්මි ගරාජ් එකට ගියා වාහනේ අරගෙන එන්න.
ටික වෙලාවකට පස්සේ තාත්ති එලියට ආව නංගි එක්ක, හැබැයි නංගි එලියට ආවේ නම් පණපිටින් නෙවෙයි. නංගිව හිතා ගන්න බැරි විදියට තැලීම් සීරීම් පාරවල් එක්ක දරුණු විදියට මරලා දාලා.ඒක ඇත්තටම මට දැනුනේ හීනයක් වගේ, ඒක දරාගන්න අපි කාටවත් පුළුවන් උනේ නම් නෑ, ඒත් වුණු දේ වෙනස් කරන්න බැරි නිසා වගේම, ජිවත් වෙලා ඉන්න අනිත් අයව රැකගන්න ඕනේ නිසා අපි එතනින් යන්න තීරණය කලා. අපි ඇතුලට ගිහින් ඉක්මනට කාමරවල තිබුණු අපේ බඩු මුට්ටු අරගෙන ආපහු එලියට ආවා. අපි යන්න ලෑස්ති වෙනකොටම හොදටම අකුණු ගගහ වහින්න ගත්තා. අපි වාහනේට නැගලා වැස්සේම දේවස්ථානයට ගියා. අපි සිද්ධවෙච්ච හැමදේම පූජකතුමාට කිව්වා. එතකොට පූජකතුමා කිව්වා,
“මම ඔය හැමදේම දැනගෙන තමයි එදා අර දරුවාව අරගෙන යන වෙලාවේ කිව්වේ විමසිල්ලෙන් ඉන්න කියලා අර ආපු මනුස්සයා කියන දේඅහලා එදා බංගලාවෙන් ගියා නම් අදටත් අර දරුවා ජිවතුන් අතර ඒ වගේම තමුන්ලා මේ ශාපයට ලක්‌වෙන්නෙත් නෑ, දැන් වෙන දේවල් ගැන දන්නේ දෙවියන් වහන්සේ විතරයි”
“අපිට බේරෙන්න කිසිම ක්‍රමයක් නැද්ද ෆාදර්”
කියලා තාත්ති පූජකතුමගෙන් ඇහුවා, ටිකක් වෙලා කල්පනා කරලා පූජකතුමා කිව්වා,
“තියනවා, අපි පූජාවක් කරන්න ඕනේ, මේ ආත්මය කොච්චර ප්‍රභලද වගේම එයාගෙන් තමුන්ලා බේරගන්න ක්‍රමයක් දැනගන්න”
ඊටපස්සේ පූජකතුමා එක්ක අපි බංගලාවට ගියා. පූජකතුමා මුලින්ම ශුද්ධ වූ කුරුසය අරගෙන බංගලාව පැත්තට හරවලා මොකද්ද දෙයක් කිව්වා. ඊටපස්සේ අපි ඇතුලට ගියා, ගිහාම පූජකතුමා කිව්වා,
“මෙතන ඉන්න දරුවෝ දෙන්නගෙන් වැඩිමල් දරුවාගේ අතෙන් ලේ ටිකක් අරගෙන මම මේ බිම තියලා තියන රතු රෝස මල උඩට දාන්න”
එතන මමයි මල්ලිගෙනුයි වැඩිමල් කෙනාට ලේ දාන්න කිව්වම මාව රත් උනා, ඒත් වෙන කරන්න දෙයක් නොතිබ්බ නිසා වැලි වලින් හදපු රවුමක් ඇතුලේ තිබ්බ රතු රෝස මලට මම ලේ දැම්මා. එවලේ පූජකතුමා කිව්වා,
“මේ රෝස මල උඩ තියන ලේ ටික විතරක් මෙතනින් අතුරුදහන් උනොත් මේ ආත්මේ සාමාන්‍ය ප්‍රබල ආත්මයක්, නමුත් රෝස මල කළු පාටට හැරිලා ලේ ටිකත් අතුරුදහන් උනෝත් මේ ආත්මේ ඉතාමත් දරුණු වගේම ප්‍රබල එකක්, දැන් හැමෝම දෙවියන් වහන්සේ ගැන විශ්වාස කරගෙන ටිකක් මෙතනින් දුරස් වෙන්න”
පූජකතුමා කිව්ව විදියට අපි එතනින් ටිකක් ඈතට ගියා. ඊටපස්සේ බංගලාවේ බල්බ් නිවිනිවී පත්තු වෙන්න ගත්තා, තිර රෙදි ගැලවිලා යන තරමට තද හුලං හමන්න පටන් ගත්තා,වැස්ස හොදටම වැඩි උනා, දෙවැනි තට්ටුවේ වගේම තෙවන තට්ටුවේත් ජනෙල් වල වීදුරු බිදෙන්න ගත්තා, සාලේ මැද එල්ලලා තිබ්බ ලොකු ලාම්පුව බිමට වැටිලා කුඩු උනා.ඒක වැටෙන කොට නම් අපිව ගැස්සුනා.
ඒ දේවල් වලට කොච්චර බය උනාද කිව්වොත් අපිට මහා වැස්සේත් දාඩිය දාලා, බයටම ඇස්වලින් කදුලුත් ඇවිල්ල මමයි මල්ලි වෙනමයි අම්මි තාත්ති වෙනමයි දෙපැත්තකට දිව්වා. මමයි මල්ලි පුටුවක් අස්සේ හැංගුනා, අම්මි තාත්ති කොහෙටද ගියේ කියලා වත් අපි දැනගෙන හිටියේ නෑ. තිබ්බ බය මරණ බයකට හැරුනේ අර රතු රෝස මල කළු පාට වෙලා තියනවා දැක්කම, ඒකේ මම දාපු ලේ ටික තිබුනෙත් නෑ.
පූජකතුමා අපි හැමෝටම ලගට කතා කරලා කිව්වා,
“මේ බංගලාවේ සැරිසරන්නේ ගොඩක් දරුණු ආත්මයක්, ඉක්මනටම මොනවා හරි කරන්න වෙනවා, පූජාවට ඕනේ කරන හැමදේම ලෑස්ති කරන්න මේ දැන්ම......”
අම්මි තාත්ති ඒ ටික ලෑස්ති කරලා දුන්නට පස්සේ අපි මතුරපු වැලි වලින් හදපු රවුමක් ඇතුලට ගිහින් එතන තිබ්බ පුටු දෙකේ අම්මි තාත්ති එකකයි මමයි මල්ලි එකකයි වාඩි වුණා. පස්සේ පූජකතුමා කිව්වා,
“දැන් මම පූජාව පටන් ගන්නවා, මේක කරන අතරතුර කාගේ හරි ශරීරයකට මේ ආත්මය ඇතුළු වෙයි. ඊටපස්සේ අපිට පුළුවන් මේ ආත්මයේ බල බිදින්න”
මමයි මල්ලි පූජාව කරන අතරතුරත් කතා වේවි දුක් උනේ නංගි ගැන, පොඩ්ඩ වෙලාවක් කතා කර හිටපු මල්ලි කතා කරන එක නතර කලා. මම මල්ලිට කතා කරද්දී එයා අමුතු දෙදරන කටහඩකින් මගෙන් “ඇයි”ඇහුවා.
එවලේ පූජකතුමා කිව්වා,
“පුතේ, ඔතනින් අයින් වෙන්න ඔය ඉන්නේ ඔයාගේ මල්ලි නෙවෙයි මලගිය ප්‍රාණකාරයා”
ඒ කිව්ව දේ අදහගන්න බැරුව මම මල්ලිගේ මුණ දිහා බලාගෙන හිටියා, එකපාරටම එයා මගේ මුණ දිහා බලලා “මරනවා”කියලා කිව්වා.
මම කෑගහගෙන අම්මිලා හිටිය පුටුවට දිව්වා.
පස්සේ පූජකතුමා ඒ මැරුණු කෙනාගේ ආත්මයෙන් ඇහුවා
“ඇයි, තමුන් මේ අහිංසක ළමයින්ගෙන් පලි ගන්නේ? තමුන්ට මොනවද ඕනේ?”
ඉතින් මල්ලිගේ ඇගේ හිටිය ඒ ආත්මේ අමුතු බය හිතෙන කටහඩකින් කිව්වා,
“මුන් කියලා අමුතු වෙනසක් නෑ, මගේ බංගලාවට එන යන එකෙක්වත් මම ඉතුරු කරන් නෑ මං මේ මුළු ලෝකෙටම වෛර කරනවා”
එහෙම කිව්ව වෙලාවේ දැනිච්ච බය මට මීට කලින් කවමදාවත් දැනිලා තිබුනේ නෑ. මම ඇත්තටම හිතුවේ මම ජිවත් වෙන අන්තිම මොහොත තමයි ඒ කියලා.
ඊටපස්සේ පූජකතුමා මොකද්ද කෙම් ක්‍රමයක් කරලා මල්ලිගේ ඇගේ හිටියා බූත ආත්මය ටික වේලකට අඩපන කලා.
“මේ මලගිය ප්‍රාණකාරයාගේ බැල්මෙන් නිදහස් වෙන්න වගේම ඒ කෙනාගේ ශාපය නැති කරන්න නං එයාගේ මිනිය භුමදානය කරපු තැන හොයාගෙන ඒ දිරා ගිය අස්ථි කොටස් ගින්නට දාලා පුළුස්සන්න ඕනේ. එතකොට ඒ ආත්මයට විනාසකාරී වැඩ කරන්න ලැබෙන්නේ නෑ.”
කියලා පූජකතුමා අපිට උපදෙස් දුන්නා.
ඉතින් මොනවා කරන්නත් මිනිය හොයාගන්න ඕනෙනේ කියලා මට හිතුනා... එවලේ තාත්තිටත් තිබ්බේ ඒ ප්‍රශ්නෙමයි... ඒක තාත්ති පූජකතුමාගෙන් ඇහුවම,
“ක්‍රමයක් තියෙනවා,ඒ ගෑනු කෙනාගේ මිනිය තියෙන්නේ අනිවාර්යෙන් මේ බංගලාව වටේ තියන කැලෑ තීරුවේ, මොකද ඒක කෙනෙක්ගේ අතින් වුණු ඝාතනයක්,ඒ නිසා වැඩි දුරක අරගෙන යන්න විදියක් නෑ.අහගන්න මේක ඒ විදියටම කරන්න, පොල් ගෙඩියක් අරගෙන ඒක උඩින් කපුරු පෙති තුනක් තියලා කැලෑ තීරුවට ඇතුළු වෙලා ඒ කපුරු පෙති දල්වන්න. ඊටපස්සේ ඇවිදගෙන යන්න, එහෙම ඇවිදගෙන යද්දී මිනිය තියන තැනදී ඒ දල්වපු කපුරු පෙති නිවිලා යනවා.. ”
ඒක අහලා තාත්ති, ඒ බංගලාවේ සේවකයෝ කිහිපදෙනෙක් ගෙන්නලා මිනිය තියෙන තැන හොයා ගත්ත. ඒ මිනිය හොදටම දිරල ආපු ගදට මටයි මල්ලිටයි වමනෙටත් ආව. ඒ තරම් ගදයි, ඉතින් ඒකේ ඉතුරු වෙලා තිබ්බ අස්ථි කොටස් අරගෙන, තාත්ති ඒ ටික පූජකතුමාට ගෙනිහින් භාරදුන්නා.
ඒ අස්ථි කොටස් ටික පූජකතුමා අගුරු සහිත භාජනයකට දාලා කුරුස තුනකින් ඒක වට කලා. පස්සේ අස්ථි කොටස් ටික පිච්චුව. ඒ වෙලාවේ ලොකු විලාප හඩක් එක්ක
“ඇයි උබලා මට මෙහෙම කලේ”
කියලා අමුතු සුදු එළියක් එක්ක අර අස්ථි දාලා පුච්චපු බාජනය පැත්තෙන් ඇහුනා.
මට පස්සේ හිතුනා ඒ ගෑනු කෙනා පව් කියලත්,ඒත් මොනවා කරන්නද එයා කලේ ලොකු වැරද්දක්නේ...
ඒත් ඉතින් ලොකු ප්‍රශ්නයකින්නේ බේරුනේ, මට මේ වෙච්ච දේවල් ඇත්තටම හීනයක් වගේ නංගි නැති වුණු එකත් මට නම් තාම හිතා ගන්න බෑ. ඒත් තවත් හතර දෙනෙක්ගේ ජිවිත බේරුනානේ කියලා අපි සතුටු උනා.
අපිට ලංකාවෙන් යන්නත් තිබ්බේ ඊට පහුවෙනිදා,
අපි ලංකාවෙන් යන දවසේ අපි උදේම දේවස්ථානයට ගිහින් ආශීර්වාද ලබා ගත්ත. ඊටපස්සේ අපි ගුවන්තොටුපලට ගියා.අපේ පවුලෙන් එක සාමාජිකයෙක් දෙවියන් වහන්සේ ළගට යැව්ව ඒ ප්‍රශ්නේ විසදුණු නිසා අපිට ලොකු සැනසීමක් වගේම ලොකු නිදහසක් දැනුනා, හැබැයි සතුටු වෙන්නත් අපිට බැරි උනා මොකද නංගි නැති අඩුව අපිට තදින්ම දැනුන.ඒත් අපි එදා හවස පහට තිබ්බ ගුවන් යානයෙන් මගේසිහින දේශය උන දකුණු කොරියාවට ගියා.
මම මේ උනු සිද්ධියත් එක්ක කියන්නේ කිසිම වෙලාවක,කිසිම දෙයකට, කොච්චර හදිස්සි උනත් හොයන්නේ බලන්නේ නැතුව ඒ දේවල් කරන්න යන්න එපා, මොකද ඒකෙන් මුහුණ දෙන්න වෙන දරුණු ප්‍රතිවිපාක ඔයාට හිතාගන්නවත් බැරි වෙයි.............
නිමි!
Writer - Sandu Dissanayake....🌹