"මොකද ළමයො .. කවුරුත් දැක්කෙ නෑ. " ආදිශ් සොදුරු දිහා බලල ලස්සනට හිනා වුනා.
" ආදි ..."
" ම්ම් ..."
"ඔයා ගාව හරි සුවදයි , රස්නෙයි . මං ඒකට ආසයි "
" ඔයා ගාව නම් ගදයි , සීතලයි . මං ඒකට ආසයි "
" ආදිහ්..... එහාට වෙනව ගදයිනෙ .. මොකටද ළගට එන්නෙ "
" ම්හ්ම් ..හෙට එනව නේද .. "
" ඔයා එනව ද ? "
" ඕ.. "
" මාත් එනවා "සොදුරු ඉස්කෝලෙ ගේට්ටුවෙන් ඇතුලට යද්දිම කවුද පොඩි එකෙක් දුවන් ආවා.
" අයියෙ ආදිශ් අයියා ඔයාට ලැබ් එක පිටිපස්සේ අරලිය ගහ ගාවට එන්න කිව්වා "
කියපු ගමන් පොඩි එකා ආපහු හැරිල දිව්ව . සොදුරු ගේ පපුව මොකද්ද උනා වගේ දැනෙද්දි බඩ ඇතුළෙ සමනල්ලු පියාබන්න හදනවා වගේ දැනුනා.
පන්තියට ගිහින් බෑග් එක තියලා කිව්ව තැනට යද්දි හතට වත් නෑ. තාම මීඩියා යුනිට් එකේ සිංදු දාන එවුනුත් නිදිද කොහෙද .
" ආදි ..ඇයි එන්න කිව්වෙ ?"
සොදුරු යද්දි ආදිශ් බිත්තියකට හේත්තු වෙලා අනික් පැත්ත හැරිල ඉන්නවා.
ආදිශ් මේ පැත්තට හැරුනෙම ලස්සන මල් හිනාවක් එක්ක. අතේ මොකද්ද බෑග් එහෙකුත් එල්ලන් .
" Good Morning ..
ඔය ළමය චොක්ලට් වැඩි කේක් වලට ආසයි කියලා ආරංචියක් ආවා.. " ආදිශ් අර බෑග් එක සොදුරු ගේ පැත්තට දික් කළා..
" ආනේ.. ආදිහ්... ඇයි ඔයා කරදර වෙන්නෙ ... ?"" මට ඔය ඇස් දෙක කරදරයක් වෙන්නෙ එක වෙලාවකට විතරයි."
" ඒ කොයි වෙලාවටද ? "
" ඔය ඇස් වලින් මගෙ දිහා ඇරෙන්න වෙන එවුන් දිහා උනහපුලු පැටියෙක් වගේ බලන් ඉද්දි ..."
" ආපෝ... ඉරිසියාකාරයා "
" ඉරිසියයි තමයි .. ඇයි ගහන්නද .. හැටි විතරක් උනහපුලු පැටියගෙ "
" ආදිහ් මේ.. ඔයා තාම දන්නෑ මේ උනහපුලු පැටියගෙ හැටි "
" ඇත්තට .. හිතුනා... "
" මොනවද හිතුනෙ.."" අල්ලගෙන ඉබින්න හිතුන .. "
" ආදිහ් .... "
YOU ARE READING
_සංසාර_ [ONGOING] [BL]
Roman d'amourආත්ම ගාණක් පතන් ආපු ආදරයක්.... ඒත්.... ඒ ඇස් වල අයිතිකාරි... මේ ආත්මෙ කොල්ලෙක්නම්.... ❤️