❤අඩෝ බුරූවෝ නැගිටපන්. රස්සාවට
යන පලවෙනි දවසෙම රස්සාව ගහල යයි වගේ😇අනේ මොකක්ද බන් උදේ පාන්දර කන් කෙදිරි ගාන්නේ. අද lecture තියෙන්නේ රෑටනේ බන්
❤මගුල් lecture එකක් ගැන නෙමෙයි කිව්වෙ. අද වැඩට එන්න කියලා හශේන් සර් කිව්වා නේද
👻අප්පට සිරි ඔව්මයි.. අඩෝ කල්පනයා නැගිටපිය යකෝ
😇වෙලාව කීයද බන් දැන්
❤දැන් 6.30 කිට්ටුයි
😇අප්පට සිරි එච්චර වෙලා නිදාගෙනද බන්. ඇයි යකෝ නැගිට්ටුවේ නැත්තේ
❤කොහෙද බන් නැගිට්ටුවේ නැත්තේ. උබලාට මන් මේ පාන්දර 5 ඉදලා.කූද්දන්නේ
👻ඇති බන් දැන්.. යමන් කල්පනයා ඉක්මනට ලෑස්තිවෙලා එමු