පස්වන හෝරාව

110 20 45
                                    









ලබ ඩබ්..ඩබ්....ලබ ඩබ් ඩබ්...

ලබ ඩබ්..ඩබ්....ලබ ඩබ් ඩබ්...

මගේ පපුව එකසිය ගානට ගැහෙනවා...දෙයියනේ මම අද ඉදන් ඉන්නෙ මගේ චූටි මහත්තයත් එක්ක නේද කියලා මතක්  වෙනකොට මුලු හිතම මහ අමුතු නොසන්සුන්කමකින් පිරිලා යනවා...අනේ..මට බැහැ...ඇයි මටම මෙහෙම වෙන්නෙ...මම ප්‍රාර්තනා කරේ මගේ චූටි මහත්තයා හම්බෙන්න කියලා විතරනෙ.. මෙච්චර ඉක්මනට මං කෝමද එයා එක්ක එක ගෙදරක ඉන්නෙ..

ආආ..මෝඩ කේෂ්...ඔයා හිතනවා වැඩී..තමුන් චූටි මහත්තයගෙ සේවකයා වෙලා එහෙට යනවා මිසක් අඹුව නෙවෙයි හරිද...

මගේ හිතම මට කින්ඩි දාද්දි මම ඇදුම් බෑග් ටිකත් අරන් පහලට ආවා...අද තමයි දවස..මං චූටි මහත්තයගෙ ගෙදර වැඩට යන පලවෙනි දවස...චූටි මහත්තයා ගෙදර වැඩ කරන කෙනාව පිටට යවන්න කැමති නැති නිසා මට එහෙ නවතින්න වෙනවා... පොඩි නෝනගෙ නම් එහෙමට කියලා කැමැත්තක් නැහැ මං එහෙ යනවට..ඒ උනාට බෝඩිම් ගාස්තු ගෙවන්නයි මේ කොලඹ රටේ බඩගාන්නයි සල්ලි ඔක්කොම සීයගෙන් ගන්න බැහැ...අනික මං දැන් චූටි මහත්තයගෙ ගෙදර නැවතුනා ම බෝඩිමට සල්ලි ගෙවන්න ඕනත් නැහැනෙ...තව අවුරුදු දෙකයි..ඊටපස්සේ මේ හැමදේම හරි යාවි...

ලොකු නෝනගෙ නංගි නිසා මං මේ බෝඩිමේ නෝනට පොඩි නෝනා කියලා කතා කරන්නෙ..කොහොමත් පොඩි නෝනා මොනව කිව්වත් ඒ මනුස්සයො අපිට වඩා ලොකු මිනිස්සු..අපිට උන් එක්ක පෑහෙන්න යන්න බෑ..

මම කල්පනාව එක්කම පහලට ඇවිත් බැලුවෙ පොඩි නෝනා කෝ කියලා...කවුරුත් පේන්න නැහැනෙ...මං හෙමිහිට ඇවිදගෙන ගියේ පොඩි නෝනගෙ ඔෆිස් කාමරේ දිහාට...

"කේෂ් අයියාහ්හ්..."

අහ්..ඔය ඇහෙන්නෙ පොඩි මෑන්ගෙ සද්දෙ..මං පිටිපස්ස හැරුණා..

"කේෂ් අයියා යන්නද හදන්නෙ..."

චූටාගෙ මූන අහක බලන් දාපු ආප්පයක් වගේ...මමත් හීනියට හිනාවක් කොල්ලට දුන්නා...

"ඔව් චූටා...මං දැන් යන්නෝනනෙ...කෝ නෝනා කොහෙද..."

"මමා නම් එලියෙ...එන්න යං අපි දෙන්නත්..."

අවිනිශ්චිත හෝරා..Where stories live. Discover now