තේව් නෙත්රුගේ දෑස් අතර අතමං වී සිටින අතරවාරයේ නෙත්රු තේව් වෙතට සමීප වූවා. තේව් හට නෙත්රුගේ දෑත් අතරින් ගැලවීමට උවමනා වූවා. තේව් හට නෙත්රුගේ දෑස් වල මායාවෙන් මිදී පලා යාමට අවැසි වූවා. නමුත්……
තේව්ගේ ගැහෙන හදවතට මේ මොහොත තව තවත් විඳ ගැනීමට අවැසි වූවා. ඒ ඇස් වල සිරකාරයෙක් වීමට අවැසි වූවා.
නෙත්රු හෙමිහිට තේව් වෙතට නැඹුරු වූවා. ඔහුගේ තොල් හෙමිහිට තේව්ගේ කන්පෙති වලට සමීප වූවා. නෙත්රුගේ උණුසුම් සුසුම් තේව්ගේ සීතල කන්පෙති මත දැවටී ගියා. ඒ මොහොතේ තේව්ගේ දෙනෙත් පියවී ගියේ ඔහුටත් නොදැනීමයි.තේව් ගැඹුරු සුසුමක් පිට කළේ හදවතේ තිබූ නොසන්සුන්භාවය නිසායි.
“ඇස් දෙකෙන්ම ගිලින්නද හදන්නේ මාව, ම්……..”
“අහ්!”
තේව් නෙත්රුගේ කටහඬත් සමඟ පියවි සිහියට පැමිණි අතර තේව්ගේ දෙනෙත් විශාල වී ගියේ සිදුවූ දේ සිහිපත් වූ නිසාවෙනි. ඔහු වහාම නෙත්රුව පසෙකට තල්ලු කර ඔහුගේ ග්රහණයෙන් මිදීමට උත්සහ කළත් නෙත්රු නැවතත් තේව්ව තදින් අල්ලා ගත්තා.
“ආයේ වැටෙන්නද හදන්නේ?”
“ඇහ්?”
“ආයේ වැටෙන්නද ඕනේ? මට බෑ ඔයාව සැරෙන් සැරේ නැගිට්ටුවන්න.”
“එහෙම හැම වෙලෙම වැටෙන්න මම බබෙක් කියලා හිතුවද?”
“තමුන් වැඩ කරන්නේ හරියට බබෙක් වගේ තමයි.”
“මං කිව්වා කියලා හිතාගනිම්”
“තමුන්ගේ වචන පරිස්සමින්!”
YOU ARE READING
Deja Vu_BL Non Fic_
Non-Fictionදෙහදක නිපන් නොකියූ ආදරය 🥀❤️ ආදරය සුන්දර හැඟීමක්. ආදරයට සම්මතයක් ගොඩනැගුවේ කවුරුන්ද? ආදරය කිරීම ජීවිතයෙන් වන්දි ගෙවීමට තරම් වරදක්ද? ආදරයක් සෙනෙහසක් නොලැබුණු මට ඒ ආදරය ලැබුණේ නුඹෙන්ම පමණයි.