07.

355 25 12
                                    

එකපාරටම හරක් රැලක් වගේ සෙට් එකක් කඩන් පාත් උනා කැන්ටිම අස්සට.

"ඒ පොඩි එකා නැගිටපන් ඔතනින්... අද ඉදන් අපියි ඔතන ඉන්නෙ."

කවුද යකෝ ඒ ! අපි තුන්දෙනත් ඒ කටහඬ ඇහුන පැත්තට හැරුනා... හැරුනත් හරි එතන හිටපු එකාව දැකලා මට දෙලෝ රත් වුනා.

විශාල් අයියා !!

"ඒ සෙහසා, අර බලපන්කො අර යකා ආපහු ඉස්කෝලේ ඇවිත් ද බන්"

"ඒ වගේ නේ...හැබැයි පහන් ඕකා ආපහු අපේ යෙවිංසයාට වදයක් වෙයිද දන්නෑ"

"මේ ඕයි, මං සිරාවටම අහන්නෙ බන්... ඇයි අර මිනිහට අපෙ එකා කියන හත්වලාමක් තේරෙන්නෙ නැත්තෙ"

"අනේද බන් කියන්නෙ... හැබැයි යෙවිංස අදනම් උඹට අනං මනං කියන් ආවොත් නම් මං ඉවසන්නෑ බන් ගහනවා මේ පිඟානෙන්ම හරිද ගස් පකයට..."

ඕකනෙ කියන්නෙ ඉතින් බෑනෙ මුන් එක්ක කරන්න ඔක්කොටම කලින් අතපය ඉස්සර කරගන්න හදනවනෙ... කොහොමටත් සෙහස්ව නම් ශුවර් ම නෑ මට, මේකාටත් ආය එසේ මෙසේ කේන්තියක් නෙවෙයි නෙ යන්නෙ... අපේ සෙට් එකෙන් ඉවසීම අඩුම එකා තමා මූ. කිව්වත් වගේ දීලා ඇරියොත් එහෙම... අනිත් එක මං ආස නෑ කවුරුත් මං නිසා රණ්ඩු කරගන්නවට.

"හරි හරි බන්... බොරුවට රණ්ඩු වලට පැටලෙන්න ඕන නෑනේ.. අපි ඌව දැක්කෙ නෑ වගේ ඉමුකො"

"අනේ මේ යෙවිංසයා, උදේ පාන්දර මගෙන් වඳුරු කුනුහරප අහගන්නෙ නැතුව ඉඳපන්... හැමදාම ඌට බය වෙලා ඉන්න බෑනෙ..."

සෙහස් ට නම් ලෙසටම මල පැනලා වගේ දැන් නම්.... මූ ඉන්නවා නිකං අරූව මරන් කන්න වගේ බැල්මක් දාගෙන.

"හරි බන්... අපි පාඩුවේ ඉමුකො, ඌ තාම අපිව දැක්කෙ නෑනේ ඉතින්."

"මේ ඕයි, තෝ හිතනවද මෙච්චර මේ ඇහැට කනට පේන්න ඉන්න උඹව ඌට පේන්නෙ නැතිවෙයි කියලා... ඌ උඹව දැක්කම නිකන් සීනි වලට ඇදෙන ඇඹලයා වගේ උඹෙ පස්සෙන් එන්නෙ..."

මොනා වුනත් සෙහස් ගෙ කතාව ඇත්ත. විශාල් අයියා දැන් අවුරුදු දෙකක් තිස්සෙ ඉඳන් මගේ පස්සෙන් එනවා. හැබැයි මට නම් මේ වෙනකන් ඒ මිනිහා ගැන අබමල් රේනුවක තරම්වත් කැමැත්තක් ඇතිවෙලා නෑ. ඒකා නම් කියන්නෙ ඌ මට ලව් කරන්නෙ සිරාවටම ලු. ඒත් බැලුවොත් මූට හතරවටේටම කෙල්ලොයි කොල්ලොයි ඔක්කොම ඉන්නවා. ඉතින් ඒවගෙ සල්ලාලයෙක්ට කැමති වෙන්න මට කොහෙවත් අමාරුවක් නෑනේ.
විශාල් අයියා කියන්නෙ අපේ ඉස්කෝලේ සීනියර් ප්‍රිෆෙක්ට් කෙනෙක්...ඌත් නුදේන් අයියලගෙ වයසෙමයි. හැබැයි නුදේන් අයියට වගේ හැන්සම් ඩීසන්ට් ලුක් එකක් නම් මූට නෑ, විශාල් අයියා තනිකරම රස්තියාදුකාරයෙක් වගේ, කොන්ඩෙත් වවාගෙන... ඉස්කෝලේ ළමයෙක් ගෙ පෙනුමක් ගෑවිලා වත් නෑ... කොහොම හරි ගිය සතියේ ඌ පාරෙදි අල්ලපු ඉස්කෝලේ සෙට් එකක් එක්ක වලියක් දාගෙන සති තුනකට ඌව ඉස්කෝලෙන් සස්පෙන්ඩ් කරා. මං හිතන්නෙ මුගෙ සස්පෙන් එක ඉවර වෙලා අදද කොහෙද ඉස්කෝලේ ඇවිත් තියෙන්නෙ.

නිලැස්Where stories live. Discover now