👻ඉෂාන් නැගිටින්න කොල්ලෝ අක්කව බලන්න යන්නෙ නැද්ද
❤ම්ම්ම්ම් .. අක්කට ..කරදරයක් නැතුව ඇති නේ බන්
😇උබ බය වෙන්න එපා බන් අක්කට මුකුත් වෙන්නෙ නෑ. හොද එකා වගේ ගිහින් ලෑස්ති වෙන්නකෝ. අපි දෙන්න ලෑස්ති වෙලා ඉන්නේ . 6.15 කොලඹට යන්න train එක එනවා..
❤ම්ම් .. මන් එන්නම්
ඉෂානුත් ලෑස්ති වෙලා ආවට පස්සෙ කවීෂ කතා කරලා තිබ්බ taxi එකට නැගලා තුන් දෙනාම station එකට ගියා.
👻උබලා දෙන්නා ගිහින් කෝච්චියට නැගපන් මන් ටිකට් අරන් එන්නම්
😇හා බන්.. යන් ඉෂාන්
❤හ්ම්
😇අනේ බන් ඔහොම මූන එල්ලන් ඉන්න එපා බන්.. උබ ගැනත් දැන් මට බයයි. උබ ඔහොම ඉදලා පිස්සෙක් වෙයි බන්..
❤අපරාදේ බන්. මට අක්ක ඉස්සර ඉදන්ම කිව්වා campus යන්න ඕනේ නෑ කියලා. මන් ඒක අහන්නේ නැතුව හිතුවක්කාර උනානේ . මන් මෙහේ එන්නේ නැතුව්ව හිටිය...
😇මගුලක් කියවන්න එපා බන්. උබ හොදට ඉගෙන ගන්න කොල්ලෙක් ඔය වගේ කතා කියන්න එපා බන්.campus තේරිලා නොයා ඉන්නවා තරන් මෝඩ කමක් නෑ තවත්
❤ඒත් බන් අක්කා ...
😇මන් දන්නවා . ඒත් ඔයාට ඔයාගෙම කියලා ආසාවක් තියෙන හින්දනේ මෙහේ ආවේ.ඒක විතරක් ඔලුවේ තියාගන්න බන්
❤මන් හින්දා අක්කත් දුක් විදිනාවා බන්. ඔය ලෙඩේ හැදුනෙත් මට උගන්නන්න එක එක රස්සාවල් කරන්න ගිහින්. මට තේරෙන වයසේ ඉදන් අක්කා කීතැනක රස්සා කරන්න ඇතිද.. මට නිකන් වත් කිව්වෙ නෑ මෙහෙම දෙයක් ගැන. අන්තිමට අමාරු උන දවසේ තමා මාත් දැනගත්තේ. මන් කරුමයක් නේද. ඒ හින්දා නේ .....
😇එක වචනයක් කියන්න එපා බන් . අපිට උබව ඒ විදිහට කවදාවත් තේරිලා නෑ. මේ හිටපු සති ගානට උනත් මට එහෙම දෙයක් ගැන හිතලා නෑ. අඩන්න එපා බන්. උබ ඕක ගැන හිතන්නේ නැතුව පොඩ්ඩක් නිදාගනින් . ඊයේ දවසට කාලා නැති හින්දද දන්නෙ නෑ උබේ ඇගත් ටිකක් රස්නෙයි.මේ පැනඩෝල් දෙක බීලා නිදාගන්න බන්.
❤හ්ම්ම්ම්
👻අඩෝ මන් ටිකට් අරන් ආවා. අම්මෝ එතන හෙනට සෙනග.කෝ ඉෂාන් ..