"Uwu, what a cute couple."
"එයාලා දෙන්නා පුදුම තරම් මැචින් කපල් එකක්.."
_ "ඇත්‍තටම.. එයාලා බ්‍රේකප් උනා කිව්වම මට මාර දුකක් දැනුනෙ.""එයාලා ආයෙමත් ඩේටින්.. මං හිතුවා."
"සෝ ප්‍රිටීඊඊ"
ජේන් ig upload කරලා තිබුනු ඒ දෙන්නගෙ ශූටින් අතරතුරේදි ගත්තු ෆොටෝ එකට වැටිලා තිබුනු කමෙන්ට්ස් නිකමට වගේ කියවපු ටේහ්‍යොන්ග්ට ෆෝන් එක පොලොවේ ගහන්න හිතුනත් එයා ඉවසුවා. මේ වෙලාවෙ එයාට ඒකට විරුද්ධව මුකුත් කියන්නත් බෑ. අලුත් සීරිස් එකේ මේන් කපල් එක ඒ දෙන්නා නිසා අනිවාර්යයෙන්ම fan service ඕනෙ වෙනවා. ජේන් ඒ අවස්ථාව පාවිච්චි කරලා ඒ දෙන්නගෙ සම්බන්ධෙ ආයෙමත් තියෙනවා කියලා පෙන්නන්න හින්ට්ස් දෙන්න පටන් අරන්.
"කමක්නෑ.. තව ටික කාලයයිනෙ.. එතකන් නටන්නකො." තොල් මතුරපු ටේහ්‍යොන්ග් ෆෝන් එක පැත්තකට විසිකරලා සෝෆා එකේ දිගාවෙලා ඇස් පියාගත්තා.
අද ජන්ග්කුක්ට එයා අලුතින් භාරගත්තු ඩ්‍රාමා එකේ ශූටින් වැටිලා නිසා අදත් ඒ දෙන්නට මීට්වෙන්න බැරිවෙයි කියලා ටේහ්‍යොන්ග්ට හිතුනා. ඊයෙ එයාගෙ ශූටින්..පෙරේදා ඒ දෙන්නට දවසම ශූටින්. එහෙම බැලුවම ඒ දෙන්නට දැන් සතියකින් විතර නිදහසේ ගත කරන්න කාලයක් ලැබිලා නෑ.
ඒත් ටේහ්‍යොන්ග්ට ඒ වෙලාවෙ ජන්ග්කුක්ව බලන්න ඕනෙම උනා. ඇඳගෙන හිටපු ඇඳුමට උඩින් බයික් ජැකට් එක දාගත්තු ටේහ්‍යොන්ග් කැප් එකයි sunglasses දෙකයි දාගෙන එයාගෙ බයික් එකේ යතුරයි හෙල්මට් එකයි අරන් අපාට්මන්ට් එකේ දොරත් වහගෙන පහලට ආවා.
ටේහ්‍යොන්ග් බයික් එක යූස් කරේ එයාට කාගෙවත් ඇහැ නොගැටී යන්න ඕනෙ තැන් වලට යන්න. සාමාන්‍යයෙන් එයා ගියෙ හෝසොක් එක්ක එයාගෙ professional ගමන් බිමන් වලට යූස් කරපු කාර් එකේ නිසා ගොඩක් අය ඒකෙ අංකෙ දැනගෙන හිටියා.
YOU ARE READING
He's Trouble [Taekook] ✔️
Fanfiction"ඔහු සම්පූර්ණයෙන්ම ප්‍රහේලිකාවක් විය. හැමෝම මට අනතුරු ඇඟෙව්වා, ඔහුගෙන් ඈත් වෙලා ඉන්න කියලා. නමුත් ඔහුගේ ගුප්ත බවින් පිරී ගිය ගැඹුරු දෑස් පළමු දිනයේදීම මා වශී කරගන්නට සමත් වෙද්දි මං තේරුම් ගත්තා මම ලොකු අමාරුවක වැටුනා කියලා." ...