Hi... කොහොමද...?
Announcement එකක් දෙන්න තරම් හෑල්ල දිග වැඩි නිසයි හොඳේ මේ...😂
මුලින්ම මම සමාව ඉල්ලනවා ඔයාලා හැමෝගෙන්ම.... මොකද මෙච්චර දවසක් මාව විශ්වාස කරලා කතාව කියවපු වගේම තාමත් කියවන ගමන් හිටපු ඔයාලට තව දුරටත් "මගහැරී" කියවන්න දෙන්න වෙන්නේ නෑ...වෙච්ච දේවල් ඉතින් අමුතුවෙන් පැහැදිලි කරන්න දෙයක් නෑනේ...ඒ කියලා මම කාටවත් චෝදනා කරන්න යන්නෙත් නෑ...එයාලගේ ප්‍රශ්න එයාලා විසඳගත්ත දෙන්... මොකද මෙච්චර කාලෙකට මම ඔය කිසිම ප්‍රශ්නෙත් හවුල් වුන කෙනෙක් නෙමෙයි.... ඉස්සරහටත් එහෙම්මමයි...
කෙටියෙන්ම කිව්වොත් අනුන්ගේ කුණු මට අදාල ම නැත...
හැබැයි කතාව unpublished කරේ රැල්ලට නම් නෙමෙයි මොකද මීට කලින් පාරකුත් මේ වගේම ප්‍රශ්නයක් වුන වෙලාවෙත් මම දිගටම updates දුන්නා...
හැබැයි ඒ දවස්වල තිබුණු තත්වයට ගොඩක් වෙනස් තත්වයක් තමයි දැන් Wattpad එක ඇතුලේ තියෙන්නේ...
බැරිවෙලාවත් "සත්‍ය කතාවක් ඇසුරෙන්" කියන tag එක වැදිලා මේ කතාව Viral වුනොත් වෙන දේ අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ... ඒත් මගේ නමින් ප්‍රශ්නයක් වෙලා කතාව නැති උනොත් මට හිත හදාගන්න පුලුවන් හැබැයි, මේ කතාවේ චරිත වලට මගේ පුංචි නොසැලකිල්ලකින් හරි ලොකු ප්‍රශ්නයක් වෙන්න තියන ඉඩ කඩ මේ කතාව ගෙතිලා තියන ස්භාවය නිසා වැඩී... විශේෂයෙන්ම මේ කතාවේ ප්‍රදාන චරිත වලට තියන අවදානම ගොඩක් වැඩි...නිකමට හරි මම නිසා එහෙම දෙයක් උනොත් නම්,එක නම් මට කොහොමටවත් දරාගන්න බැරිවෙයි... මොකද එදාට මට ඉන්නේ මම විතරයි...
ඉතින් ඒ නිසා මම හිතනවා,කතාවට ආදරේ කරන ගොඩක් අයගෙත් අදහස විදිහට මේ වෙලාවේ ගන්න පුළුවන් හොඳම තීරණේ තමයි මම මේ ගත්තේ කියලා... මොකද මේ කතාව school romance, අනික මේ කතාව ගෙතිලා තියෙන්නේ ජාත්‍යන්තර පාසලක් වටේ... ප්‍රශ්නයක් උනොත් ජාත්‍යන්තරය පාසලක් එක්ක හැප්පෙන්න තරම් මට බලයක් නෑ...ඒ වගේම මම කවදාවත් කැමති නෑ මම ඉගන ගත්ත පාසලෙන්ම කවදා හරි මට විරුද්ධව කතා කරනවා අහන්න...
ඒ වගේම සමාව ඉල්ලනවා මුලින්ම ඒ ගැන මම ලොකු සැලකිල්ලක් නොදක්වපු එක ගැන...ඒ වැරැද්ද සම්පූර්ණයෙන්ම මම භාරගන්නවා... ඒත් ඉතින් ඒ දවස්වල තිබුණු Wattpad එකයි, දැන් තියන මේ Wattpad එකයි හාත්පසින්ම වෙනස්... ඒකත් ලොකු හේතුවක් වුනා මම ඒ ගැන ලොකුවට නොහිතන්න...