හත්වන හෝරාව

126 18 79
                                    

මං හැමදේම ලෑස්තියි කියන්න චූටි මහත්තයාගෙ කාමරේට යනකොට මං දැක්කෙ මට පිටුපාලා ඉන්න එයාව...ඒත්....

ආආආහ්හ්...ඇයි අනේ මේ මනුස්සයට රෙද්දක් ඇදගන්න බැරි... ආආආආආ...සීයේහ්හ්...තුවායක් විතරක් ඇදගෙන මට පිටුපාලා ඉන්න චූටි මහත්තයා දැක්කම මට උන් හිටි තැනුත් අමතක උනා...ඒ දේහදාරී ශරීරයේ කිසිම අඩුපාඩුවක් තිබ්බෙ නැ..අංගසම්පූර්ණ ඒ රූපේ පුරාම මගේ ඇස් යද්දි මටත් නොදැනිම මගේ කමිසේ අත් වලට පොඩිවෙලා ගිහින් තිබ්බා..

"ම්..මහත්..ත්යාහ්..."

මං මටවත් නෑහෙන ගානට කතා කරාට චූටි මහත්තයට ඒක ඇහූනා..

"ම්ම්..මොකද...."

චූටි මහත්තයා මගේ පැත්තට හැරෙද්දි මං ඉක්මනට බිම බලාගත්තෙ ඒ ඇස් දිහා බලාගෙන කතා කරන්න මගේ හිතට අමුතු ලැජ්ජාවක් දැනෙද්දි...

"ච්..මේ..මේ..ම්..මහත්තයා.."

ආආ..ටැපලෙනවනෙ අනේහ්හ්..ම්හුක්..මං ඔලුවට ටොක්කක් ඇන ගද්දි හොරැහින් දැක්කා චූටි මහත්තයා ලාවට හිනාවෙනවා...

"මේ..මහත්තයා..ඔක්කොම දේවල් හදලා තියෙන්නෙ..හැමදේම හරි..."

"ම්ම්..එහෙමද...ඒත් මට නම් පේන්නෙ මොනාහරි අමතක වෙලා වගේ..."

"ආහ්.."

මම ඔක්කොම දේවල් හරි කියනකොට චූටි මහත්තයා මට මොනවහරි අමතක වෙලා කියල කිව්වා..ඒත්..මං ඔක්කොම කලානේ..ම්ම්..කෑම හැදුවා..සාලේ අස් කරා..කුස්සියත් අස් කරා..කෑම ටික මේසෙට අරින්න විතරනෙ තියෙන්නෙ...ඒකත් අර එනවයි කියපු මහත්තයා ආවමනෙ...එතෝට මං ඔක්කොම කරලනෙ..මොනාද අමතක උනේ මට..

මං දහ අතේ අමතක වුනේ මොනාද කියල කල්පනා කරද්දි මට තව දෙයක් අමතක වෙලා තිබ්බා...ඒ..මං මෙච්චර වෙලා කල්පනා කරන ගමන් බලන් ඉදලා තියෙන්නෙ චූටි මහත්තයාගේ පපුව දිහා කියලා...හයියූ...වස ලැජ්ජාවයි...කේෂ් උබ නම්...ඒව්....

"මොනාද ඔච්චර කල්පනා කරන්නෙ...ම්ම්...මං දිහා බලාගෙන...."

"නැ..නැ..ම්..මේ මං ඔක්කොම දේවල් කරානෙ මහත්තයා..ම්..මුකුත් අමතක වුනේ නැ.."

"අමතක උනේ නැද්ද...ම්ම්..."

එහෙම කියන ගමන් චූටි මහත්තයා මගේ පැත්තට එන්න ගනිද්ද නම් මට චූ යන්න ආවා...ආආආ..ඕම එන්නෙපා අනේ...ඇදුමක් ඇද ගන්නකෝ....කියලා මගේ හිත කෑගෑහුවට කටින් එක වචනයක් පිට උනේ නැ...

අවිනිශ්චිත හෝරා..Where stories live. Discover now