හයවන හෝරාව

117 16 62
                                    

කෝ අනේ..තාම නැහැනෙ...අනේ ඇයි මෙච්චර පරක්කු...චූටි මහත්තයා එන්නකෝ....හුම්..වෙනදත් මෙහෙම රෑ වෙනවද දන්නෑ...මෙච්චර වෙලා යන්නෙ ඇයි අනේ..දැන් එකොළහටත් ලගයි...කාලත් නෙවෙයිනෙ ගියේ...පැය කීයක් බඩගින්නෙද අනේ...

මම දොර ලගට වෙලා බලාගෙන හිටිය...ඒ ගමන්ම මම බැලුවෙ මගේ බඩ දිහා...දවල් ඉදන් මම කාලා නැහැ...බඩත් කෑගහනවා....ඒත් චූටි මහත්තයා බඩගින්නේ ඉද්දි මං කොහොමද කන්නෙ...දහවෙනි වතාවට විතර කුස්සියට ගියපු මං කෑම ටික  නිවිලද බලලා ආයේ හැරිලා දොර ලගට ආවා...මම කෑම දැනට දෙසැරයක්ම රත් කරා...තාම චූටි මහත්තයා ආවෙ නැහැ...කරදරයක් නැතුව ඇති කියල උඩු හිත මම විහින් පාලනය කරගන්න හැදුවත් යටි හිත හරි හරියට කලබල වෙලා තිබ්බා..

හ්ම්ම්...මම දැන් දොරකඩ ලගට ඇවිත් පැය දෙකකට කිට්ටු වෙන්න වෙනවා...තාමත් චූටි මහත්තයා තියා එයාගෙ හෙවනැල්ලක්වත් පේන්න නැහැ...මට කියල කරන්න කිසිම දෙයක් නැහැ...කෝල් එකක් ගන්න කියලවත් නම්බරේ තියෙන එකක්ය...එහෙම තිබිලා කෝල් කරත් ඒ කෝල් එක ආපස්සට උස්සයිද කියන සැකෙත් මගේ හිත අස්සෙ තිබ්බා...

පෝය ලග නිසාදෝ මන්දා ඈත අහසේ පායල තිබ්බ අඩ සඳ දිහාවට මගේ ඇස් යොමුවෙද්දි හිත ඇතුලෙ පොරකාපු කියාගන්න නොතේරෙන හැඟීම් ගොඩක් අස්සෙ අතරමං වෙච්ච මට දැනුනෙ මොකක් හරි රස්නෙ දියරයකින් මගේ කම්මුල් තෙමෙනවා... අහේතුවකටම ඇස් අගින් බේරුණ අකීකරු කදුලු බිදු වලට දෙන්න නමක් නොතේරුන මම හිත අස්සෙ පොරකාපු හැඟීම් තෝර බේරගන්න හිතුවත් මගේ අවධානෙ වෙනස් උනේ වත්ත ඇතුලට දාපු කාර් එකේ සද්දෙට...

හනිකට කම්මුල් මත තිබ්බ කදුලු පිහගත්ත මං මෙච්චර වෙලාවක් හේත්තු වෙලා හිටපු උලුවස්ස ලගින් මෑත් වෙලා ටිකක් එහාට ගිහින් හිටගත්තා...

කාර් එකේ දොර දඩාං ගාලා වහලා ෆෝන් එකට ඔබ ඔබාම ඇතුලට ආපු චුටි මහත්තයා මාව දැක්කෙ නැති බව මට සීයට දාහක් විස්වාසයි~..ඒත්..~...

"ඔතන බකන් නිලන් ඉන්නැතුව මට වතුර එකක් අරන් එනවා..."

"හ්..හරි..මහත්තයා.."

අවිනිශ්චිත හෝරා..Where stories live. Discover now