31

410 103 34
                                    

" දිලිසි දිලිසි තියෙනකොට හපන්න හිතෙනවනේ ගමියො .. ඉතින් මොකද උනේ?"

" මොනවා වෙන්නද අද මීෂා ඩේවාන් එක්කන් රන්ඩු වෙලා ඩෙවාන් අඬන්න ගත්තා දෙන්න රන්ඩූ උනා ගෑනුන්ගෙ වලි බලාන් හිටියා.  උන් දෙන්නම අපි දෙන්නට පොර කනවා බලන්න නේද අපිට තියෙන ඉල්ලුම හහහ්හා..ඒත් අපි අපි මේ චූටියෙ පස්සෙ යනවා පිස්සු වැටිලා.."

සිද්ධාර්ත් දෙන්නම හිනා උනා.. ලෝකෙටම හැංඟිලා තියෙන ඒ හිනා ඒලියට එන්නෙ එයාල එයාලගෙම ලෝක වල තනි උනහම විතරයි ..

" දැන් කෝල් එකක් අරන් බලන්න මයින්ඩ් බ්ලොක් ෆෝන් ඕෆ් අම්මාපා මූව හමගහන්න තරහයි සිද් මට.."

" දැන් දාහක් දේවල් හිතනවා ඇති.. ම්ම් මයින්ඩ් ඕපන් ඔයාම කතා කරන්න බයින්න යන්න එපා.ටග්ගලා ලෑස්ති වෙන්න ඕනේ ගමී යන්න "
.
.
--------------------------------------------------------------------------
.
මං හිටියේ නනා.. ඇඟේ එක කැලලක්වත් නැහැ .. කොන්ඩේ ෂැම්පො කර කර හිටපු මට මතක් උනේ ඊයෙ රෑ නිදාන් ඉද්දි ගෞතම් කතා කරපු එක 

" මොකද කරන්නේ චූටි මැනික.."

" හැමිනෙනවා අයාන් ..!"

ඔන්න ඔහොම පටන් ගත්ත කතාව නැවතුනේ මං ඌට බැනලා බැනාලා උත් මට බැනලා අපි දෙන්නම සිද්ධාර්ත්ගෙන් බැනුම් අහලා හැබැයි ගෞතම් කෑව කෑමනක් මට බැන්න කියලා හොදම වැඩේ ඒත් පෞ අප්පා මොක උනත් මගෙනේ..

" නටාලියා ! නුවාග්‍ර කෝ..!!"

අද මැන්ෂන් එක හරි හරියට බිසී.... මං හිටියේ කොන්ඩේ ඩ්‍රයී කරන ගමන් අවුරුදු ගානකට පස්සෙ ඩ්‍රයි කරේ..

මනාලයෝ දෙන්නයි මනාලී සැලෝන් ගිහින් .. ගෙදර ඉන්නෙ සවන්ට්ලා විතරයි එයලා ගෙදර සරසනවා.. හොටෙල් එකේ වෙඩින් එක තිබ්බට දෙවෙනි දවස තියෙනෙ ගෙදරනේ..

මං හිටියේ වෙස් ඇඳුම ඈඳින ගමන්..පොත් පොට දාන්න කවුරු හරී ඕනෙ නිසා මං නුවාග්‍රව ගත්තා..අනිත් ඒවා  පලපුරුද්ද නිසා මං තනියම ඇඳගත්තා.. උල්උඩය , පොත් පොට , ඉණ හැඩය , හඟල , බුබුලු පටිය ඔය ඔක්කොම දාන් උඩට අඳින්න ගත්තා.. කකුල් දෙකේ සිලම්බු දෙකනේ මුලින්ම දාන්නේ.

පපුවට අවුල්හැරය ඇඳගන අත්වලට කෛමෙත්ත , බන්ධි වලලු, දෙවුරමාලය දාම් කරපටිය දාන් තෝඩුපත් දෙකත් දාන් ඔළුවට පායිම්පත දාන් ජටාව දාල ජටා පටිය දාල අන්තිමට වෙස් තට්‍ටුව බැඳගත්තා..

Majesty Luna  ( complete )Where stories live. Discover now