33

524 110 48
                                    

කොච්චරක් බිව්වද මෙයා.!!?"

"ම්ම් දන්නේ නැහැ සර් වීණාව් සර් බාතෲම් යනවා කියලා ගියේ එන්න එපා කියලා.."

" මේ අහනවා මෝඩයා අතෑරපං කිවහම!!"

වීණාව් ගෞතම් අත හැපුවත් ගෞතම්ට දැනුනද කියල සැකයි..

" ආදිත්..!!"

" කොච්චර බිව්වද???!"

සිද්ධාර්ත් ඇහුවේ වැනි වැනි හිටපු වීණාව්ගෙන් ඒ ඩීප් ඉබේම සබ් වෙන වොයිස් එක ඇහුන ගමන් වීණාව් කෙලින් වෙලා ඇස් කොනෙන් සිද්ධාර්ත් දිහා බලලා ගොං හිනාවක් දැම්මා..

" වැඩිය නැහැ ඒයි හික්..හික්..බ්ලැක් බෝතකයක් විතරයි .."

ආදෙව්ගෙ කට ඉබේම ඇරුනේ ආරෝහුට කෙල හිරවෙලා හැදුන කැස්සට අනෝල් පිටට ගහාකොට.. ඈන් වගේම ඩේලිත් පුදුමෙන් බලාන් හිටියා 

" යන්..! "

" සර් ලොකු සෙ කිව්වා වීණාව්ව ගෙදර ගෙනියන්න කියලා ආදෙව් සර්ටයි එයාගෙ හස්බන්ටයි ලමයින්ටයිත් අද එහෙ එන්න කිව්ව්ව ඩැනියල් සර්ටත් එහෙට එන්න කිව්වා.. රාහුල් සර්ගෙ ෆැමිලි එක නිසා..වීණාව් සර්ගෙ යාළුවොන්ටත් එන්න කියන්න කිව්වා"

නුවාග්‍ර ටග්ගාලා පනිවිඩේ කිව්වා..කියලා වැනි වැනි ඉන්න වීණාව්ව ගෞතම් ටම දීලා එතනින් වාෂ්ප උනා.. ඔක්කොම මූණට මූණ බලාන් හිටියත් වීණාව් හිටියේ ඈතින් එන මනුස්සයෙක් දිහා බලාන්..

" ගර්ර්ර්ර්ර් ... "

ඔක්කොම පුදුමෙන් බැලුවේ වීණාව් දිහා.. ඒ ඇස් රත්තරං පාට වෙලා ආපහු රෝස පාට උනා..

" උඹට මම.."

වීණාව්ගෙ වෙරිත් හිඳුනා.. වීණාව් ලග තිබ්බ ගඩොල් බාගෙ අර්න් අඩි පහක් ඈතින් හිටපු මනුස්සයාගෙ ඔළුවටම දීලා ඇරියේ ඌ ඔළුව අල්ලන් නැවෙනකොට.. ඒත් තප්පරේන් ඒක හිල් උනේ එතන හිටපු අයට ඌ  fairies කියලා අඳුරගන්න වැඩි වෙලාවක් ගියේ නැහැ .. සුදු දිග කොන්ඩේ දිග මූණ නිල් පාට ඇස්..දකින ගානෙ වීණාව්ගෙ ඇගේ ලේ රත් වෙනවා..

" වීණාව්!!!"

ගෞතම්ගෙ අත අයින් කරලා වීණාව් බෙල්ල ඇල කරලා එක පාරටන එහෙමම ටිකක් තදින් පිටි පස්සට කරේ ටක් ගාල ඇටක් කඩෙනකොට .. වීණාව්ගෙ මේ වෙනස දිහා ඔක්කොම ගල් ගැහිලා බලාන් ඉන්නකොට රහුල් වගේම ආදෙව් දුවන් ආවා..

Majesty Luna  ( complete )Where stories live. Discover now