35

481 113 36
                                    

ආදරේට අධිපති .... ඇතීනා .. ඇතීනා ලොරේන්ස් ෆ්‍රැන්සිස්කෝ ... මගෙ දරුවා මගෙ රෝස මල.."

මං හිටියෙ කඳුලු හිර කරන්.. ඒතරම එයාට හිනා වෙන්න පුළුවන් කියලා ඒ තරම් ආදරෙන් කතා කරන්න පුළුවන් කියලා දැන්ගත්තේ මං අදයි.. ආදෙව් හිටන් පුදුම වෙලා හිටියා..
.
.
.
.
බබා ලැබිලා ඊලඟ දවසෙම එයා සෞඛ්‍යමත් දරුවෙක් කියලා ගෙදර ගෙන්න පුළුවන් උනා.. ගෙදරම සිරියාවන්ත වෙලාලු අලුත් සර් ආපු දවසෙ ඉඳන් කියලා සමහර මේඩ්ලා කියනවා මට ඇහුමා.. අනාරා ආන්ටි ඩැනියල් අංකලුයි අරාෂ් මූන්‍යා අක්කා සිද්ධාර්ත් වගේම ගෞතම් අකේත්‍ය නැවතුනා ඈන් ගියා.. රාහුල් වගේම්  අදෙව් ලමයි තුන් දෙනත් එක්ක කැම්පස් පටන් ගන්නකන් නවත්නව කිව්වා ආයෙ එංග්ලන්ඩ් වලට යන්න බැහැ කියලා.. අනාරා ආන්ටි තමා වැඩිපුර තුන් දෙනාව බලාගනේ රාහුල් සර්ට එක්ස්පීරියන්ස් නැහැ නේ..ඩැනියල් අංකලුත් උදව් කරනවා ඒත් එයා වැඩි හරියක් මැන්ෂන් එකේ නැහැ .. ආදෙව් යන්න හැදුවත් තාත්තා නවත්ත ගත්තා මේගෙදර හොටෙල් වලටත් වඩා හොඳයි රුම්ස් ඇති වෙනකම් තියෙනවා කියලා..

" කෝ බලන්න මගෙ වස්තුවගෙ ලස්සන.."

මං තාත්තට රවාන් සාලෙන් ගියේ රවාන් අනාරා අම්මාගවට .. ඔව් එයා අම්මෙක් මට මගෙ හැඟීම් එක්ක නෑරම එයා තේරුම් ගත්තා.. උපත නොදුන්නත් මට අම්මෙක්ගෙන් ලැබෙන්න ඕනෙ ඒ රැකවරනෙ එයා මට දෙනවා.. කන්න එන්න කියනවා කවනවා මාව තුරුල් කරගන්නවා.. ඊයේ මම අහපු දේට එයා දුන්නු උත්තරේ මට මතක් උනා..

" මාව එපා වෙන්නෙ නැද්ද ආන්ටි .. බීලා බීලා ගෙදර එන්නේ ඔයාගෙ පුතාල ගැන බලන්නෙ නැහැ ඉතින් මාව එපා වෙන්නෙ නැද්ද?"

මං එහෙම ඇහුවේ හොස්පිට්ල් එකෙන් ගෙදර ආවට පස්සෙ මං කෙලින්ම රූම් එකට ගියේ ආන්ටිත් රූම් එකට ආවා මං නාගන ඉවර වෙනකොට එයා මගෙ කොන්ඩේ පිහිදාලා කොන්ඩයක් ගොතනකොට මං ඇහුවේ ඔළුව බිමට නමාන්..

" දන්නවද සුදු පුතා .. ඔයාගෙන් මං දක්කින්නෙ අවුරුදු ගානකය කලින් මාවමයි.. මාත් බිව්වා අරක්කු , ලේ , තනිකර පිස්සු කෙලියේ අඩුම මං ඩැනියල්ටවත් ලඟට එන්න දුන්නේ නැහැ එක දිගට බිව්වා ඒ හැම වෙලාවකට මංම නැගිට්ටා  ඩැනියල් හිටියා ඒත් මං ඔයා වගේම එයාගෙ උදව් එපා කිව්වා මුරන්ඩු කමට.. ටික ටික අපි හැඩ ගැහෙමු හාද මේ අම්මා හැමදාම ඉන්නවනේ ඔයත් එක්ක මගෙ දරුවෝ ..."

Majesty Luna  ( complete )Where stories live. Discover now