ඩොක්ටර් ජේන්ව පරීක්ෂා කරනකම් දිග හෝල් එකේ එහාට මෙහාට ඇවිදපු ටේහ්‍යොන්ග්ගෙ නොසන්සුන් ගතිය යුන්ගිගෙ සන්සුන් බවටත් බාධා වෙද්දි යුන්ගි ටේහ්‍යොන්ග් එක්ක කතා කරන්න උත්සාහ කරා.
"කලබල වෙන්නෙපා ටේහ්‍යොන්ග්.. ජේන්ට ලොකු දෙයක් වෙලා නැතුව ඇති."
"එහෙම වෙන්න කියල තමයි මාත් ප්‍රාර්ථනා කරන්නෙ.." ටේහ්‍යොන්ග් කිව්වම යුන්ගි එයා දිහා බැලුවෙ පුදුමය වගේම අවිශ්වාස මිශ්‍ර උනු බැල්මකින්.
"උඹ තාමත් ජේන් ගැන වදවෙනවද ටේහ්‍යොන්ග්?" යුන්ගිගෙ ප්‍රශ්නෙත් එක්ක ටේහ්‍යොන්ග්ගෙ හිස ක්ෂණයකින් ඔහු දිහාවට හැරවුණා.
"පිස්සුද හ්‍යොන්ග්? මට ජේන්ගෙන් ඇති වැඩක් නෑ. මං බයවෙන්නෙ ජන්ග්කුක් ගැන.. මගෙ කොල්ලා එතන හිටියෙ.. ජේන්ට මොනාහරි උනොත් එයාට එල්ල වෙන්නෙ බරපතල චෝදනාවක්." ටේහ්‍යොන්ග්ගෙ පිළිතුරත් එක්ක යුන්ගිගෙ මූණට හිනාවක් ආවා.
"එතකොට ඔයා කලබල උනේ මං ගැන නෙවෙයි?" පිටිපස්සෙන් ඇහුනු කටහඬට හැරිලා බලද්දි තමයි ඒ දෙන්නම ජේන්ව දැක්කෙ. ජේන්ගෙ බැල්ම තේරුම් ගන්න ටේහ්‍යොන්ග්ට අමාරු නොවුනත් එයා ඒකට උත්තර දෙන්න කලින් එතනට ඩොක්ටර් ආවා.
"ඩොක්ටර්?" යුන්ගි නැගිටලා ඩොක්ටර් ළඟට ළං උනේ ජේන්ගෙ තත්ත්වය ගැන දැනගන්න උවමනාවෙන්.
"කලබල වෙන්න දෙයක් නෑ මිස්ටර් මින්. මිස් ජේන් හොඳින්.. අත චුට්ටක් සීරිලා විතරයි."
YOU ARE READING
He's Trouble [Taekook] ✔️
Fanfiction"ඔහු සම්පූර්ණයෙන්ම ප්රහේලිකාවක් විය. හැමෝම මට අනතුරු ඇඟෙව්වා, ඔහුගෙන් ඈත් වෙලා ඉන්න කියලා. නමුත් ඔහුගේ ගුප්ත බවින් පිරී ගිය ගැඹුරු දෑස් පළමු දිනයේදීම මා වශී කරගන්නට සමත් වෙද්දි මං තේරුම් ගත්තා මම ලොකු අමාරුවක වැටුනා කියලා." ...