"හරි හරි බම් උබ ඔහොම පලිගන්න හදන්න එපා. ඌ ගියේ උට උබෙන් වැඩක් නැති නිසානෙ."
"හරි වැඩක් නැ කියමුකො. ඌ එහෙනම් මෙච්චර කල් ඉදියෙ ඇයි මාව වැඩක් නැති වෙන්න. අහ්හ්....?? ඒ මනුස්සයගෙ බොරු නවෝ.. දැනටමත් කොහෙ හරි යන්න උඩැක්කියක් එක්ක යාලු වෙලා ඇති."
"ඒක ඇත්ත සුදාම්මි. එන්න අපි දෙන්න සම්මතයෙන් එහා අසම්මතයක් ගොඩ නගන්න."
"ඊයා පලයන් යන්න වල් වැදිරි."
"නොශී රශ්මිතා ප්රනාන්දු" වයස අවුරුදු 18 වුන නොශීට තමන්ගෙ කියල ඉදියේ එයාගෙ සීයා විතරයි. පවුලෙ කියල කිසීකෙනෙක් නොශී දිහා ඇහැක් ඇරල බැලුවෙ නැ. එයාගෙ සියා එහෙමත් නැත්නම් නොශීට අනුව එයාගෙ අත්තා ඒ කාලෙ ඉදන් ව්යාපාරිකයෙක්. නොශී පුංචි කාලෙ ඉදන් හැදුනෙ වැඩුනෙ සීයා එක්ක. ඉපදෙනකොටම අම්ම නැති වුනා. තාත්තත් අවාසනාවන්ත විදියට Accident එක්කින් නැති වුනා. ලොකු තාත්තල බාප්පල ඉදියට කිසියම් වුවමනාවකින් නොශී දිහා ඇහැක් ඇරල බැලුවෙ නැ.
ඉරිදා දවසක උදේම ලෑස්ති වෙලා ක්ලාස් යන්න කියල සීයට වැදල BMW එකට නැගපු නොශි කෙලින්ම ගියෙ හොරණ සියොන් එකට. අස්සක් මුල්ලක් පේන්නැති ගානට ළමයි. ඩ්රයිවර් අංකල් නොශීව සියෝන් එක ලගින් බස්සන්කොට නවෝ ආවේ පුක කඩියෙක් කාල වගෙ.
"නොශියා.. නොශියා.."
"අංකල් මං කෝල් එකක් දෙන්නම් ඔයාට එන්න හොදේ."
"හරි මැඩම්."
0044 නමින් තිබ්බ BMW Number plate එක පේන්නැති වෙනකන් බලන් ඉදල නොශී නවෝට කතා කලා.
"කියන්න නවෝ ඇයි හදිස්සියෙන් වගේ ආවෙ."
ඒ කටහඩේ තිබ්බෙ නිවුන ස්වාභාවයක්.
"නැ නොශී නවිදු කතා කරල කිව්ව ඔයා ආවාම එයාව හම්බෙන්න එන්න කියන්න කියල."
නොශීගෙ මූනෙ ඉරියව් වෙනස් වෙන්න ගියෙ තත්පරයකටත් වඩා අඩු කාලයක්.
"අහ්හ්.. ඇයි එයාට කකුල් පණ නෑලුද කියන්නේ. පිස්සුද බං උබට මට ඕන්නැ ඌව ආයෙ. මෙච්චර උට ආදරෙ කරල ඌ දාල ගියාම අයෙ උගෙ පස්සෙන් යන්න මට මාංදම කියල හිතුවද බං. එන්න යන්න ක්ලාස් එකට."