"6 Months later "
***************" ම්හ්ම්... බබා.... මොකද.... කරන්නේ..."
මන් නින්දෙන්ම කෙදිරි ගෑවේ මගේ මුණ පුරා යන සීතල ඇගිලි තුඩු පහස නිසා.... මම දන්නවා ඉතින් ඔය මාව ඇහැරවන්න මගේ චුටි කරන වැඩ කියලා එත් ඉතින් මට මගේ නින්ද ලොකු නිසා මම බ්ලැන්කට් එක අස්සට තවත් ගුලි වුණේ නිදා ගන්න හිතන්.....
" නැගිට්න්නකෝ මහත්තයෝ අද ඔෆිස් යන්න ඕනි නේ....."
නිදා ගන්න හිතන් බ්ලැන්කට් එක අස්සට ගුලි වුණාට මොකෝ මේ චුටි බබි එක්ක නම් ඉතින් ආයේ නිදා ගන්නවා බොරු ඒ නිසාම මම ඇස් දෙක හෙමින් ඇරියා........... හැමදාමත් වගේ එයා මගේ ඉස්සරහින් ඉන්නවා මම දකින්න කැමති ඒ හිනාවත් එක්කම
" ගුඩ් මෝනින් සුදු අයියේ "
" ගුඩ් මෝනින් පණ "
" නැගිටින්න කෝ මහත්තයෝ බලන්න දැන් වෙලාව කියද කියලා..."
එයා මගේ දිහා බලන් කටත් උල් කරන් කියද්දි මට තවත් ඉවසන් ඉන්න බැරි නිසාම එයාව මගේ ඇග උඩට ඇදලා ගත්තා
" අයියේ....."
" ම්ම්...."
මම එයාගේ ඒ රෝස තොල් පෙති මගේ අගිල්ලෙන් පිරිමදින ගමන් හු මිටි තිබ්බා ඒ රෝස තොල් පෙති දැක්ක ඇති මට මත් වෙන්න මම එහෙම්ම එයාගේ කම්මුල් දෙපැත්තේන් අල්ලන් ඒ තොල් පෙති වලට පාත් වෙලා එයාගේ යටි තොල් උඩු තොල මාරුවෙන් මාරුවට සිප ගන්න පටන් ගත්තා
"අහ්ම්....අ.....යියේ"
හාදුව සංකිර්ණ කරන්න ඕන නිසාම මම මගේ දිව එයාගේ කට ඇතුලට දැම්මේ ඒ මුවේ රස තැන් හොයන් යන්න වුනත් එයාගේ කෙදිරිලි නිසාම මම හාදුව අකමැත්තෙන් වුණත් නතර කලා
" මොකෝ මැණික..."
" දැන් කෝලම් කලා ඇති නේ දැන් ගිහින් ලැස්ති වෙන්න "
" ඉතින් බබා මම ගත්තේ මගේ මෝනින් කිස් එක නේ.... "
" කෝලම් ඔයාගෙත් මගේ අයියේ "
" ඔයා ළග විතරයි නේ බබා "
" මේ කිරි එක බිලා දැන් හොද ළමයා වගේ ගිහින් රෙඩි වෙන්න මම යනවා පහළට අම්මාට උදව් කිරන්න "
YOU ARE READING
𝔽𝕠𝕣𝕖𝕧𝕖𝕣 𝕨𝕚𝕥𝕙 𝕌
Non-Fictionසූර්යයාකාන්ත මල ජීවත් වුණෙත් ඉර වෙනුවෙන්ම වුණකොට මමත් ජීවත් වෙන්නම් ඔයා වෙනුවෙන්ම ❤🌻