After few minutes 🕟
Author pov
තේහ්‍යුන් doctor eunwoo එක්ක සුහදව කතා කලේ මෙතෙක් සිහිය ඇවිත් නොතිබ්බ ජිමින් ගැන . විනාඩි කිහිපයකට පසු තේත් සමග කතා කරපු doctor එවුන්වූ එතනින් ගියයින් පස්සේ තේහ්‍යුන් , හොබී , ජින් වගේම සුගා medical room එක ඇතුළට ගියේ ජිමින්ව බලන්න. ඒත් මෙතන එක්කෙනෙක් අඩුයි කියලා ඔයාලට පේනවා නේද ? ඔව් ඒ ජන්කුක් . සුගා room එක ඇතුලට යන්න කලින් ජන්කුක්ට අනගැහුවත් ජන්කුකට ජූන් professor ගෙන් ආපූ call එකක් නිසා ජන්කුක් ජූන් professor ගෙ cabin එකට යන විත්තිය සුගාට ජන්කුක් කියලා එතනින් තවත් රැදෙන්න උවමනාවක් නැති නිසා ගියා . ඇත්තෙන්ම ජන්කුක්ට ජිමින්ව බලන්න යන්න ඕනේ ඒත් ඒ මූන ආපහු බලන්න හයියක් නෑ වගේ ජන්කුක්ට දැනුනා , ඒත් call එකේ හිටපු ජූන් professor ගේ කේන්තියක් වගේ තිබුනු කතාවත් එක්ක ජන්කුක්ට එතනින් යන්නම උනා මොකද දැන් ටිකකට කලින් උන සිද්ධියේ සම්පූර්ණ වාර්තාවක් ජූන් professor ගේ කනට ගිහින් ඉවරයි . අන්න ඒ නිසාමයි හතරදෙනා වෙනුවෙන් ජන්කුක් එතනට යන්න තීරණය කලේ. මොකද මේ uni එක තමන්ගේ අප්පලාගේ වගේ උනාට මේකේ ඇතුලෙත් නීතී රීතී කියලා දේවල් තියෙන නිසා . මේ උන දෙයින් නම් හතරදෙනාටම මොකක්ම හරි punishment එකක් ඇති කියලත් ජන්කුක් හිතලා ඉවරයි...
මේ අතරේ room එක ඇතුලට ගියපු හතර දෙනාම බලාගෙන හිටියේ කිසිම හෙලවීමක් වත් නැතුව ඇදේ වැතිරිලා ඉන්න ඒ පුංචි සුරදූතයා දිහා . ඔව් තාම ජිමින්ට සිහිය ඇවිත් තිබුනේ නෑ , ඒ වගේම eunwoo කියපු විදියටම ජිමින්ගේ ලගින්ම nurse කෙනෙකුත් හිටියේ ජිමින්ට සිහිය ආවම එයාව පරීක්ෂා කරලා බලන්න .
විනාඩිය දෙක , තුන , පහ , දහය අන්තිමට විනාඩී දහයක් යනකල්ම ජිමින්ගෙන් කිසිම ප්‍රතිචාරයක් නැති උනාම තේහ්‍යුන්ට බය නොවුනාමත් නෙවෙයි. ඒත් විනාඩි දහයක් ගත වුනයින් පස්සේ ජිමින්ගෙන් ප්‍රතිචාරයක් ලැබුනම තමයි තේහ්‍යුන් සැනසුම් සුසුම් හෙලුවේ. ජිමින් එතන හිටපු හැමෝගෙම අවදානය ගන්න ප්‍රතිචාරයක් විදියට හැමෝටම දුන්නේ අතේ ඇගිලි හෙලවීමක් ටිකෙන් ටික ජිමින්ට සිහිය එන බව දැනගත්ත nurse ජිමින් ඉන්න bed එකට ලං උනා , ඊටත් විනාඩි තුන හතරකට විතර පස්සෙයි ජිමින් තමන්ගේ ඇස් ඇරගන්න දැගලුවේ , ජිමින් තමන්ගේ ඇස් ආලෝකයට හුරු කරගන්න ඇස් පිල්ලම් හිමින් හිමින් ගැහුවා. ඒත් එක්කම තේ ජිමින් ලගට ගිහින් ජිමින්ගේ අතක් තමන්ගේ අත එක්ක පටලවගෙන ජිමින් එක්ක කතා කරන්න ගත්තා.
YOU ARE READING
💖 My Angel Baby [ Jikook ] 💖
Romance🌼🩷Jikook ff🩷🌼🔞 _____________________ "MY ANGEL BABY 🩵🪽✨" Language : Sinhla 💠jikook 🔷jimin 🔷jungkook 🔷taehyung 🔷jin 🔷suga 🔷jhope 🔷namjoon Topkook Bottomjimin 🩷✨ This is my first work so don't repost or report 😇🩷 Hope you will enj...