එයාට තිබුණෙ මාලු ඇස්, හ්ම්ම් පෙරදිග ආසියානු ආභාෂය යන්තමින් තිබුණු අපේ රටේ දකින්න ටිකක් අඩු ඇස්,
තද දුඹුරු උන කෝපි පාට ඇස්,
ඔව් ඒ ඇස් හයියෙන් හිනාවෙද්දි ඇස් අග රැලි වෙනවා
නාහෙත් හකුලන් ඇස් පොඩි කරන් හිනාවෙද්දි ටිකක් විතර හුරතල්
(Huh silly boy)එයාට තිබුනෙ පිරුණු කම්මුල් නෙමෙ,ඒවා ටිකක් ඇමෙරිකානු විලාසිතාකරුවන්ගෙ වගේ, sharp jawline එකක් තිබ්බා එයාට (එයා දන්නවා මං jawline එක ගැන උනන්දුයි කියලා, ඒනිසා කොයිවෙලෙත් මූණ හරවන් පෙන්නනවා)
එයාට තිබුණා පිරුණු තොල් දෙකක්, දිග දත් (දිග වැඩිකමට ඩ්‍රැකියුලා දතක් කොට කරන් ආවා අම්මගෙ කීමට) ආ තව පොඩි කාලෙ පඩිපෙලෙන් වැටිලා යටි දතක් පොඩියට කැඩිලා තිබුණා,
පාසලේ ක්‍රීඩා කරන නිසාත් gym යන නිසාත් පාසල් සිසුවෙක්ට හරියන මළල කීඩාවට උදව් වෙන විදිහෙ ඇගක් තිබුණා එයාට,
හැබැයි 5'9යි, මං විහිලු කරා
'කොල්ලො 21 වෙනකන් උස යනවා, මං බාර් ගහලා උස ගිහින් පෙන්නන්නම්කො' ඔහු කීවෙ මං කොයි වෙලෙත් අඩි හයයි දෙකක් උස පිරිමි පරාණයක් හිතේ මවන් ඉන්න නිසා...හ්හ්ම්ම්ම් අපි වෙන්වුණා, මගෙ පළවෙනි ප්‍රේමවන්තයා එයා, ගස්ගදයි එයා, එයාගෙ අම්මා තමා එහෙම කියන්නෙ, ඒ නිසාමද මන්දා දවසට තුන් හතර සැරයක් නානවා...
.
.
.ඇත්තටම මට එයා ගැන දැන් තියෙන්නෙ හරි හිස් හැගීමක්
.
.යන්න කලින් කියලා ගියා එයා, 'ඔයා හොද තැනකට යන්න ඕනෙ, මං ආසයි ඔයා හොද තැනක ඉන්නවා දකින්න,කියන්න අනිත් අයට, එයා මං කලින් යාලුවෙලා හිටිය ගෑනු ළමයා කියලා...'
- පරිස්සමෙන් ඉන්න, සොරි.
කියලා මං නිහඬ උනා'යි ඇය කීවා.