‼️විසිපස්වන දිගහැරුම‼️

39 5 4
                                    



“ඔව් මම එහෙම තමයි. තමුසෙට මොකක්ද තියෙන ප්‍රශ්නේ. තමුසේට මොකක්ද ඒ ගැන තියෙන ප්‍රශ්නේ? තමුසෙව අල්ලගෙන මට ලේසියෙන්ම බිලියනපතියෙක් වෙන්නයි ඕනේ. ඉතිං තමුසේට මොනවද ඕනේ කියනවා මගෙන්?” තේව් කෝපයෙන් මහ හඬින් ඇසුවා. 

එවැනි ප්‍රතිචාරයක් බලාපොරොත්තු නොවූ නෙත්රු මදක් නොසන්සුන් වූවා. 

“මො….මොකක්..?”

“ඇයි තමුසේගේ කන් ඇහෙන්නේ නැද්ද දැන්. තමුසෙට මොකක්ද තියෙන අමාරුව මම මොකෙක් වුණත්? මම මොකා එක්ක කොහේ ගියත් තමුසෙට මොකක්ද තියෙන ප්‍රශ්නේ? මගේ ජීවිතේට ඇඟිලි ගහන්න තමුසෙට තියෙන අයිතිය මොකක්ද? මම තමුසෙගේ කවුද?”






















තේව් එක දිගටම එල්ල කළ වචන හමුවේ නෙත්රුගේ මුව ගොළු වූවා.තේව්ගේ ප්‍රශ්න වලට නෙත්රු අසල පිළිතුරු නොතිබුණි. අයෙකු ඉදිරියේ නෙත්රු ගොළු වූ ප්‍රථම අවස්ථාව මෙයයි.

“ම….ම…. ම්…මට…..”

“මොකද ගොත ගහන්නේ?උත්තර නෑ නේද? මට මගේ පාඩුවේ ඉන්න දෙනවා.” 

තේව් එසේ පවසා නෙත්රුව පසෙකට තල්ලු කර එතැනින් පිටව ගියා.

“තේව් මේ අහන්න….ම…ම…” නෙත්රු පැවසීමට උත්සහ කළ දෙය ඔහු සම්පූර්ණ කිරීමට පෙර තේව් පිටවූවා.























තේව් කෝපයෙන් යුතුව විවේකාගාරයට පිය මැන්නා. ඔහු එහි ඇති එක ජල කරාමයක් විවර කර කෝපයෙන්ම ඔහුගේ මුහුණ තෙමා ගත්තා. ඔහු ඉදිරිපිට ඇති කැඩපතින් පෙනෙන ඔහුගේම ප්‍රතිබිම්බය දෙස ඔහු බැළුවා. ඔහුට නෙත්රුගේ දරුණු වචන සිහිපත් වූවා.

“තමුසේ මහ කපටියෙක්…… තමුසේ පිරිමිකමටත් ලැජ්ජාවක්…..”

මේ වචන තේව්ගේ මනසේ දෝංකාර දෙන්නට පටන් ගත්තා.

“අර්හ්හ්…..” 

තේව් කෝපයෙන් කෑ ගසා කැඩපතට ඔහුගේ අතින් දැඩි පහරක් එල්ල කළා. ඒ පහරට කැඩපත ඉරිතලා ගිය අතර ඔහුගේ අතටද තුවාල විය. නමුත් ඔහු කැඩපතට එකම දිගට පහර පිට පහර එල්ල කළේ දැඩිලෙස තුවාල වී රුධිරය ගලන ඔහුගේ දෑත ගැන නොසලකාහරිමිනි. මේ මොහොතේ ඔහුගේ ශාරීරික වේදනාවට වඩා මානසික වේදනාව දැඩි විය.

Deja Vu_BL Non Fic_Where stories live. Discover now