හැටනමවැනි කොටහා

721 80 35
                                    

අද නම් මන් ඉස්කෝලේ ගියේ නෑ. ඒ වෙනුවට මට යන්න වෙලා තියෙන්නේ පැටියගේ පෙර පාසලට. එයාලගේ අද සිගිති පොළක් තියෙනවා පෙර පාසල ඉස්සරහම.

" අයියූ... තූති අප්පත්ති සාම වතුනුත් කත්තිය මත හූ කියයි අලේ.... "



















" නෑ නෑ මේ චූටි ඉන පටිය හිර කලාම ආයේ මයෙ පුතාගේ සරම වැටෙන්නෑ. "


පැටියගේ පොඩි කලිසමට උඩින් නිලූෂ චූටි කොටු කොටු තියෙන දුඹුරු පාට සරමක් අන්දලා ඒකට උඩින් ඊයේ අලුතින් ගත්තු ඉන පටිය දැම්මා.





" ඈ තූති අප්පත්ති ඒත තුත්තක් හිලයි වදේ. මදේ මෙතන සිදෙනෝනේ අයියූ "


" ම් දැන් හරි නේද "


" ආ දන් හලි තූති අප්පත්ති "

නිලූෂ කළු කලිසමට ඇගටම තද වෙච්ච කළු අත් දිග කමිසයක් ඇදන් වැලමිට ළගින් නමා ගන්න විදිහ මන් හිටියෙ බලාගෙන. අපෙ අප්පච්චි අවුරුද්දට දීපු ඒක. ඒවුනාට ඒ කමිසේ පපුවේ භාගයක් වෙන්නම බොත්තම් නෑ. ඉතින් පපුවෙන් භාගයක් එළියේ . ඒක අලුතින්ම ආපු විලාසිතාවලු . මට තියෙන්නේ එකේම තද මෙරුම් පාට එක. ඒක ඇන්දම මගෙ මාලේ හරි ලස්සනට පපුව අස්සෙන් පේනවා. එදා ඒක ඇන්ද නිසා මන් සුදු පාට අත් දිග කමිසයක් ඇදලා ලා අළු පාට කලිසමක් දා ගෙන ගියේ කන්නාඩිය ඉස්සරහට. මයෙ නිලූෂ කලුම පොරවන් ඉද්දි මන් හිටියෙ සුදු පොරවන්.





" මයෙ හාමු මහත්තයගෙ හැඩ බලන්න එපැයි. සුවදයි. හතළිහයි කියලා හිතන්නත් බෑ "


" එහෙම තමයි ඉස්කෝල වල උගන්නන්න ගුරුවරු මැදි වයසට ආවා වුණත් තරුණයි වගේ තමයි පෙනුම. මන් ඒක ගොඩක් ගුරුවරුන්ගේ දැකලා තියෙනවා "

පිටිපස්සෙන් මාවත් බදා ගෙන හිටපු මයෙ නිලූෂට මන් එහෙම කියලා අනිත් පැත්ත හැරිලා එයාගේ තඹ පාට කොන්ඩෙත් මන් ජෙල් චුට්ටක් ගාලා කොන්ඩේ පිළි වෙලකට හැදුවේ එයාගේ ඇසුත් මයෙ මූණ පුරාම දුවද්දී.




" පුංචි මුදලාලි මහත්තයව ගෙනියන්න වෙලාව හරි දැන් චූටි අප්පච්චි "



" ඉන්න පොඩ්ඩක් ෆොටෝ ටිකක් ගහන්න "


පැටියා අපි වත් පහු කරන් කන්නාඩිය ඉස්සරහට වෙලා ඔලුව පීරලා මූණට පුයර ටික උල උලා හැඩ බලනවා. හොද වෙලාවට මයෙ නිලූෂට මතක් වුණේ ෆොටෝ ගහන්න.






අත් වැරැද්ද ( Completed ) / අත් වැරැද්ද 02 (Upcoming )Where stories live. Discover now