0004

65 16 20
                                    


අඩවන් කර තිබූ විනිවිද පෙනෙන් වීදුරු ජනේලයෙන් ඇතුලූ වී පංති කාමරය පැතිරී ගිය මුහුදු සුළග ජනේලය අසලම වූ  දුඹුරු තීන්ත ආලේපිත් මේසය මත මැලි අරිමින් ඈත් පෙනෙන සිතිජය  දෙස හිස් දෑසින් යුතුව බලා සිටින අවුරුදු දහ අටක තරුණයෙකුගේ සිනිදු කෙස්ද තම සිතැගි පරිදී වසගයට ගනිමින් උන්නා.

පංතිය ඉදිරියේහි වූ ලෑල්ල මත තවමත් නොවිසදුන ගණිත සමීකරණය  කිහිප වරක්ම ඔහුගේ අවධානය යැද සිටියද එය ගණනකට නොගත් ඔහු ජනේලයෙන් එහා අහසේ නිදහසේ පියඹන සැළලිහිණියන් දෙදෙනෙකුගෙන් සිය තද දුඹුරු පැහැ නෙත් යුගල පුරවා ගත්තේ දැන් බොහෝ වෙලාවක් සිට සිය මිතුරාගේ පෑන් තුඩින් සිදුවන අතවරයන්ටද කිසිදු ප්‍රතිචාරයක් ලබා නොදෙමින්.

" නේත්... නිදිද? නේත්.... නේතන් සර් ආවා මිනිහෝ නැගිටපන් "

ගණිත ගැටලුවක් විසදීමට පවරා පංති කාමරයෙන් පිටවූ ගුරුතුමා යලි පැමිණෙන බව දැක කලබලයට පත් ජිහාන් තවමත් හිස්ව පවතින ඔහුගේ මිතුරා වන නේතන්ගේ අභ්‍යාස පොත උදුරා ගෙන තමා මින් පෙර විසදූ ගණන මිතුරාගේද පොතෙහි පිටපත් කලේ තම ගණිත ගුරුවරයා වන මැදිවියේ පසුවන ඇන්ඩ්‍රිව්ගේ වේවැලෙහි රස ඉතා හොදින් තමා මෙනම නේතන් නම් වූ තම ඇට්ටර මිතුරාදා මින් පෙර ඇති පමණින් රස බලා ඇති බැවින්.

සිය මිතුරා අතින් හිඩැස් පිරවුණු පිටු දෙස උද්‍යෝගී බැල්මක් හෙලූ නේතන්  පියකරු සිනහවෙන්ද හීනි කල ඇස් වලින්ද සිය මිතුරාට ස්තූති කලද එයට ප්‍රතිචාර ලෙස ජිහාන් අතින් හිඩැස් පිරවූ පොතෙන්ම නේතන්ගේ හිසට සැර පහරක් පමණක් එල්ල වුණ.

" ජිහාන්!! තමුන් මොකද්ද ඔය කරන්නේ දානවා පොත පැත්තකට මේක කෝළම් මඩුවක්ද? . කෝ හැමෝම ගාණ හැදුවද? සේරා පොත් ටික අරන් ඇවිත් මෙතනින් තියන්න. අද මිස් ස්ටෙලා ඇවිත් නෑ ඊළඟ කාලජ්ජේද දෙක මිස්ටර් හැරන් කරයි. "

ගණිත ගුරුතුමාලා පැවසූ දෙයින් පංතියේ සියල්ලන්ගේ මුහුණු ඇදවී ගියේ තම ප්‍රියතම ඉංග්‍රීසි සාහිත්‍ය ගුරුතුමියගේ නොපැමිණීමටත් වඩා ඒ අඩුව පිරවීමට ඉතිහාස ගුරුතුමා යොදා තිබීම ගැන ඇතිවූ අප්‍රසාදයෙන්.

|| CODE SIX (KOOKV) || (කෝඩ් සික්ස්) Onde histórias criam vida. Descubra agora