" පුතා .... නැගිටින්න.... දැන් වෙලාව හරී.."
ඉතින් සාරන්ය ගෙ අම්මා වෙනදා විදිහට ම එයාට කතා කරේ ඉස්කෝලෙ යන්න ready කරන්න ඕනෙ නිසා.
"හරි අම්මේ..."
නැගිටින්න හිත නොදුන්නත් තව ටික වෙලාවක් නිදා ගත්තොත් ඉස්කෝලෙ ට දාඩිය පෙරගෙන දුවන්න වෙන නිසා සාරන්ය නැගිට්ටුනේ ඉබේටමයි."ඉක්මනට ගිහින් wash දාගෙන එන්න. මන් කෑම බෙදළා තියන්නම්. "
"හම්.. ගොඩ්ක් බෙදන්නෙපා.. අද කන්න බෑ වැඩිය. "
"ඒ මොකෝ ?"
" නිකන්"
අම්මා ඒම ඇහුවෙ සාරන්ය දෙන උත්තරෙත් දැනගෙනමයි.
සාරන්ය වෙනදා වගේම වෙලාවටම ලෑස්ති වෙලා ඉස්කෝලේ යන්න පාරට බැස්සා. එලියට බැහැපු වෙලාවෙ ඉදන්ම දැක්කේ කඩි ගුලක් ඇවිස්සුවා වගේ හයියෙන් හයියෙන් වැඩට යන මිනිස්සු යි, ඉස්කෝලේ ළමයිනු යි. මේක ඉතින් අමුතු දෙයක් නෙමෙයි කාටත් , ඇරත් මේ වගෙ උදයක. ඔය අතරේ සාරන්ය දිහා ඕනෑ කමින් බලන් හිටපු නම්කිලා නැතුවම නෙමෙයි . එත් කවදාවත් සාරන්ය ඒ දිහා හැරිලාවත් බලලා නෑ.
සාරන්ය ගැන කිව්වොත් , සාරන්ය කියන්නෙ ටික්ක විතර මිටි , තලෙලු හමක් තියෙන, ලස්සන ඇස් දෙකට උපතින්ම ආපු බූමරන්ගයක් වගෙ හැඩ වුනු ලස්සන ඇහිබැමිත් එක්ක හුරතල් මූනක් තියෙන ලස්සන කොල්ලෙක්. ඒ හුරතල් පෙනුම දකින ඕනෑම කෙනෙක් ගෙ හිත ඇදිලා යනවා. ඒත් සමහර කට කියවන යාලුවො කියනවා වගෙ ඒ සරාගී ඇස් දිහා දෙපාරක් බලලා අහක බලා ගන්න කට්ටියත් නැතුවම නෙවෙයි . ඒ මුකුත් නිසා නෙවෙයි , ඒ සාරන්ය කොට නිසා බව සාරන්ය වුනත් දන්නවා .....
ඔන්න කොහොම හරි ඉස්කෝලේ ටත් ආවා.
" අද දින 3 වන කාල්ච්චේදය ආරම්භ වූ පසු කලා උලෙළ සදහා සිසුන් තෝරා ගනු ලබනවා. දැනුම් දෙන සිසුන් කලා අංශය වෙත පැමිණෙන්න. "
"අඩෝ ඔන්න ඒකත් ආවා ඒනම් ."
Announcement එකෙන් පස්සෙ නටන්නම බලන් ඉන්න සෙට් එක කෑගහන්න පටන් ගත්තා.
සාරන්යටත් පොඩි සතුටක් ආවත් " මාව ඕවට කවුද ගන්නෙ? " කියන ප්රශ්නය එක්කම ඒ සතුට නැති වුනා.
" කට වහගෙන ඔක්කොමල්ලා පොත් ගන්නවලා"
ඒම කියාගෙන පන්තිය ඇතුලට ආවේ පන්තිබාර ඝන්දාරි මිස්. පන්තියේ උන්ට අනුව නම් ඒ ඝන්ඨාරි මිස්. වචනයේ පරිසමාප්තියෙන්ම ඒ කට හඩ ඝන්ඨාරයකට දෙවනි නෑ.
" උග්ඝසේන සිටු පුත්හු සැට රියන් උණ් දන්ඩ මත හිද .." පාඩමේ අන්තිම හරියෙ මිස් ට කියන්න උනේ එච්චරයි .
" මේ ඔබගේ 3 වන කාල්ච්චේදය ආරම්භය යි."
Period එක පටන් ගන්නවත් එක්කම කට්ටියගෙ ඔලුවට අවේ කලා උළෙලේ තෝරාගැනීම් ගැන. ඉතින් නටන්නම ඉස්කෝලේ එන උන් ටික පණිවිඩ එන්නත් කලින්ම ගියා. දැන් පන්තියේ 1/3 ම නෑ.
" මෙහෙම ගියොත් කළා උළෙල බලන්න උන් නැතිවෙයි . මුන්ට මේ අවුරුද්දේ විභාගය ක් තියෙනව කියල ගානක් නැති හැටි.." කියලා ඝන්ඨාරි මිස් ගියා බැන බැන.
මේ ඔක්කොම අහගෙන සාරන්ය ත් කම්මුලට අත් දෙක ගහගෙන බර කල්පනාවක.
" අනේ මටත් යන්න තිබ්බනම්.. ඒත් අපිට කුඩම්මාගේ සැලකිලි නේ.. " කළා උළෙල ට යන්න තදින්ම ඕන උනත් මේම හිතලා හිත හදා ගත්තා. ඒම හිතුවෙ එයාලගේ නැටම් සර් ගෙ ටියුෂන් ක්ලාස් නොයන එකම කොල්ලා සාරන්ය නිසත්, ඒ නිසා නැටුම් තියෙන වෙලවාට ඒ සර් සාරන්ය ව මරන් කන්න හදන නිසයි. දැන් කොහොම හරි කලා අංශයේ එකම කාලගෝට්ටියයි.
කොහොම කොහොම හරි ඉස්කෝලේ ඇරෙන වෙලවත් ආවා. සාරන්ය ත් ඉක්මනින් ම ගියෙ බස් එකෙ සීට් එකක් අල්ල ගන්න. කවදත් වගෙ බස් එකෙ වාඩි වෙලා ඉන්නකොට එතනට ඇවිත් වාඩි උනේ එයා ඉස්කෝලෙට ආව දවස් වල ඉදන්ම අදුරන අක්කා කෙනෙක්.
" ආ ඉතින් අද විස්තර මොනාද සාරන්ය ?"
" විශේෂයක් නෑ අක්කේ"සාරන්ය ඒ කිව්වෙ ජනේලෙන් එලිය බලන්.
" item එකකටවත් යන්න idea එකක් නැද්ද . "
"ගියේ නෑ අක්කේ. ගියත් මාව ගන්නේ නෑ"
" ඒ ඇයි?"
සාරන්ය විස්තරෙ කියන්න පුළුවන් උපරිම කෙටියෙන් කිව්වා.
කතාවෙන් කතාව මහරගමටත් ආවා. දැන් ඉතින් සාරන්ය ට බහින්න වෙලාව හරි. මොකද සාරන්ය ට අද ක්ලාස් .
සාරන්ය අක්කටත් අත වනලා බස් එකෙන් බැහැලා මහරගම lady J එකෙ යට තියෙන shop එකෙන් කාලා ක්ලාස් එකට ගියේ බර කල්පනාවක." ආ.. සාරන්ය ..."
.......................
මේ 1 chapter එකම බෝරින් උනාද මන්දා 🙄🙄
මේ chapter එක ටිකක් speed ආවා බෝරින් වෙන නිසා.
YOU ARE READING
අසම්මත පෙම ( BL Story ) Unrequited love
Romance"අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා ඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලා සම්මතයෙන් පිට ප්රෙමෙක වෙලිලා මග හැර යන්නට බැරිලෙස බැඳිලා" මේ කතාව ඔහු අන්සතු වීමට පෙර සිටම පෙම් කළ අයෙකු ගැනයි. ඉතින් අවසරයි මට දිගහැරුමට මෙම කතාව. ( මෙහි ගෙන එන සියලුම නම් ගම් මනඃකල්පිත...