පිටි පස්සෙන් ආපු සද්දෙත් එක්ක ගැස්සිලා හැරුණු සාරන්‍ය දිහා හිනා වෙවී බලන් හිටියේ රන්වීර්.
"ඇයි ?"
සාරන්‍ය ඇහුවෙ එච්චරයි . රන්වීර් කියන්නෙ සාරන්‍ය ඉස්කෝලෙ 6 වසරෙ ඉදන්ම දන්න කෙන්ක්. හැබැයි රන්වීර් ව වෙලාවකට පේන්න බෑ සාරන්‍ය ට. මොකද කිව්වොත් රන්වීර් සාරන්‍ය ව දකින දකින වෙලාවට වද දෙනවා. රන්වීර් කියන්නෙ අනිත් අය එක්ක බැලුවම මාරම handsome පොරක් කිව්වොත් වැරැදි නෑ. කෙල්ලෝ ඒම පැණි බේරපු ගමන් ඉන්නෙ. හැබැයි තිබ්බ සෙල්ලක්කාර ගතිය නිසයි, හැම්තිස්සෙම වද දෙන නිසයි , සාරන්‍ය ට පේන්න බෑ . සාරන්‍ය කියන්නෙ තමන්ගේ පාඩුවේ ඉන්න කෙනෙක් නිසා සාරන්‍ය ඒ වගෙ අය එක්ක වැඩිය ඉන්නෙ නෑ.
" මොකෝ උඹ ගහන්න වගෙ සද්දේ? "
" එහෙම නෑ. මම වෙන කල්පනාවක හිටියේ." කියාගෙන ක්ලාස් එකට යන්න හැරුණ .
" ඔහොම හිටපන් මාත් එනවා." රන්වීරුත් ඒ එක්කම ගියා. ගියා වගේම සාරන්‍ය වාඩි උන තැනින් ම වාඩි උනා.
" මොන මගුලට මෙතනට ආවද මන්දා. අදත් මුගේ වදේ ඉවසගෙන ඉන්න එපැයි ඉතින් ." සාරන්‍ය තමන්ට ම කියා ගත්තා.
" මොනාද බන් තනියෙන් මුමුනන්නේ"
" මුකුත් නෑ"
" පේනවා පේනවා මුකුත් නෑ කියලා"
"එහෙනම් ඇයි අහන්නේ"
ඔන්න වැඩ් වෙල යන්නත් කලින්ම දෙන්නා වැඩේ පටන් ගත්තා."මුගෙ සද්දේ බලපන්කෝ. කට වහන් හිටපන් පැහෙන්නෙ නැතුව පොඩි එකා."
"හම්"
කිව්වත් වගේම ඒ කරපු අණ කිරීම ට බය උනා වගෙ සාරන්‍ය ගෙ කට වැහුනා.
" අද ඉස්කෝලේ දි item මොනා වලට ගියාද? "
ක්ලාස් එකෙදි සර් එහා මෙහා වෙනකන් ඉදලා රන්වීර් ඇහුවා." නෑ. උබ ගියාද? " සාරන්‍ය ත් නිකමට වගේ ඇහුවා.
"ගියේ නෑ. ඒත් චාමික ට නැටුම් මිස් කතා කරලා තිබ්බා යාලුවො එක්ක item එකක් කරන්න එන්න කියලා. මම නම් ඕවට යන්නෑ බන්. සෙනග දාහක් ඉස්සරහා කොහොම නටන්නද"
YOU ARE READING
අසම්මත පෙම ( BL Story ) Unrequited love
Romance"අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා ඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලා සම්මතයෙන් පිට ප්රෙමෙක වෙලිලා මග හැර යන්නට බැරිලෙස බැඳිලා" මේ කතාව ඔහු අන්සතු වීමට පෙර සිටම පෙම් කළ අයෙකු ගැනයි. ඉතින් අවසරයි මට දිගහැරුමට මෙම කතාව. ( මෙහි ගෙන එන සියලුම නම් ගම් මනඃකල්පිත...