" උබලා වේලස්සනම වැඩියද බන්.. "" ඔව් බන් අපි ඉතිම් උබ වගේ හැමදාම අන්තිමට වඩින්නේ නෑ නේ.. "
අපි හැමෝම කයියක් දාගෙන ඉද්දි හැමදාම වගේ ඒඩ්රියන් අන්තිමට ආවා.. උගේ මොකක් හරි වෙනසක් වෙලා වෙනදට වැඩ මූඩ් එක පට්ට හොදයි.. මම උගේ නියපොත්තේ ඉදන් කෙස් ගහට වෙනකම් බැලුවා.. පොඩ්ඩක් ඉදපන්....
" උබේ තොල මොකද බන් ඔය ඉදිමිලා.. ඔන්න ලේත් එනවා.. "
" මගේ... ආ... වෙන්න බෑ.. "
" ඔය වෙලා තියෙන්නේ ඉතිම්.. "
" මූව කාපු එකා මොකාද.. "
" අම්මට ඒඩ්රියන්ට හරි ගිහින්ද.. "
" මොනවද බන් උබලා කියවන්නේ.. මේ මදුරුවෙක් කන්න ඇති.. "
" මදුරුවෙක්... යකෝ.. උබ මේ අපිට බොරු කියනවා නේ.. මෙච්චර යාළුකමක් තිබිලත්.. අර රෑට හම්බවෙන්න යන කෙල්ල නේද කට කෑවේ.. ඒකි එතකොට මේ ඉස්කෝලේ එකියක්ද.. උදේ පාන්දරම ගිහිම් කට කවාගෙන ඇවිත් අපිට කියනවා මදුරුවෙක් කියලා.. අනේ බන් උබත් අපිව මෝඩයෝ වගේ පේනවද.. "
" හරි හරි බන් ඉතින් වෙලාවට කියන්නම්කෝ.. මේ නරයට සමාව දෙනු මැනවි.. "
" හාකෝ.. හාකෝ.. උබේ වෙලාවට කලින් අපි හොයාගත්තොත් ඒකිගේ ඉස්සරහා දත් දෙක ගලොනවා දැනගනින්.. "
අපි තුන් දෙනාම ඒඩ්රියන්ව විහිලුවට අරගෙන හිනා උනා.. ඒ එක්කම අපේ ක්ලාස් එකේ දොරත් ඇරගෙන හොදට දැකලා පුරුදු එකෙක් අපේ මලයා එක්ක ඇතුලට ආවා.. මතක් උනා.. අම්මට මූ අර එදා අත උඩ පතබෑවිලා මම ලැජ්ජා උන එකා නේ.. මූ මොනවටද අපේ ක්ලාස් එකට ආවේ..
" හැමෝම 8.30 වෙද්දී music room එකේ ඉන්න. වෙලාවට හිටියේ නැත්නම් ආයේ ඇතුලට ගන්නේ නෑ.. "
මම කටත් ඇරගෙන ඌ කතා කරන දිහා බලාගෙන හිටියා.. හම්මෝ ඒ වොයිස් එක නම් පිස්සුවක්..
" එතකොට ඔයා.. "
ඌ මගේ පැත්තට ඇගිල්ලක් දික් කලා.. මන් මමද කියලා මටම ඇගිල්ල දික් කරලා ඇහැවා..
" ඔව් ඔයා.. ඔයාට තමා ක්ලාස් එකේ හැමෝම බාර දෙන්නේ.. හැමෝවම එක්කගෙන එන්න.. වෙලාවට ආවේ නැත්නම් හැමෝම එළියේ.. අපි ගියා.. "

YOU ARE READING
SANDA RAAKA | ONGOING ✫
Romanceසඳ එලිය දිගේ ආදරේ අරගෙන එන රහස් අමුත්තාගේ කතාව... _සඳ රෑක_