📚📚📚

10 2 2
                                    

සකුන්තලා








" සකුන්තලා... සකූ.....න්තලා.... කෝ ඔයා... කොහ්.... හපෝ ඉතින් මේ ඉන්නේ... මොනවද ළමයෝ ඔයා ඔතන ඉදන් කරන්නෙ... මන් හැම තැනම හොයලා මේ ආවේ... "

" ඉතින් ඔයාට කවුද මාව හොයන්න කිව්වෙ... ඔයත් පිස්සුනෙ අප්පා කෙලින්නේ... "

සකුන්තලා කිව්වේ පඩිය උඩ ඉදගෙනම අත් දෙකෙන්ම ඔලුවත් කසන ගමන්... තමන්ගෙ ඉදිරියේ ඉන්න සුදු පැහැ යුනිෆෝම් එක ඇද ගත් කාන්තාවට නොපහන් බැල්මක් සකුන්තලා හෙලුවත් ඒ කාන්තාව නම් සකුන්තලාට දුන්නෙ හරි ආදරණීය අනුකම්පා සහගත බැල්මක්...

" අපි යමු ඇතුළට... දැන් සීතලයි... කලුවරත් වැටෙනවනෙ... මදුරුවොත් කයි... ඊටපස්සෙ ඔයාගෙ ඇගේ පළු දායි... ඊටපස්සෙ ඔයා පව්නේ... "

ඇය සකුන්තලාගේ මුහුණ අසලටම පහත් වෙලා සකුන්තලාගෙ මූණ යම්තමින් අතගාලා මහා දුකක් අරූඪ කරන් කිව්වේ ඒ මූණේ තියෙන දුක සකුන්තලාගේ මූණෙනුත් ඒ විදියට දිස්වෙන්න...

" ඕ.... නේ... මන් පව් නෙහ්... මන් හලී පව් අප්පා... "

අත් දෙකෙන්ම තමන්ගෙ කොණ්ඩෙ අවුල් කරගත්ත සකුන්තලා ඒ කාන්තාව දිහා එක කෙලින් බලලා අමුතු හිනාවකින්ම නැගීසිටියෙ ඇතුලට යන්න...

" අද එන්නෑද දන්නෑ නෙහ්... "

සකුන්තලා යන්න ගිය ගමනත් නවත්තලා ආ පස්ස හැරිලා ඇහුවෙ යකඩ කූරූ සහිත දොර ඒ කාන්තාව වහලා අගුළු දාද්දි...

" එන්නෑද එයා... "

" අද එයාට වැඩ වැඩීලු සකුන්තලා.. "

" ඒම කෝමද අප්පා... එයා හැමදාම එන්න එපෑනෙ මාව බලන්න... හරි නරකයි අප්පා... "

" ම්ම්ම්... නරක නැත්තම් ඔයාට මෙහෙම වෙනවාදැයි... කෝ යන්.. රෑට කාලා බෙහෙත් බොන්නත් තියෙනවා... "

සකුන්තලා මූණ මොකක්දෝ එකක් කරන් ගස්සලා කකුල් අඩි බරට තියලා ගියේ දාන් ඉන්න බාටා කෑලි දෙක සද්දෙට ඇහෙන්නමයි...

" සකුන්තලා ආවෝ... කෑම දෙන්ඩෝ..."

තමන්ට හිමි ඇදෙහි ජබක් ගාලා උඩ පනිමින් හිද ගත් සකුන්තලා හිස කසමින් කෑ ගසද්දි තවත් සුදු පැහැ ඇදුමකින් සැරසුන කාන්තාවක් සකුන්තලා ලගට ආවෙ අතින් අල්ලන් කෑම කන්න එක්ක යන්න...

සකුන්තලා Where stories live. Discover now