01. Start of the Journey

225 34 5
                                    

"මම මැරෙනවා දකින්න ඕන තරම් එයාලට මම කරපු වරද මොකක්ද?" ශියාඕ චාන් තමන්ගේ වෙව්ලන අත් අතරේ මූණ තියන් අඩන්න ගත්තා. "මට දැන් ඕන මේ ලෝකෙන් අතුරුදහන් වෙලා යන්න. එතකොට එයාල සතුටින් ඉදිවිනේ"

"එහෙම කියන්න එපා චාන්. ඔයා පස්සේ ඒ ගැන පසුතැවිලි වෙයි. ඉක්මනින් හැමදේම හරියාවි..මට තියනව එක අදහසක්. ඔයා ටික කාලෙකට මගේ අක්කගේ ගෙදර ගිහින් ඉන්න"

"ඔයාගේ අක්කා?" චාන් පුදුම සහගත විදියට මැනේජර් දිහා බැලුවා. "ඔයා මීට කලින් එයා ගැන කියලා නැනේ"

"මොකද එයා ඉන්නේ හුඟක් දුර. පුංචි ගමක. ඒක හරිම නිස්කලංක මුහුද ගාව තියන ගමක්. මට ශුවර් එතන ඔයාගේ මූඩ් එක ෆික්ස් කරයි කියලා"

චාන් ඔලුව පහත් කරන් තීරණයක් ගන්න කල්පනා කලා. මේ ගෙවෙන්නේ එයාට අමාරු කාලයක්. ගොඩක් අය එයාට හේට් කරනවා. මේ දේවල් වලින් පැනලා යන එක මෝඩකමක් කියලා චාන්ට තේරුනා. එයා එයාට පුලුවන් හැම දේම කරලා එයාගේ ෆෑන්ස්ලට කිව්වා මේ දේවල් නවත්තන්න කියලා. ඒත් වැඩක් උනේ නෑ. චාන් දැන් ඉන්නේ හොදටම හෙම්බත් වෙලා.

"මට ඇඩ්රස් එක දෙන්න. මම කොහොමහරි එහේ ගිහින් මගේ නිදහස හොයාගන්න ඕන." චාන් මද සිනාවක් පාලා කීව්වේ අදට වඩා හෙට දවස හොද වෙයි කියල බලාපොරොත්තු තියාගන්න ගමන්.

***

චාන් එයාගේ සූට්කේස් එකත් තියන් වටපිට බැලුවා. "එයා කිව්වා හරි. මේ තැන හරිම නිස්කලංකයි. කුරුල්ලන්ගේ, මුහුදේ සද්දේ පවා මට ඇහෙනවා. මම නිකන් වෙනමම ලෝකෙක ඉන්නවා වගේ. වාතය උනත් හරිම නැවුම්. මම දැන් ආන්ටිගෙ ගෙදර හොයාගන්න ඕන"

එයාට උදව් කරන්න පුලුවන් කෙනෙක් හොයාගන්න ට්‍රයි කරන ගමන් චාන් පාර දිගේ ඇවිදන් ගියා

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.


එයාට උදව් කරන්න පුලුවන් කෙනෙක් හොයාගන්න ට්‍රයි කරන ගමන් චාන් පාර දිගේ ඇවිදන් ගියා. හදිසියේම එයාට කවුරුහරි කෑගහනවා ඇහිලා පාරෙන් පොඩ්ඩක් එහාට පැන්නේ එයාගේ පැත්තට ආව බයිසිකලයක හැප්පෙන එක නතර කරගන්න. තරුන කොල්ලෙක් බිමින් නැගිට්ටේ ඇදුම්වල වගේම එයාගේ කොන්ඩෙත් තිබුන දූවිලි පිහින ගමන්

Come with Me (Sinhala Translation)Donde viven las historias. Descúbrelo ahora