"දැන් අඩුයිද හ්‍යොන්ග්?" උදේ නැගිටපු සැනින් ජන්ග්කුක් ටේහ්‍යොන්ග්ගෙ කකුල අල්ලලා බැලුවා."ම්ම්හ්.. අන්න ඒ හරිය තාමත් ටිකක් රිදෙනවා වගේ." ජන්ග්කුක් තැනින් තැන අතින් තද කරලා බලන ගමන් අහද්දි වළලුකර කිට්ටුව ජන්ග්කුක් තද කරාම ටේහ්‍යොන්ග් වෙතින් කෙඳිරිල්ලක් පිට උනා.
"අද හවස් වෙද්දි අඩු උනේ නැත්නම් අපි ආයෙත් ඩොක්ටර්ට කතා කරලා බලන්න වෙයි නේද?"
"ඕනෙ නෑ පින්කි.. කොහොමත් ටිකදවසක් යයි ඕක අඩුවෙන්න. අර ointment එකෙන් ගාලා ටිකක් මසාජ් කරන්නකො.. ඔයාගෙ අතෙන් ගෑවම ඕක අඩුවෙයි."
"කියවිල්ල නම් තියෙයි.. අමාරු බව දන්නවනම් පරිස්සම් වෙන්න තිබ්බනෙ."
"ඇත්තටම හිතුවෙ නෑ ඒයි ඒ කැරකිලා ගහපු පාර ඒ මනුස්සයගෙ වැදෙයි කියලා. පොරට හොඳ වෙලාවට නළල සීරිලා ඇරෙන්න වෙන මුකුත් වෙලා නෑ කියලා ඊයෙ රෑ ජින් හ්‍යොන්ග් මැසේජ් එකක් දාලා තිබ්බා."
"ම්ම්.." ජන්ග්කුක් ointment එක අරන් ඇඳේ පහල කෙලරින් වාඩිවෙලා ටේහ්‍යොන්ග්ගෙ කකුල එයාගෙ ඔඩොක්කුවෙන් තියාගෙන ointment එකෙන් සෑහෙන ප්‍රමාණයක් අතට අරන් ටේහ්‍යොන්ග්ගෙ වළලුකර හරියෙ තවරලා මසාජ් කරන්න ගත්තා.
ටේහ්‍යොන්ග් සම්බන්ධ වෙලා ඉන්න අලුත් action movie එකේ fighting scene එකකදි උනු ආබාධයක් නිසා එයාට දැන් අදත් එක්ක දවස් දෙකක් ශූටින් මිස් වෙනවා. හොඳ වෙලාවට ජන්ග්කුක්ට ඒ දවස් ටිකේ ශූටින් වැටිලා තිබුනෙ නැති නිසා එයාට ටේහ්‍යොන්ග්ව බලාගන්න පුළුවන් උනා.
YOU ARE READING
He's Trouble [Taekook] ✔️
Fanfic"ඔහු සම්පූර්ණයෙන්ම ප්රහේලිකාවක් විය. හැමෝම මට අනතුරු ඇඟෙව්වා, ඔහුගෙන් ඈත් වෙලා ඉන්න කියලා. නමුත් ඔහුගේ ගුප්ත බවින් පිරී ගිය ගැඹුරු දෑස් පළමු දිනයේදීම මා වශී කරගන්නට සමත් වෙද්දි මං තේරුම් ගත්තා මම ලොකු අමාරුවක වැටුනා කියලා." ...