යීබෝ දොර ඇරලා චාන්ට මුලින්ම යන්න දුන්නා. යීබෝගේ අම්මා කුස්සියෙ ඉදන් ඇවිත් චාන් දැකපු පාර ගල් ගැභිලා වගේ බලන් හිටියා."දෙයියනේ ශියාඕ චාන්, මගේ නංගි කතා කරපු වෙලේ මම හිතුවේ එයා ජෝක් එකක් කරනවයි කියලා. " ඇය චාන් ලගට ඇවිත් ලං වෙලා චාන් දිහා බැලුවා " මට තාම විශ්වාස කරන්න බෑ. ඔයාගේ මුහුණේ කිසිම අඩුපාඩුවක් හොයාගන්න බැරි තරමටම හරිම පර්ෆෙක්ට්. ඇත්තටම මේ ඔයාද?"
චාන්ගේ කම්මුල් රතු වෙන්න ගත්ත නිසා ලැජ්ජාවෙන් හිනා වුණා. "අනේ එහෙම කියන්න එපා ආන්ටි. මම-"
"සාමාන්‍යයි නේහ්?"
යීබෝ හිටියේ නම් මේ වෙන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරුව. "අම්මේ මොකද්ද ඔයාට වෙලා තියන්නේ? ඔයා මෙයාව බය කරනවනේ. අනික මොකද ඔයා ඔච්චරටම එක්සයිට් වෙලා?"
"මට හිතෙන්නේ ඔයා ඉදහිටවත් ටීවී එක ටිකක් බැලුවොත් හොදයි මොට්ට ලමයෝ. මෙයා සෑහෙන්න ෆේමස් සින්ගර් කෙනෙක් වගේම ඇක්ටර් කෙනෙක්. මගේ ෆේවරිට්ම කෙනෙක්"
"ඔයා ෆෑන් ගර්ල් කෙනෙක් වෙන්න හොදටම වයස වැඩියි" යීබෝ එහෙම ක්‍යලා එයාගේ කාමරේට ගියා.
"ගනන් ගන්නෙපා අනේ. කෝ එන්න වාඩිවෙන්න. ඔයාට හොදටම මහන්සි පාටයි. මම ඔයාගේ රූම් එක රෙඩි කරලා දෙන්නම්. ඒත් පොඩි ප්‍රශ්නයක් තියනවා..."
"එයාට මගේ කාමරේ ඉන්න පුලුවන්" චාන් වගේම යීබෝගේ අම්මත් යීබෝ දිහා බලන් හිටියා. චාන්ගේ උත්තර බලාපොරොත්තුවෙන් යීබෝ චාන් දිහා බැලුවා.
"යීබෝ ඔයා කොයිවෙලේද ආවේ? අනික ඔයා තව කෙනෙක් එක්ක නිදාගන්න කැමති නැනේ" යීබෝගේ අම්මා කිව්වා.
BINABASA MO ANG
Come with Me (Sinhala Translation)
Fanfictionප්‍රසිද්ධ නළුවෙක් වෙන ශියාඕ චාන් එයාට සිද්ධ උන යම්සිදුවීමකින් අත්වුන අපකීර්තිය වගේම හිත් වේදනාවෙන් මිදෙන්න පුංචි ගමකට යනවා. එයාට සාමාන්‍ය නිදහස් ජිවිතයක් ගත කරන වන්ග් යීබෝව එහේදි හමුවෙනවා. ඉතින් ඒ දෙන්නා ආදරයෙන් බැඳෙන්න පටන් ගන්නවා. ඒත් මේ දෙන්නාගේ...