" රන්මා..? රන්මා..?! අපෙ මැණිකෙ හෝදිසි කරලා බැලුවනන් ඔය රන්මා කොහේ කියලා. මොන රටේ තොලොංචි වුණාද මන්දා."
"රන්මා කොහේහරි ගිහින්ද මාමා? "
වැට ගාව හරහට දාලා තියෙන ලී දෙක ගාව හිටගෙන වීනුත් රන්මා හොයන්න පටන් ගත්තා. එයාටත් වෙන වැඩ නෑනෙ ඇත්තට. මං ගැන හොයලා බැලුවනම් හා මොකද වෙන්නේ? එයා කොහෙවත් ඉන්න රන්මෙක් ගැන හොයනවා. රන්මා ගැන හොයන්න රත්ති ඉන්නේ. හුම්... කොච්චර කිව්වත් රත්ති කියන්න එළදෙනක් කියල මට විශ්වාස කරන්න බෑ.
ඔව්..අපි ඉන්නේ මන්දාරම් නුවර. සියාප්පච්චිගේ හත් දවසෙන් මාස දෙකකට පස්සේ වීනුයි මමයි තීරණය කළා තවදුරටත් ලංකාවේ ජීවත් වෙන්න බැහැ කියලා. සමහර අමිහිරි මතක අපේ වලව්වත් එක්ක බැඳිලා තියෙද්දි ඒවා අපිට මතක් වෙන එක නවත්තන්න බෑ. ලංකාව කියන්නේ ලස්සන රටක්. ඒ අතරිනුත් නුවර කියන්නේ කියාගන්න බැරි තරම් ලස්සනක් තියෙන සිටි එකක්. වීනුව හොයාගෙන ලංකාවට ආපු වෙලාවේ මම හිතුවේ නැහැ අපිට මේ විදිහට ලංකාව අතහැරලා යන්න වේවි කියලා.ඒත් උන දේවල් දිහා ආපහු හැරිලා බලද්දි තවදුරටත් ලංකාවේ ජීවත් වෙන්න කොහෙත්ම ඕනි නෑ කියන එක මායි වීනුයි දෙන්නම එකපාරින් තීරණය කළා.
මගේ නමට සීයප්පච්චි ලියපු බංග්ලෝ එක කෙනෙක්ගෙ මරණයක් වෙච්ච තැනක් වෙනකොට තවදුරටත් එතන හිත හදාගෙන ජීවත් වෙන්න අපි දෙන්නටම බැහැ. ෂෙනාරා එදා ලිවින් රූම් එකේ ලේ පෙරාගෙන වැටිලා හිටපු විදිහ මටවත් වීනූටවත් කවදාවත් අමතක වෙන එකක් නැහැ. එදායින් පස්සේ අපේ ජීවිත වෙනස් වුන විදිහ පවා කවදාවත් හරිගස්සන්නත් බෑ.
ඉතින් අපි තීරණය කළා මෙච්චර කරදර වුණාට පස්සේ ලංකාව දාලා UK වලට යන්න. සීයප්පච්චිගේ අවසාන මැසේජ් එකේ තිබුණු විදියටම අපේ වීනුගේ ආච්චිම්මට සීයගේ මරණය ගැන කියන්නයි අද මන්දාරම් වලට ආවේ. හැබැයි එදා වගේම අදත් රෑ වුණා. වෙනසකට තියෙන්නේ අපිත් එක්ක අද ශ්‍රව් ඉන්නවා.
කන්ද උඩ ආරණ්‍යයට යන්න තරම් වෙලාවක් නැහැ.මීදුම නිසා උඩට යන එක ගොඩක් ඩේන්ජරස් කියලා අපි එදා රෑ නැවතුන ගම් මුලාදෑනිද කවුද කිව්වා. සෝ අද රෑට අපිට මේ ගෙදර නවතින්න වෙනවා. මම එච්චර කැමති නැහැ නවතින්න නිවිති සරණයි ඉන්නේ නිසා. ඒත් වෙන ඔප්ෂන් එකකුත් අපිට නැහැ.
YOU ARE READING
නු ග්‍ර ව්.... 𓆸 [▪︎COMPLETED▪︎]
Non-Fiction❝ ﹏ මට මේක කියන්නකෝ අග්‍ර..බියුටි ඇන්ඩ් ද බීස්ට් එකේ කුමාරයා ශාපයක් නිසා එච්චර කැත රාක්ෂයෙක් වුනේ නැත්තම් බෙල් වගේ දුප්පත් කෙල්ලෙක් දිහා අඩුම තරමෙ බලයිවත්ද? ﹏ ❞ ❝ ﹏ මටත් කියනවා එහෙනම් රාක්ෂයා බෙල්ව හිර කරගෙන හිටියෙ නැත්තම් බෙල් රාක්ෂයා දිහා බලයිව...