කෙනෙක් ගෙ ජීවිතේට අලුත් බලාපොරොත්තු දීලා ඒ මොහෙතෙම ඒ කෙනාගෙ ඉස්සරහ බලාපොරොත්තු විනාස වෙලා යනකොට ඒ හිතට කොච්චර දුකක් දැනෙනවා ඇතිද....
අහස උසට විහිදුනු ගොඩනැගිල්ලෙ ඉහලම තට්ටුවෙ තමන්ටම කියලා වෙන්වුන කැබින් එකක විසාල වීදුරුව ඉස්සරහ හිටන් කෝපි කෝප්පෙක රස විදින ගමන් කල්පනා කරපු තරුනයාගෙ කෙටි හිනාවක් ඇදුනා.ඒක හරියට තමන්ටම හිනාවෙනවා වගේ දෙයක්.
කළු ඩෙනිමට කළු ශර්ට් එකක් ඇදලා ශර්ට් එකෙ අත්දෙක වැලමිට ලගට එනකම්ම නමලා...ඒ තරුනයාගෙ තිබුනෙ හරිම ආකර්ෂනීය පෙනුමක්.
තමන්ගෙ ටේබල් එක ලගට ඇවිත් අතේ තිබුන කෝප්පෙ ඒක උඩින් තියලා එතන පුටුවෙන් වාඩිවුනේ ටේබල් එක උඩ ගොඩගැහිලා තිබුන ෆයිල් ටික චෙක් කරන්න. ෆයිල් චෙක් කරන ගමන් හිටිය තරුනයාගෙ අවධානෙ බිදුනෙ කැබින් එකේ දොර අරන් ආව සේවකයෙක් නිසා. "සේවකයෙක්".ඔව් මේ බිල්ඩින් එකම පාලනය වෙන්නෙ අර තරුනයාගෙ යටතෙ.
" සර්.සර්ව හම්බෙන්න කියලා ලේඩි කෙනෙක් ඇවිත් ඉන්නවා.මන් එයාව ඇතුලට එවන්නද."
" ok"
ඔලුවවත් උස්සන්නෙ නැතුව තනි වචනෙන්ම උත්තර දුන්නම ඒ සේවකයා දොරත් වහගෙන එලියට ගියා. ටිකකින් ආයෙත් ඒ දොර අරන් ආවෙ එයාගෙම වයස ගෑනු කෙනෙක්. ඒ මුහුන හරි ලස්සන හිනාවකින් පිරිලා.
" මිස්ටර් සජිව් මේ දවස්වල හරියට බිසී වගෙ."
ඒ කෙනා එහෙම කියන ගමන් ඉස්සරහ පුටුවෙන් වාඩි වුනාම සජිව් ෆයිල් එක වහලා ටේබල් එක උඩින් තිබ්බා.
" හුග දවසකින් දැක්කෙ.මොකෝ මේ හදිස්සියේම මතක් වෙලා තියෙන්නෙ."
සජිව් හිනා වෙවී කිව්වාම ඒ ගෑනු කෙන රැව්වා.
" ඔයාට එහෙමවත් අපිව මතක් වෙන්නෙ නෑ නෙ. මට ආදිත්‍යය කිව්වා ලගකදි ඉදන් වැඩිය කතාවක් එහෙම නෑ කියලා. මොකෝ කාත් එක්ක හරි පැටලුනාවත්ද."
ඒ කෙල්ල සීරියස් මූඩ් එකකින් ඇහුවාම සජිව් ටේබල් එකට අත්දෙක තියලා ඉස්සරහට බර වුනා.
" ඔයා දන්නවා නෙ මන් ගැන. මන් ආයෙ එහෙම කරන්නෑ. මට ආයෙ කිසිම කෙනෙක් ගෙ බලාපොරොත්තුවක් වෙන්න ඕනෙ නෑ. එක පාරක් වැරැද්දක් කරා. ඒ වැරැද්දට මන් විදෙව්වා දැනටමත් එහෙමයි.ආයෙ මන් ඒ වැරැද්ද කරන්නෙ නෑ."
YOU ARE READING
මතක සොයා ♡ TK Nonfic ♡ 🄾🄽🄶🄾🄸🄽🄶
Non-Fictionසෑම අවසානයක්ම අලුත් පටන්ගැන්මකින් නිම වේ!! හීනයක් නොවනා තැනක නුබ ආදරේ සගවා.. හේතුවක් නොවනා දිනක් මා හාද ඉකිබිඳලා ගෙවුනු අතීතෙක නුබේ කතා...ඇසෙනවා මෙදා නොහෙලූ වදන් ඔහේ ...පාවෙලා ගියා...... #nonfic #bl Cover by @hazy_lzel