තව දවස් දෙකයි .අපි අර ඕලෙවල් කියන මහාබලවේගෙ ඉවර කරලා මාස තුනක් විතර නිවීසැනසිල්ලේ හිටියා. හැබැයි ඒ කියන තරම් සැනසිලිදායක තත්වයක් තිබ්බෙත් නෑ.කොයි වෙලාවෙ රිසාල්ට් එයිද කියලා බයෙන් හිටියෙ. ඇයි ඉතින් මෙලෝ දහමක වැඩක් කරන් නැතුව නෙ exam ලියලා ආවෙ. මන් ඒ කාලෙ වැඩියෙන්ම හිටියෙ ග්‍රවුන්ඩ් එකේ ප්‍රැක්ටිස්වලට.මට ඔය ඕලෙවල් වලට වඩා ලොකු වුනේ බාස්කට්බෝල් නෙ.පස්සෙ විභාහාගේ ලන් වෙනකොට තමා රත් වෙන්න පටන් ගත්තෙ. දැන් කියලා වෙනසකුත් නෑ ඉතින්. තාමත් මගෙ අතේ පොතට වඩා තියෙන්නෙ බෝලෙ.හෙහෙ තාම ගොනා වික්කෙ නෑ නේ මල්ලි.ඒ උනාට කොල්ලා exam එක ගොඩදාගත්‍තා.ඒකනෙ ගැම්මට ඒලෙවල් ආර්ට් කරන්නෙ.ඇයි දැන් අපි ආර්ට් කරා කියලා මොකක් හරි අවුලක් තියෙනවා ද නෑ නේ නෑ නේ. මේ අහල පහල එවුන්ට තමා එක එක අමාරුකම් හැදෙන්නේ.එහා ගෙදර ලමයා බයෝ කරන්නෙ.අපේ පුතා නම් A9. ඇයි ආර්ට් කරන්නෙ.දැන් ඕවට ජොබ් නෑ. හැව් හැව් උන් දන්න තරම තමා.යකොව් අපිට වැඩක් ඇ අල්ලපු ගමේ එකා මොනමගුලක් කරත්...මුන්ටත් ඉතින් අනුන්ගේ චීත්තයක් හෝදන්න තිබ්බොත් ඇති
උප්ස් අමතක උනා නේ.ඔයාලා බලනවා ඇති මන් කවුද කියලා.මන් තේෂුල්‍ය ගිම්හාන් ද සිල්වා.කොහොමද නමේ ලස්සන.නම විතරක් නෙමෙයි කොල්ලත් ලස්සනයි.මේවට ඉතින් වග කියන්න ඕනෙ මගෙ අම්මයි අප්පච්චියි. මගෙ පවුල ගැන කිව්වොත් අප්පච්චි lawyer කෙනෙක් අම්ම නම් ගෙදර ඉන්නෙ. මන් තමා ඒ දෙන්නට ඉන්න ගෙදර පොඩි එකා.ඒ උනාට එකා යකා කියනවා නෙ.අප්පච්චි නම් සැරයි ඒ උනාට මට ආදරේයි.අම්මාත් එහෙම තමා. ඒ උනාට කොච්චර ලස්සන නමක් තිබ්බත් මට ඉන්න තිරිසන් යාලුවො කතා කරන්නෙ ගිම්හාන් කියලා.හත්දෙයියනෙ අච්චර ලස්සන නමක් තියෙද්දි මුන් මොන මගුලකට දෙවෙනි නමින් කතා කරනවද දන්නෑ. උන්ගෙ දිව උලුක් වෙනවාලු තේෂුල්‍ය කියලා කතා කරාම. අනේ මුන්ගෙත් බොරු මරිසි. මුන්ට තියෙන්නෙ පැහැදිලි ඉරිසියාව. ශික් ලොන්ත හිවල ගල් මූසල හිපාටු රැල.
අපි මේ යොහානයාගෙ ගෙදර ගිහිල්ලා එන ගමන්.අහ් අපි කිව්වාම තමා මතක් වුනේ එහාපැත්තෙ තව එකෙක් ඉන්නවා කියලා. මූ මොකද මේ කවදාවත් නැතුව සයිලන්ට් වෙලා.
YOU ARE READING
මතක සොයා ♡ TK Nonfic ♡ 🄾🄽🄶🄾🄸🄽🄶
Non-Fictionසෑම අවසානයක්ම අලුත් පටන්ගැන්මකින් නිම වේ!! හීනයක් නොවනා තැනක නුබ ආදරේ සගවා.. හේතුවක් නොවනා දිනක් මා හාද ඉකිබිඳලා ගෙවුනු අතීතෙක නුබේ කතා...ඇසෙනවා මෙදා නොහෙලූ වදන් ඔහේ ...පාවෙලා ගියා...... #nonfic #bl Cover by @hazy_lzel