04. Lucky to find you

119 25 4
                                    

"බෙදන් කන්න පුතේ. නැත්නං යීබෝ සේරම කාලා ඉවර කරයි" මිසිස් වන්ග් එහෙම කීව්වේ යීබෝ දිහාත් බලන ගමන්. මේ වෙද්දිත් එයා කම්මුල් පිරිලා යන තරම් කටේ කෑම තියන් හිටියේ.

චාන්ට නං හිනානොව් ඉන්න බැරි උනා. යීබෝට තමන්ගේ අම්මා කියපු දේට විරුද්ධ දෙයක් කියන්න ඕන උනත් ඊට කලින් එයාට කටේ තිබුන කෑම ටික ගිලින්න උනා.

"ඔයා මෙහෙට ආව දවසේ ඉදන් මෙයා හොදට කනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ඔයා මෙහෙට ආව දවසේ ඉදන් මෙයා හොදට කනවා. මම ඔයාට තෑන්ක් කරන්න ඕන"

"නැ නෑ ආන්ටි. මට තැන්ක්ස් කරන්න එපා." චාන් දැක්කා යීබෝගේ මූණ රතුවෙලා යනවා හරියට තක්කාලි ගෙඩියක් වගේ. " ඔයා එයා ගැන ආඩම්බර වෙන්න ඕන. යීබෝ හරිම ස්මාර්ට් වගේම හාර්ඩ්වර්ක් කරන කෙනෙක්. ඒ වගේ ලමයි හරිම අඩුයි. එයාගේ වයසට වඩා දේවල් කරන"

"මම කාලා ඉවරයි" යීබෝ හනික නැගිටලා එයාගේ කාමරේට ගියා. චාන් යීබොගේ මේ ක්ශනික වෙනස් උන ඇක්ශන් එක දිහා බලන් කල්පනා කරේ මොකක් එයා අතින් උන වරද කියලා යීබෝට.

"චාන් පුතේ, ගනං ගන්න එපා එයා අමුතු විදියට හැසිරුනාට. එයා ඕනවටත් වඩා සෙන්සිටිව් කෙනෙක්"

"ඉට්ස් ඕකේ ආන්ටි. මම එයාට කතා කරන්නම්"

චාන් යීබෝගේ කාමරේට ගිහින් එයා ඉස්සරහින් වාඩි උනා. යීබෝ නං හිටියේ පොතක් කියවන ගමන්

"යීබෝ, අද වීකෙන්ඩ්නේ. අපි එලියට යමුද?"

යීබෝගෙන් කිසිම රිඇක්ශන් එකක් තිබුනේ නැති නිසා චාන් එයාට ටිකක් ලං උනා. "යීබෝ?"

යීබෝ ඔලුව උස්සලා බැලුවා. එයාගේ හුරතල් මුණේ නම් තිබුනේ පොඩි කේන්තියක්.

"මොකද උනේ? ඔයා තරහින්. මම මොනව හරි වැරද්දක් කලාද?"

"ආයෙ එහෙම කරන්න එපා"

Come with Me (Sinhala Translation)Where stories live. Discover now