බඹර විසේ 07

228 27 18
                                    

මීදුම් වැස්සේ සීතල උදයේ
පිනි බිඳු අතරින් ඔබෙ රුව දුටුවේ

දෙපා නගද්දී මාවත ඔස්සේ
නෙතු විහඟුන් මා යයි ඔබ පස්සේ

අනුරාගයෙන් බලා ඔබ පෑ සුපෙම් සිනා සිහිනෙන් දකී සදා නිදි යහනේ මා.....

මා උමතු වෙලා
මා උමතු වෙලා........

උදේ පාන්දර බස් හෝල්ට් එක ලඟම තිබ්බ ත්‍රීවීල් පාර්ක් එකේ තිබ්බ ත්‍රීවීල් එකකින් ඇහෙන සින්දුවේ තිබ්බෙ මේ වෙලාවට ගැළපෙනම වචන ටිකක්. මොකද මේ වෙද්දිත් බස් හෝල්ට් එක ඇතුලේ ඉඳපු සෙට් එකේ සමහරුන්ට නම් තමන්ගේ අහල පහලම ඉන්න අයව හිතෙන් මවාගෙන සින්දුව රස විඳින්න පුළුවන් උනා.

පුරුදු විදියටම කේනුත් ආයුට ඇලිලා වෙලිලා ඉද්දී බෝමිත් පාර්සල් කරපු කේක් එකක් වගේ බස් හෝල්ට් එකට ඇවිත් හිටියේ.

බෝමිට අම්ම ළඟින් හෙලවෙන්න උනේ නැති නිසා ඒකා කේනුලා දිහා බල බලා නලියනවා. ඒ අස්සේ එයාටත් හොරෙන් ඇස් දෙක යන්නේම යුකී ළඟට. ඒක ඉතින් යුකීත් නොදැක්ක නෙවෙයි.

යුකියට හිතුණේම බෝමි ඒ විදියට එයාට හොර බැල්මවල් දෙන්නේ කොල්ලගේ හොර වැඩ අම්ම ඉස්සරහ දිග අරී කියල බයට වෙන්න ඇති කියලා. ඒ නිසාම බෝමිය ගෙන් පොඩි ආතල් එකක් ගන්න මේකා දෙපාරක් හිත හිතා හිටියෙ නෑ.

බෝමි ආයෙත් සැරයක් බලද්දි යුකී ඇහැක් ගැහුවේ කොල්ල රතු වෙලා අහක බලා ගද්දී. යුකියට නම් හිනා, ඒකා යාළුවන්ටත් හොරෙන් බිම බලාගෙන හින වෙන්න හැදුවත් ඒක කරන්න බැරි වැඩක්......

"තනියම හිනා නොවී අපිටත් කියල හිනා වෙයන් යකෝ"

සිහත්ගෙ සද්දෙට ආයු, කේනු දෙන්නත් යුකී දිහා බැලුවා.....

"උඹට පිස්සුද, මගේ මූණ දිහා බලන්න නෙවෙයි පාර දිහා බලපන්. දැන් උඹේ සිහින කුමාරි එයි"

යුකී කිව්ව වගේම ටිකකින් සිහිනි එයාගෙ තාත්තත් එක්ක බයික් එකේ ගියේ කොල්ලො ටිකට අතත් වනාගෙන. සිහිනිගෙ තාත්තත් කොල්ලො ටික දැකලා හෝන් එකත් ගහගෙනම ගියා.

බස් එක ආවට පස්සෙ පොඩි ළමයින්ටයි කාන්තා පාර්ශවයටයි ඉඩ දීලා කොල්ලො ටික අන්තිමට නැග්ගා.ගුරුවරුන්ට කොහොමත් ඉඳ ගන්න ඉඩක් ලැබෙන නිසා ශාන්ති මිස් පුරුදු විදියටම ඉඳ ගත්ත. ඒ හරියේ හිටියෙම ගෑණු ළමයි නිසා බෝමිට යන්තම් එතනට නොයා කේනුල ළගින් ඉන්න පුළුවන් උනා.....

බඹර විසේ Where stories live. Discover now