ආදරේ කියන දේ හරිම අමුතු දෙයක්.ආදරේ කියන දේට ගෑනු පිරිමි භේද නෑ. ගැහැණු ළමයි දෙන්නෙක්ට ආදරේ කරන්න පුලුවන්, පිරිමි ළමයි දෙන්නෙක්ට ආදරේ කරන්න පුලුවන්.සමහර විට විරුද්ධ ලිංගිකයො දෙන්නෙක් අතර ඇතිවන ආදරේට වඩා ඒක පිවිතුරුයි.ඒත් ලංකාව වගේ රටක ඒ දේ අසම්මතයි.ඒක පාර්ශ්වික ආදරයක් තිබ්බත් තමන්ගෙ ආදරය තමන්ට ආදරේ කරන්නෙ හරි කලාතුරකින්.ඒ වගේ කලාතුරකින් වෙන දෙයක් මට වුණා.මමයි නේශාදියි දැන් ආදරවන්තියො.
මං එයා එක්ක වෙන මිනිස්සු ඉන්න තැන්වල කතා කළත් අපි ආදරේ කරන වගක් එළි වෙන්න දුන්නෙ නෑ.මොකද අපිට ලොකු ප්‍රශ්නවලට මුහුණදෙන්න වෙනවා.අපි දෙන්නගෙ ආදර කතාවට මේ වෙනකොට මාසයක්.
අද සදුදා දවසක්.මං පුරුදු විදියට උදේම ඉස්කෝලේ යන්න ලෑස්ති වුණා.අද මගෙ අම්මයි තාත්තයි ගෙදර හිටියෙ.ඒත් ගෙදර ඉදගෙනගත් එයාලා තම තමන්ගෙ වැඩ.ලෑස්ති වෙලා මම පාරට ගියේ school bus එකට.මං පාරට ඇවිත් ටික දුරක් ඇවිදන් යන්නෙ බස් හෝල්ට් එකට ගාවට.එතනට තමයි ළමයි ගොඩදෙනෙක් එන්නෙ.
බස් හෝල්ට් එකට ගියපු මම ටික වෙලාවක් හිටගෙන හිටියෙ බස් එක එනකල්.ලෙනේයස් පෞද්ගලික බාලක පාසලේ පිරිමි ලමයි ටිකක් එනතනට ආවා.එයාලා හැමදාම වගේ එනවා.මගේ බෙස්ටිගෙ සූක්ෂම බුද්ධියට හසු වුණු විදිහට උන්ගේ කල්ලියේ බොසා වගේ ඉන්න ජොහාන් මට ලයින් කියලයි.කවුද ඕවා ගනන් ගන්නෙ?මට පේන්නේ බැරි මං දිහා ඌ බලන ඉන්න විදිය...
ජොහාන් මං ගාවට එන්න කියලා හදන කොටම බස් එක ආවා.මං ඉක්මනට ඒකට නැග්ගා.මෙතනින් ගොඩක් ළමයි නැග්ගත් නේශාගෙ ගෙවල් හරියට යනකොට ළමයි ටිකයි ඉන්නෙ.ගොඩක් අය යන අතරමග ඉස්කෝලවල අය.අපේ ඉස්කෝලෙ ළමයි තමා අන්තිමට බහින්නෙ.ඉතිං දැං සීට් එකක් නැතත් ඉස්කෝලෙට යනකොට මට නේශා එක්ක යන්න පුලුවන්.ගොඩක් ළමයි ඉදිය නිසා හිටගෙන තමා යන්න වෙන්නෙ ඉතිං.ලෙනේයස් එකේ සෙට් එක එන්නෙ වෙන ස්කූල් බස් එකක.ඒ නිසා නෝ ප්‍රොබ්ලම්.
_______________________________________
කලින් මම අත කහන නිසා ලිව්ව පළවෙනි කතාව "සම්මතයෙන් පිට"එකේ කොටසක්...අනිත් කතාවෙ තිබුණ අඩු පාඩු නැතිවෙන්න මම මේ කතාව ලියන්න උපරිම උත්සාහය ගන්නවා......
අවුල්ද මන්දා~💔😂
YOU ARE READING
°°සම්මතයෙන් පිට°°2 (GL)
Romanceඅසම්මතයි කියලා ආදරේ කියන හැගීම ඇතිවෙන එක නවත්තන්න පුලුවන් කාටද?💔