සුභ දවසක් ඔබ සියළු දෙනාටම. පලමුව මෙහි ජ්යාග්රාහකයන් වන ඔබ සියලුම දෙනාට අපගේ උණුසුම් සුබ පැතුම්.
සියලු දෙනාම සංවිධායක මඩුල්ල විසින් සිදු කරන දැනුම් දීම කරුණාකර කියවා ඉදිරියට යන්න.
නොකඩවා වසර සතරක් අප වට්පෑඩ් ශ්‍රී ලාංකේය පරිෂීලකන් උදෙසා award ceremony පවත්වා ඇත. 2021 වර්ෂයේ කුඩාවට සංවිධානය කල අපගේ මෙම ceremonyයට අද වන විට බොහෝ ලාංකේය පරිෂීලකයන් එක්ව සිටුනු දැකීම සතුටට කරුණකි.
අප ජ්යාග්රාහකයන් තේරීමේදී කරුණු කීපයක් සේම නිර්ණායක සලකා බලා ඇත. පලමු කොටස වන හොඳම පොතට හිමි සම්මානය ලබා දීම ,
මෙය අපගෙ සංවිධායක මඩුල්ල විසින් ගනු ලබන තීරණ වලට අනුව ලබා දෙන දෙන අතර , අප සියලු දෙනාගෙ රසයන් විවිධ නිසා මෙහි ඔබ කැමතිම නිර්මාණයට අප පලමු ස්ථානය නොදී තිබිය හැක. එසේම ජනප්‍රිය බව සහ අනුගාමිකයන් සංඛ්‍යාව මත මෙහි ජ්යග්රහනය තීරණය නොවන වග සලකන්න. බොහෝ දක්ෂයන් අතර, අපට ස්ථාන ලබා දීම බොහෝ අපහසු වූ නමුත් අප අවසානයේ එක් කාණ්ඩයකින් 1 , 2 , 3 ස්ථාන වලට පොත් තුන බැගින් පොත් 30ක් තෝරා ගත්තෙමු. එයින් අදහස් වන්නෙ ඔබ නොතේරුනත් ඔබ දක්ෂයෙකු නොවන බව නොවේ. ඔබ සියල්ලෝම දක්ෂයන්ය. කරුණාකර සංවිධායක මඩුල්ලෙ තීරණය අවසාන තීරණය ලෙස භාර ගන්නා ලෙස අප කාරුණිකව ඉල්ලා සිටිමි.
දෙවන කොටස ,
දක්ෂතම රචකයා තේරීම. මෙය වෝට් ගණන මත පදනම් වූවකි. කෙසේ නමුත් නැගී එන රචකයා තෝරන්නෙ අපගෙ සංවිධායක මණ්ඩය මගින් වන අතර ඡන්ද ගනනට නොවෙයි.
එක් කාණ්ඩයකින් එක් රචකයෙකු තෝරන අතර , කාණ්ඩ දෙකක් සඳහා එකම රචකයෙකුට ජ්යග්රහනය මෙයින් ලබා නොදෙයි. උදාහරණයක් ලෙස ඔහු/ඇය හොඳම විහිලු කතා රචකයා සහ හොඳම අද්භූත කතා රචකයා සඳහා ජ්යග්රහනය ලබාගෙන සිටියේය නම් , ඔහු/ඇයට සුදුසුම කාණ්ඩයට ජ්යග්රාහනය ලබා දී , අනෙක් කාණ්ඩය සඳහා දෙවැනි ස්ථානයෙ සිටින්නාට ජ්යග්රහනය ලබා දී ඇත.
පලමුව තෝරන්නෙ ජනප්‍රියම රචකයාය. ඉන්පසුව දක්ෂතම රචකයාය. ඉන්පසු නිහතමානීම රචකයාය. ඉන්පසු අනෙක් සම්මාන ලබා දෙනු ලබයි.
නමුත් මෙහි එක් ගැටලුවක් 2024 සම්මාන ප්රදානෝත්සවයේදී පැන නැගි ඇත.
අපගේ මුල් සැලසුම වූයේ මෙයට වූවත් දක්ෂතම රචකයා සම්මානය දිනූ තැනැත්තිය විසින් තවත් කාණ්ඩයක 97%කට ආසන්නව ඡන්ද ලබාගෙන ඇති නිසා අප අයට සම්මාන දෙකම ලබා දෙන්නෙමු. ඒ හැර අනෙක් අවස්ථාවලදී මේ මූලධර්ම අප අනුගමනය කරන්නෙමු.එසේම දක්ෂතම කවර නිර්මාණයට හිමි සම්මානය cover shop එකක් පවත්වාගෙන ගිය/යන අයෙකුට වෝට්ස් මත අප ලබා දෙන්නමු.
මෙහි සම්මාන ලබා දීමේදී රචකයන් සහ පාඨකයන් අතර ගැටුම් පිලිබඳව අප කිසිඳු අවධානයක් ලබා දී නැති අතර , කිසිදු පාර්ශවයකට bias නොවී අප මෙම ක්‍රියාව සිදුකරන අතර ප්රචන්ඩත්වය පැතිරීමෙන් වලකින්න.
ඔබේ ප්රිපල ප්‍රකාශයට පත් කොට ඇත
ස්තුතියි
සංවිධායක මඩුල්ල17/09/2024