චාන් මිසිස් වන්ග්ට ඔලුව වනලා හිමි හිමිට කාමරයට ගියේ එයාට තාමත් කරකැවිල්ල ගතිය තිබුන නිසා. යීබෝ ෆ්රිජ් එකෙන් කූල් වතුර බෝතලේකුයි වීදුරුවකුයි ගත්තා."පුතා, මොකක් හරි නරක දෙයක් උනාද?"
"කෙනෙක් එයාව අදුරගත්තා. ඊට පස්සේ එයාලා ටිකක් නරක විදියට කතා කලා. චාන් බය උනා. මම හිතන්නැ එයා මානසිකව හොදින් කියලා අම්මේ"
"දුක්වෙන්න එපා. මම එයාව බලන්නම්"
"අම්මේ" යීබෝ හිමිට අම්මට කතා කලා. "මම ඒක කරන්නම්. මම එයා එක්ක චිකක් ඉන්නම්"
"හරි පුතා. ඔයාගේ කැමැත්තක්" මිසිස් වන්ග් යන්තමින් හිනාවුනා.
චාන් සෝෆා එකේ වාඩි වෙලා හිටියේ ඇස් ලොකු කරන් ඔහේ බලාගත්තු අත බලාගෙන
"දැන් කොහොමද ඔයාට? මේ සීතල වතුර එක බොන්න " යීබෝ චාන් ලගින් වාඩි උනේ ඒ දෙන්නා අතර පුංචිම ඉඩක්වත් ඉතිරි නොකර. "මට සමාවෙන්න"
"ඇයි ඒ?"
"ඒ හැමදේම උනේ මගේ වරදින්. මම ඇත්තටම ගියේ ඔයාට මොනවා හරි ගන්න"
"ඇත්තටම? මොනවද?"
"ඔයා පොඩි ලමයෙක් වගේ අනේ" යීබෝ එහෙම කියලා එයාගේ සාක්කුවෙන් බ්රේස්ලට් එක එලියට ගත්තා. "මේකට කියන්නේ බොන්ඩ් එකක් කියලා. මේක කාගෙ හරි මැණික් කටුවේ ගැටගහනවා නං එයා අනතුරක ඉන්නකොට හරි එයාට උදව්වක් ඕන උනාම අනිත් කෙනාට දැනෙනවලු." යීබෝ කටහඩ බාල කරව කියන ගමන් ඒක චාන්ගේ අතේ ගැටගහලා එයාගෙ අත්ල උඩ චාන්ගේ අත තියාගත්තා. "හැබැයි එක කන්ඩිශන් එකක් තියනවා"
"මොකක්ද?"
"ඒක පස්සෙ කියන්නං"
යීබෝට එයාගෙ උරහිස බර වෙනවා වගෙ දැනෙනවත් එක්කම චාන්ගෙ සිනිදු හිසකෙස් එයාගෙ කම්මුලේ වැදෙන්න ගත්තා. එයා ටිකක් පහලට ලිස්සලා චාන්ට ඉන්න පහසු විදියට හරිබරි ගැස්සුනා.
"මම ටික වෙලාවක් මෙහෙම ඉන්නද?" චාන් මිමිනුවත් ටික වෙලාවකින් එයාගේ සන්සුන් හුස්ම නිසා දැනටමත් චාන්ට නින්ද ගිහින් ඉන්නේ කියලා යීබෝට තේරුනා. යීබෝ චාන්ව උස්සන් ගිහින් ඇදෙන් තිබ්බා. චාන් හරියට පිහාට්ටක් වගේ සැහැල්ලුයී. එයාගේ රෝස පාට තොල් හුස්ම එක්ක සමපාත වෙන හැටි යීබෝ බලන් හිටියා. යීබෝට චාන්ව සිපගන්න ආසාවක් ආවා. ඒත් එයා ඒක නොකර චාන්ගෙන් ඇස් ඉවතට ගත්තා.
YOU ARE READING
Come with Me (Sinhala Translation)
Fanfictionප්‍රසිද්ධ නළුවෙක් වෙන ශියාඕ චාන් එයාට සිද්ධ උන යම්සිදුවීමකින් අත්වුන අපකීර්තිය වගේම හිත් වේදනාවෙන් මිදෙන්න පුංචි ගමකට යනවා. එයාට සාමාන්‍ය නිදහස් ජිවිතයක් ගත කරන වන්ග් යීබෝව එහේදි හමුවෙනවා. ඉතින් ඒ දෙන්නා ආදරයෙන් බැඳෙන්න පටන් ගන්නවා. ඒත් මේ දෙන්නාගේ...