🚫මෙහි සඳහන් සියලුම සිදුවීම්, නම්,ගම් සියල්ලම මනඃකල්පිත වන අතර මෙහි ඇතුළත් කිසිදු දෙයක් කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම් බවත් කරුණාවෙන් සළකන්න. ස්තූතියි.🚫
හදිසියේම ඇද හැලුණු හිරිපොඳ වැස්ස හේතුවෙන්, වඩාත් කාර්යබහුල වූ මැන්චෙස්ටර් නඟරයේ කුඩා කෝපි අවන්හල, පාරිභෝගිකයන්ගෙන් අතුරුසිඳුරු නැතිවම පිරී ඉතිරී ගියෝ ය.
එතෙක් එහි වූ ඇනවුම් හමුවේ මහත් සේ හෙම්බත්ව සිටි තලතුනා වයසැති ලිඩියා මහත්මිය, කවුන්ටරය මත වූ කුඩා සීනුව නාද කරමින්, හදිසියේම යමෙකුව කැඳවා සිටියා ය.
"එල්නෝරා....!!!! කරුණාකරලා විල්ෆ්රඩ් මහත්මයාගේ අයිරිෂ් කෝපි ඇනවුම ගැන සළකා බලන්න...! ඔහ්...! හැකිනම්.... විස්කි ස්වල්පයක් සමඟම...! "
ලිඩියා මහත්මියගේ එම නියෝගයත් සමඟම, බීර වීදුරුවක් අතැතිව එහි සම්ප්රාප්ත වූ රූමත් තරුණිය, අවන්හල තුළ එතෙක් නාද වෙමින් පැවති ග්රැමෆෝනයේ හඬ තවදුරටත් වැඩි කර සිටියා ය.
"එල්නෝරා....!!! දෙවියන්ගේ නාමෙට ඔය ඉලව්වේ සද්දය අඩු කරලා දානවා......!!!"
එසේ වුවත්, ලිඩියා මහත්මියගේ එම කෝපාන්විත ගර්ජනය කෙරෙහි නෑසුණු කන්ව සිටි රූමත් තරුණිය, අනතුරුව තාලයට පාද තබමින් කෝපි මැෂිම වෙතට ඇදුණා ය.
ඒත් සමඟම ඇය පසෙකින් සිට ගත් අනෙකුත් අයකැමි තරුණයා, තවමත් මඳ උණුසුමින් යුක්ත වූ නැවුම් කෝපි ඇට නැහැ පුඩු අසලට ගනිමින්, එහි මිහිරි සුගන්ධය හොඳින් ආඝ්රාණය කර බැලුවේ ය.
"හ්ම්..... කොළොම්බියානු දේශයේ ඉස්තරම්ම කෝපි....! සුවඳින්ම කියන්න පුලුවන්...!"
