බඹර විසේ 08

216 26 12
                                    

කේනු ඉතින් ආයුට හොඳ චරිත සහතිකයක් දීලා ගේට්ටුව ළඟට ඇවිදන් ගියා. ආයු තරහෙන් පිපිරෙන ගමන් කේනුව අල්ල ගන්න යන්න ගියත් කේනුගේ අම්ම ආව නිසා එයා එහෙමම මිදුලෙ නතර උනා.

"පුතා පොඩ්ඩක් ඉන්න"

"ඇයි අම්ම"

"මොකටද දැන් ඔය යන්නෙ සෙල්ලම් කරන්නද"

"නෑ අනේ. නේහව බලන්න. එයාට උදේ ඉඳන් සනීප නැහැ අම්ම"

"ඒ ඇයි පුතා, ඒ ළමයට මොකද"

"උණ වගේ තිබ්බ අම්ම උදේ ඉඳන්. එයා ගැන බලන්න කවුරුත් නෑනෙ, මං චුට්ටක් ගිහින් බලලා එන්නම්"

"ඔයා වේලාසන කිව්ව නම් මං ඉක්මනට උයනවනෙ පුතා. ඒ ළමයට බත් එකක් යවන්න තිබ්බ.දවල් උයපු ඒවත් ඉවරයි. මං මේ දැනුයි රෑට උයන්න ගත්තේ. හය වෙද්දි මම වැඩට යන්න එපැයි පුතා"

"කමක් නෑ අම්ම, මං ගිහින් බලලා එන්නම්"

"අනේ පව් පුතා. හොයල බලන්න කවුරුත් ඇත්තෙත් නෑනෙ ඉතින් ලෙඩක් හැදුන කියල. අපි මෙහෙම කරමුද පුතා.එයා කැමති නම් අද මෙහෙ එක්කන් එන්න"

"මං අහල බලන්නම් අම්ම"

"දැන් එහෙනම් පරිස්සමින් ගිහින් එන්න. මං යන්න කලින් එන්න හොඳේ "

"හරි අම්ම... බායි"

කේනු පාර දිගේ දුවගෙන ගියේ ආයුලගේ ගේ පැත්ත වත් නොබලා.


"ආ... පොඩි බොසා, කොහේ යන ගමන්ද මේ"

කේනු යන පැත්තටම යන්න ගිය කාර් එකක් හෝන් එකත් ගහගෙන එයාගෙ ළඟින් නැවැත්තුවා. කාර් එකේ ඩ්‍රයිවින් සීට් එකේ හිටපු කොල්ල එබිල බලල කේනුගෙන් එහෙම අහද්දි කේනු ඒවට උත්තර දිදී හිටියෙ නෑ. ඒකා කරේ දඩිබිඩි ගාලා කාර් එකේ ඉස්සරහ දොර ඇරන් නැගලා පැසෙන්ජර් සීට් එකේ ඉඳ ගත්ත එක. ඒ තරම් මෙයාල හිතවත්නෙ.

අර කොල්ලත් ඉතින් පාඩුවේ කාර් එක ස්ටාර්ට් කරන් ඉස්සරහට ගියා. ඒ කොල්ලා වෙන කවුරුත් නෙවෙයි. ඒ මෙතෘ.

"අම්මෝ හොඳ වෙලාවට තමුසෙව හම්බ උනේ අයියෙ.මාව වොලිබෝල් කෝඩ් එක ළඟින් හලන් යනවා හොඳේ"

"කෝ අනිත් බාගේ"

"හැලුව"

"ඒ මොකෝ"

බඹර විසේ Where stories live. Discover now