"අම්මේ චාන් කොහෙද?" යීබෝ කාමරයටත් ගිහින් බැලුවේ කලබල වෙලා.
"ඔයා එයාව හම්බෙන්න බීච් එකට ගියේ නැද්ද? චාන් ගිහින් දැන් පැයකටත් වඩා"
"ඇයී.. අයියෝ ඇයි මම එනකල් හිටියේ නැත්තේ? අම්මේ මම යනවෝ"
යීබෝ විනාඩි කීපයක් ඇතුලත බීච් එකට ගියේ කලබලෙන් බයිසිකලෙත් පැදගෙන. ඒත් චාන් බීච් එකේ ඉන්නවා නං එයා දැක්කේ නෑ. යීබෝ බීච් එකේ එහාට මෙහාට කලබලෙන් ඇවිදින ගමන් චාන්ට කෝල් එකක් ගන්න ට්‍රයි කරද්දි එයා දැක්කා මුහුදේ මොකක්හරි නිල්පාට දෙයක් සැරින් සැරේ මතුවෙනවා. එවෙලෙ එයාට ටක්ගාලා මතක් උනෙ එයා කොලේජ් යද්දි උදේ චාන් ඇදන් හිටියේ නිල්පාට ශර්ට් එකක් කියලා.
"නෑ නෑ... ඒක වෙන්න එපා දෙයියනේ"
යීබෝ හනික දුවන් ගිහින් මුහුදට පැනලා එයාගේ උපරිම ශක්තිය දාලා වේගෙන් පීනන්න ගත්තා. අන්තිමට එයාට චාන්ව අල්ලගන්න පුලුවන් උනා. චාන්වත් වාරු කරගෙන යීබෝ ආපිට වෙරලට පීනගෙන ආවා.
"ටිකක් ඔහොම අල්ලන් ඉන්න වස්තුවේ... පොඩි වෙලාවක්... ඔයාට මුකුත් වෙන්නෑ"
යීබෝ පුලුවන් තරම් ඉක්මනට චාන්ව වෙරලේ හාන්සි කරලා එයාගෙ පපුව තරපන්න පටන් ගත්තා.
"ඇස් අරින්න චාන් ප්ලීස්.. ඔයාට මාව මෙහෙම දාලා යන්න බෑ. ඔයා මගේ හිතේ මේ වගෙ හැගීම් ඇතිකරලා ඔයාට යන්න බැ"
එසැනින්ම යීබෝට දැනුනා එයාගෙ උකුලෙ තිබුන චාන්ගෙ අත අයින් වෙනවා කියලා. ඒත් එක්කම චාන් එයාට පෙවිල තිබුන වතුර අයින් කරලා හිමීට ඇස් ඇරියා. එයා යීබෝගෙ මූණ දැකලා මලානිකව හිනාඋනා.
"ඔයා ඇත්තටම ආවා. මාව බේරගත්තා"
"ඔයා හොදින්ද? මං දිහා බලන්නකො." යීබෝ චාන්ව චෙක් කරන ගමන් එයාගෙ ඇස් වලින් කඩන් වැටෙන කදුලු නතර කරගන්න ට්‍රයි කලා. "ඔයාට කොහෙ හරි රිදෙනවද?"
චාන්ට ප්‍රශ්නයක් නෑ කියල කන්ෆර්ම් කරගත්ත යීබෝ හොදටම අඩන්න ගත්තා. එයාගෙ කටහඩ පවා වෙව්ලනවා කියලා චාන්ට දැනුනේ යීබෝ මොනවදෝ කියන්න උත්සහ කරද්දි. ඒත් චාන්ට නම් මුකුත් මේ වෙලාවේ අහන්න ඕන උනෙ නෑ.
YOU ARE READING
Come with Me (Sinhala Translation)
Fanfictionප්‍රසිද්ධ නළුවෙක් වෙන ශියාඕ චාන් එයාට සිද්ධ උන යම්සිදුවීමකින් අත්වුන අපකීර්තිය වගේම හිත් වේදනාවෙන් මිදෙන්න පුංචි ගමකට යනවා. එයාට සාමාන්‍ය නිදහස් ජිවිතයක් ගත කරන වන්ග් යීබෝව එහේදි හමුවෙනවා. ඉතින් ඒ දෙන්නා ආදරයෙන් බැඳෙන්න පටන් ගන්නවා. ඒත් මේ දෙන්නාගේ...