07. Permission

107 28 8
                                    

චාන් උදේ අවදි වෙද්දි යීබෝ ඇඳේ හිටියේ නෑ. එයාට මතක් උනේ යීබෝ ඊයෙ රෑ කාගෙන් හරි සමාව ඉල්ලන ගමන් අඩපු විදියට. එයාට නින්ද ගියේ චාන් එයාව තදින් බදාගත්තයින් පස්සේ.

චාන් අවදිවෙලා කාමරෙන් එලියට ආවේ යීබෝව හොයන ගමන්.

"යීබෝ ගෙදර නෑ පුතේ. උදේම පොඩි බෑග් එකකුත් අරන් ගියා එයාට ටිකක් තනියම ඉන්න ඕන කියලා"

"ඒත් ඇයි?" චාන් පුදුම උනා. "මගෙ අතින් මොකක් හරි වැරැද්දක් උනාද?"

"මට ඔයාට උත්තර දෙන්න පුලුවන්, ඊයෙ මොකද උනේ කියලා කියනවා නම්"

"මට ඔයාව අපහසුතාවයට පත් කරන්න ඕන නැති උන නිසයි මම ඒක හැංගුවේ. ඊයෙ මම මුහුදේ ගිලුණා. යීබෝ තමයි මාව බේර ගත්තේ"

"එයා වතුරට බැස්සා?" ඇය ඇහුවෙ පුදුමයෙන්. චාන් දැක්කා එයාගෙ ඇස්වලට කදුලු එනවා.

"මට සමාවෙන්න ආන්ටි යීබෝවත් අනතුරේ දැම්මට"

"නෑ නෑ ඔයා සමාව ගන්න ඕන නෑ. ඔයා දන්නවද දන්නෑ මගේ හස්බන්ඩ් නැතිවෙද්දිත් යීබෝ ලග හිටියා"

"යීබෝ මට ඒක කිව්වේ නෑනේ"

"මම කියන්නම්. යීබෝ වෙනස් උනේ ඒ සිද්ධියෙන් පස්සේ. එයා හරිම ෆනී කෙනෙක්. යාලුවෝ ගොඩක් හිටියා එයාට. ඒත්... එදා එයා තාත්තව බේර ගන්න ට්රයි කරත් ශොක් වෙලා සිහිය නැතිවුනා. එයා ඒකට එයාටම බැනගන්නවා. එයාගෙ යාලුවොත් එයාට බයගුල්ලා කියලා විහිලු කරනවා. "ඇය කතාව නතර කරල සන්සුන් වෙන්න උත්සහ කලා. " යීබෝ එයාට ම ලං උනා. මං එක්ක පවා කතා කරන එක අඩු කලා. එයාව විශ්වාශ නැති කිසි කෙනෙක් එක්ක එයා කතා කරන්නෑ. ඔයා ආපු දවසේ ඉදන් එයා වෙනස්. ඔයා එයාගෙ බය නැති කලා. ඔයා වෙනුවෙන් එයා ඒක කලා. ඉතින් එයාගෙ හැගීම ඔයා ගැන...."

"ආන්ටි" චාන් ඇයගෙ කතාවට බාධා කරලා ඇස් හීන් කරල ඇය දිහා බැලුවා. "මම දන්නෑ ඔයාට මේක අහලා කොහොම දැනෙයිද කියලා. මට තාම හිතාගන්න බෑ යීබෝ මෙච්චර දෙයක් තනියම දරාගත්ත එක ගැන වගේම එයාගේ වේදනාව සහ අපි දෙන්නාගේ...."

"මම දන්නවා චාන්. ඔයාගේ මූණෙන් ඒක පේනවා" ඇය හිනාවෙලා චාන්ගේ අත අල්ලගත්තා. "මම දන්නවා ඔයාල අතර තියන බැදීම යාලුකමට එහා ගිය එකක් කියලා. මම ඔයාල දෙන්නම පිරිමි ලමයි කියලා මේක ප්‍රශ්නයක් කරගන්නැ. මට කමක් නෑ ඒකට. ආදරේට ඒ දේවල් අදාල නෑනේ. මට හුගක් සතුටුයි වගේම ඔයාට හුගක් ස්තුතියි මගේ පුතාට ආයෙත් සතුට ගෙනත් දුන්නාට. එයා කලින් වගේ හොදට කාලා බීලා හිනා වෙලා විහිලුවක් කරන් ඉන්නවට. මම හිතුවේ එයා ඔයාට නරක විදියට සලකයී කියලා. ඔයා දන්නවනේ මම අදහස් කරන දේ"

Come with Me (Sinhala Translation)Where stories live. Discover now