33 කොටස ♡'

1K 142 109
                                    

After one week

අදට හරියටම සතියක්..! අපි සිරීපාදෙ වැදල ඇවිත්... ඒ වගේම මම මගෙ ජීවිතේට මේ සතිය ඇතුලත තරම් කවදාවත් අඩල නැතුව ඇති පෙන්ස්....ඇත්තටම මටම හිතාගන්න බැ...
එදා සිරීපාදෙ වැදල ආපු දාට පහුවදාම දිලේක් කොහේ හරි ගිහින්... අඩුම මට කිව්වෙවත් නෑ... මම දන්නෙත් නෑ...පහුවදා ඉස්කෝලේ යන්න පාරට ගියාමයි දන්නෙ එයා උදෙන්ම ගිහින් කියල... ගියපු දිහා අපේ අසෝකටයි, වසන්තටයි කියල ගිහින් තිබ්බත් ඒ අයත් මට කිව්වෙ නෑ...


බැරිම තැන මම තේව් ලගට ගිහින් ඇඩුව.... ඇත්තටම මට දරාගන්න බැරි උනා.. එයා ගියේ මන් එක්ක හොදින් කතා කරලනම් කමක් නෑ..ඒත් එහෙම නෑ.. ගිනි පිටවෙන කේන්තියක් තියන් මෙහෙම නොකිය ගියාම...මට දැනෙන්නෙ මහ අමුතු විදියකට.... හැබැයි මම කොහොම ඇඩුවත් තේව් මුලින් මට කිව්වෙ නෑ.. අන්තිනට තේව් කිව්ව එයා ගියේ මීගමුවෙ කියල... මම ඇයි ඒ කියල ඇහුවම ඒකට හරි උත්තරයක් තේව් දුන්නෑ...ඌ දන්නෑලු...


අද ඉස්කෝලේ නිවාඩු.....පෝය නිසා... අසෝකල උදේ ඉදන්ම උයනව... පන්සලේ දවල් දානෙ අද අපේ ගෙදරින්.... සිල් ගන්න අයත් ඉන්න නිසා පොඩ්ඩ පොඩ්ඩ උයල බෑනෙ.. උයන තැනට යන්නෙ නැතුව පාඩම් කරගන්නව කියල හිතන් උදේ 5ට විතර නැගිට්ටට මොකද..මට පොත අතට ගන්නවත් හිතුනෙ නෑ..මම දන්නෑ පෙන්ස් මට මොන මගුලක් වෙලාද කියල...මේ ඔක්කොම අර ඔලමොට්ටලය ගැන හිතලනෙ... ම්හ්ක්! මෝඩ යකා...තෞසෙ අහුවෙයන්කො මට...!!!! කලවැද්ද..!!!


" දිසා.... "

කල්පනාවක හිටපු මාව ගැස්සිලා ගියේ අපේ දෙනුකයගෙ කෑගැහිල්ලට... දොරට ගගහ කෑගහනව... මට වෙලාවකට මූ මගෙ අයිය කියලවත් නොහිත සහෝදර කමෙන් අත්හරින්න හිතෙනව .... ඇයි වදේ...ම්හ්ක්! කෝමත් සහෝදර කැක්කුම ඕක ගැන මට විතරයි තියෙන්නෙ..ඕකට දිසද ගැන ඒම කැක්කුමක් නෑ...


" ඇයි..."


ඇද උඩ ඉදන්ම මම කතා කලා... මට එලියට යන්නත් කම්මැලියි පෙන්ස්...දැන් වෙලාව 9 ට විතර ඇති.. මන් 5ට නැගිට්ටත් තාම එලියට ගියෙ නෑ... කුනුකෙල පිටින්ම තමා මේ ඉන්නෙ..මූනවත් හේදුවෙ නෑ තාම... බුවෑක්ක!


" උබ කොටහල් වෙලාද බන් ඕක අස්සෙ රිංගන් ඉන්නෙ.... බලහන් ගමේ බාගයක්ම ඇවිත් මෙහෙ උයනව.. උබ ඕක අස්සෙ රිංගන් ඉදල හරියනවද....?"



මාත්‍රා || Taekook Where stories live. Discover now