"කුකී... උඹ මොකද කරන්නේ"
බැල්කෙනියට වෙලා අහස දිහා බලා ගෙන හිටපු ජංගුක්ගෙන් ජිමින් ඇහුවෙ කොල්ල අවුරුදු හතක් තිස්සෙ සැප්තැම්බර් 19 වෙනිදට එතනට ඇවිල්ල හද දිහා බලන් ඉන්නව කියල දන්න නිසා...
හැම සැප්තැම්බර්19 කම වගේ මේ සැරෙත් කූකී හිටියෙ අවුලෙන් .කුකීගෙ ඇස් දෙකේ පිරිල තියෙන කඳුළු දැක්කම ජිමින්ට ඒක තේරුන් ගන්න වැඩි වෙලාවක් ගියෙ නෑ.
"අදට අපෙන් එයා ඈතට ගිහිල්ල අවුරුදු හතක් හියුන්ග්"
කුකීගෙ ඇස් දෙකේ පිරිල තිබ්බ කඳුළු කැට හිමීට පල්ලම් බහිද්දි ජිමින් ඇවිල්ල කුකීව බදා ගත්තෙ ඔයාගෙ හිතේ තද කරගෙන ඉන්න දුක බෙදා ගන්න ඔයත් එක්ක හැමදාම මම ඉන්නව කියන්න වගේ...
🥀🥀🥀🥀🥀
අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් පැවති අධි සුඛෝපභෝගි මෝටර් රථයේ සිටි රියදුරු සැකයෙන් මෙන් වටපිට බලමින් තම වාහනයේ වේගය වැඩි කලේ මේ අඳුරු රාත්‍රියේ තිබෙන මූසල ස්වභාවය නිසාවෙන්ද නැතහොත් ඔහුට දැනුන අනතුරක සේයාව නිසාවෙන්ද බව දන්නේ ඔහුම පමණි.
එක් වරම කොහෙදෝ සිට පැමිණි වෙඩි උන්ඩයක් කාරයේ රොදයේ වැදීමත් සමඟ වේගයෙන් ධාවනය වෙමින් පැවැති මෝටර් රිය එක්වරම පසෙකට පෙරලී ගියේ එහි සිටි පුද්ගලයාට සිතීමට වත් කාලයක් ලබා නොදෙමින්.
ඒත් සමඟම තවත් කළු පැහැති මෝටර් රථ කිහිපයක් පෙරළී ගිය කාරය අසළට පැමිණියේ එහි සිටි පුද්ගලයාට උපකාර කිරීමට නම් නොවන බව ,ඉන් බැස ආ පුද්ගලයන් අත ඇති ආයුධ මඟින්ම පසක් කර හමාරය .
මෝටර් රියෙන් බැස ආ කළු හැදගත් කාන්තාවක් අත කැටයම් වලින් අලංකාර කරන ලද පිස්තෝලකි.ඇය කෙමෙන් කෙමෙන් පෙරළි ගිය රිය අසලට පැමිණෙන විට ඇය සමඟ පැමිණි අනෙක් පුද්ගලයින් පෙරළී ගිය කාරයේ සිටි පුද්ගලයාව පිටතට ගෙන තිබුණි.
ඔහු හෙමින් හෙමින් හිස ඔසවා ඇය දෙස බලන විටම , පරිසරයම එළිය කරමින් හෙනයක් පුපුරා ගියේ ඇයගේ මුහුණ දැකීමෙන් ඔහුට ඇති වූ බියට තිගැස්මක් එක් කරමිනි...
"උබ ?"
"හහ්. මාව මතකයි වගේ නේද..?,උබට වගේම අනික් උන්ටත් මාව මතක ඇති කියල හිතනවා..."
"ම..මාව මරන්නෙපා..මං මුකුත් ක..කරේ නෑනේ..අ.අනේ මට සමාවෙන්න.."
ඔහු එසේ කියද්දී ඇගේ මුවේ කොනක සිනාවක් ඇදී ගියේ ඔහුව තවත් බියට පත් කරමින්
"මුකුත් කරේ නැත්තන් මොකටද සමාව ඉල්ලන්නේ..අනික මම වැරදි කරන මිනිස්සුන්ට සමාව දෙන්න දෙවියෙක් නෙවෙයිනේ..ඔයාට මුකුත් කරේ නැ වගේ හිතෙනව නම් හරි මතක නෑ වගේ නම් හරි බය වෙන්න එපා,තමුන් මැරිල විනාඩි හතක් ඇතුළත තමුන්ගෙ මොළේ ඒව හොඳට මෙනෙහි කරයි.."
මුව කොනට ඇදුන සිනාවත් සමගම ඇය එසේ පවසන විට ඔහු වැද වැටෙමින් සමාව යැද්දෙ අතීතය පිළිබඳ පසු තැවෙමින්.
"දඩයම් කාලෙ පටන් ගත්තා.."
එසේ පවසමින් ඇය, ඇගේ අත රැඳි පිස්තෝලයේ කොකා ගැස්සුවෙ ඔහුගේ මරණය තම අතින් ලියමින්..
🍂🍂🍂🍂🍂
YOU ARE READING
🩸🌕BLOOD MOON🌕🩸
Fanfictionවසර හතක් පුරාවට වෛරයේ ගින්දරින් වේදනා විදි ඈ...දඩයම අරඹන ලදි... ලේ වලින් පෙගී ගිය සඳකගේ කතාව... -🩸🌕-