"නිම්න?"තඩි ඇගේ අයිතිකාරයා එහෙම කතා කරනකොට නිම්නට නිකම්ම උඩ බැලුනා.. ඔව් ඉතිං.. නිම්න වගේ දෙකක් නෙ අකිල..
'කෙලියයි'
"තාම නිදි මතේද"
ඩිම්පල් හිනාවක් දාගෙන අකිල ඇහුවාම නිම්නත් හිනාවුනා..
"නැහ්"
ශේන්, දෙව්නක, ආරව්, වෙනුගලා ගෙ වගේම ඇදලා හිටපු අකිලත් ලයිට් එලියට දිලිහෙන කළුපාට අත්දිග ශර්ට් එකක් ඇදන් හිටියා.. අනිත් කට්ටියට වඩා තියෙන වෙනස තමයි අකිලගේ, අත් දිග ශර්ට් එකේ අත් වැලමිට ගාවට නවලා උඩ බොත්තම් දෙක ඇරලා හිටපු එක.. බොරු කියන්න ඔ්නනෑ මේ විදිහට අකිල පට්ට හොට්..
"කට්ටිය ඔක්කොම ආවද.."
කට්ටියව ඔක්කොම හොයන ගමන් අකිල අහද්දි අකිලගෙ ඉස්සරහම ඉදගෙන නිම්නගෙ බෝල ඇස් වලින් අකිලගෙ ඒ හැසිරීම දිහා ඇස් කොනෙන් බලන් හිටියා..
"අකා.. මචං.. අර ක්ලෝත්ස් ටික?"
"ආ! මම ඒක උඹට දුන්නා නේද"
"ඔ්.. ඒක දැම්ම දෙනවද"
"එහෙදි දෙමු"
ලං වෙලා කුටු කුටු ගාපු අකිලයි දෙව්නකයි නිම්න දිහා බලලා ආයෙ කුනු කුනු ගාන්න ගත්තා.. ඔන්න ඉතිං සතීෂයා කරලා තියෙන වැඩක්!
"මචං මේ.. අපේ මැටි අලයා කියලා තියන එක දන්නෑනෙ"
"මොකක්ද කියලා තියෙන්නෙ"
"කෙවින්ට ඌ කියලා උඹ හෙට නිම්නගෙන් ආස්ක් අවුට් කරනවා කියලා.. ආතල් එකක් ගන්න කියලා එහෙ යනව කියලා කියලා.. ඊටපස්සෙ අරූ අහලා ඇයි මෙහෙදි කියන්නැත්තෙ කියලා, අරූ කියලා උඹලෑ සීයා බාල්දියක් පෙරලයි කියලා.. බලපං ඉති!"
"අයියෝ මුන් වැඩ දෙක කරනවා!"
"මූ හොදයි ස්ක්රිප්ට් ලියන්න යවන්න"
"ඔව් බන්"
"දැන්ම යමංද"
"කියපං.. ලෑස්ති වෙන්න කියලා.."
දෙව්නකයගෙ පිටට තට්ටුවක් දාලා දෙව්නකව පංගනාතු කරලා යැව්වා ඒ වැඩේට..
YOU ARE READING
තත්පර the sec
Horrorඉරෙන් වැඩ දාහක් කරගනිද්දි කවියෝ පද ගෙත්තම් කලේ හදට.. එකත් ඉර එලියෙන් ලස්සන වෙන හදට.. පුංචි පුංචි වතුර බිංදු වැටෙන වැස්සට ගොඩක් අය ආදරේ කලේ පායන වෙලාවට නොසෑහෙන්න වැඩ අරන්.. ඉතින් පද අමුණන ඔයාට ඇයි බැරි අපි වෙනුවෙන් කැප වෙන ඒ කාර්තු,ඒ අයට උපහාර කරන්න...