0007

52 15 18
                                    

උදෑසන හිරු උදාවත් සමග දේවදූතයන්ගේ නිවහනින් පිටවූ රෙන් ඊවන් ඔහු හට පැවරූ කාරිය ඉටු කිරීම සදහා අයරීන්වුඩ් වෙත පැමිණියා. නහරයේ අදුරු කොන් වල  සුරුට්ටු උරන තරුණයන්ගෙන්, දවස පුරා විකුණාගත නොහැකි හංවී ගිය එළවළු  සහිත කරත්ත කරුවෙකුගෙන් වගේම නගරයේ සියල්ලන් නිතර නිතර ගැවසෙන අවන්හලක වේටර්වරයෙකුගෙන් එකී නොකී බොහෝ දෙනෙකු සමග සුහද කතාවකට එකතු වී අලුත් පොලීස් පරීක්ෂකයා ගැන තොරතුරු කිහිපයක්ම රැස් කල ගත් රෙන් ඉන් සැහීමකට පත් නොවී ඔහුගේ ඊලග සැලස්ම ක්‍රියාත්මක කරනු ලැබුවා.

සෛලවල පැවැත්මට ඔක්සිජන් වලට අමතරව එතනෝල් අත්‍යාවශ්‍ය ජීවීන් කොට්ටාසයක් වූ නගරයේ මත් පැන් සල් නිවහන කරගත් බේබදු පුස් මැරයන් කිහිප දෙනෙකු තෝරා ඇති තරම් මත් පැන්ද මුදල්ද ලබා දී තමාට අවශ්‍ය කාරිය කර ගැනීමට ඔවුන් නම්මා ගත් රෙන්  නගරයෙහි පොලිස් ස්ථානය දෙසට ඉතා සංසුන් අයුරින් ඇවිද ගියේ තම බාහිර පෙනුමද සිදු කිරීමට නියම්ත රංගනයට සුදුසු අයුරින් සකසා ගත් පසුවයි.

තමාට පැවරුණ කාර්‍යට වඩා වටිනා ගෙවීමක් ලැබුන සතුටට අත්භූත පෙනුමැති ආගන්තුකයා පෙර පැවසූ ලෙසම ඔහුගේ අල ගිය මුල ගිය තැන් සොයනවා වෙනුවට ඔහු විස්තර කල පරිදි  පොලිස් ස්ථානය අසලදී මුහුනට වඩා විශාල උපැස් යුවලක්ද තමාට වඩා විශාල ඇදුමිනද සැරසී සිටින තරුණයා අල්වාගෙන ගුටි කෙලියක් ලබාදුන්නේ පොළිස් නිළධාරින්ගේ අවධානයද ලැබෙන අයුරිනිනි.

බේබදු රැලට ඒ සිටින්නේ තමාට කාරිය පැවරූ පුද්ගලයමද යන්න වත් හදුනාගත නොහැකි අයුරක වේශ නිරූපනයක් රෙන් විසින් සිදු කරගෙන තිබුණේ ඉතා සාර්ථක අයුරිනි.

අලුත් පොලිස් පරීක්ෂකයා ගැන අසා දැන ගත් තොරතුරු වලින් සැහීමකට පත් නොවූ රෙන්ට ඔහුව සැබවිනම දැක ගැනීමටත් ඔහුගේ හැසීරීම හා ක්‍රියාකලාප නිරීක්ෂණය කිරීමටත් හොදම මග ලෙස සලකා මෙසේ තාත්වික රංගනයකට පසුව පොලිස් ස්ථානය තුළට රිංගා ගත් රෙන් සාර්ථක ලෙස රොගර් සමග වචන කිහිපයක් හුවමාරු කර ගැනීමටත් ඔහුගේ ක්‍රියා කලාපය දුර සිට වුවද නිරීක්ෂණය කිරීමටත් වාසනාවන්ත වූවා.

|| CODE SIX (KOOKV) || (කෝඩ් සික්ස්) Tahanan ng mga kuwento. Tumuklas ngayon