"ඒ බන් මෙන්න මේ ඇදුම පොඩ්ඩක් හදපන්කො..."
"ම්ම්...ඉදපන්,දැන් හරි නේ.."
"තෑන්ක්ස් බන්..."
සිහින පාසලේ ප්රධාන ශාලාවට යන්න සූදානම් වුනා.
"මොකද්ද යකෝ මේ කලේ....දැන් බලහන් මම කොහොමද උත්සවේට යන්නෙ කියලා..."
යන අතර මගදි කැඩෙඩ් practice වල හිටිය කොල්ලෙක් එතනින් දුවගෙන යද්දි සිහිනගෙ සුදු කලිසමට මඩ වතුර විසි උනා.
"ඒ සොරි බන්...හිතලා නෙමේ නෙ කළේ."
"හ්ම්ම්...හ්ම්ම්...අවුලක් නෑ මම මොකක් හරි කරගන්නම්."
සිහින එතනින් ගියේ කොහොම හරි විසි උන මඩ ටික කලිසමෙන් අයින් කරගන්න වෙර දාන ගමන්.
කොහොම හරි ඒ වෙලාවෙ ප්රධාන ශාලාවට අදාළ පිරිස රැස්වෙලා හිටියෙ.මොකද පාසලේ කලා දිනය මෙන්නම කලා සංගමයේ තනතුරු ලබාදීම සහ නිළ ලාංජන පැළද වීමේ උත්සවය නිසා.
ටික වෙලාවක් ගියාට පස්සෙ සාම්ප්රදායික උඩරට වෙස් ඇදුමෙන් සැරසුන පාසලේ නර්තන අංශයේ සහෝදරයන් විසින් බෙර හඩ අතරින් තලේට ඇසෙන කවිවලට සිලම්බු නද මැදින් ආරාධිත අමුත්තන් සහ ආරාධිත පාසල්වල ළමුන් ප්රධාන ශාලවට කැදවාගෙන පැමිණියා.
"කෝ මේ නිම්න....එන්න ළමයො ඉක්මනට ආරාධිත අමුත්තනුත් ආවා මොනවද කරන්නෙ, ඔයාගෙ වැඩේ පටන් ගන්න."
නිවේදන වැඩේ භාර වෙලා තිබ්බෙ නිම්නට.සාමන්ය සුදු උස කඩවසම් පෙනුමක් එක්ක ලා කොල පාට කමිසයකින් සහ තද කොල පාට සරමකින් සැරසුනු නිම්න කාගේත් නෙත් ඔහු සන්තකයේ තබාගැනීමට සමත් වුණා. වේදිකාවේ පසක සිට කවියකින් ප්රේක්ෂකයන් ඉදිරියට පැමිණි ඔහු නිවේදන කාර්යය මනා ලෙස ආරම්භ කළා.
"සුර රද සමන් සමගින් සුරගන එවර
පැහනද මදාරා පරසතු මල් පතර
කැරැපුද වදින රැදි මුනිසිරි පා තඹර
සකි සද පෙනේ සමනොල ගල නැගෙනහිර"
උත්සවයේ වැඩ ටිකෙන් ටික ඉස්සරහට යද්දි කලා සංගමයේ තනතුරු නම් කිරීම සහ නිළ ලාංජන පැළදවීමේ අවස්ථාවට ආවා.තනතුරුවලට තේරුන ළමයි ඔක්කොම වේදිකාවට පිවිසෙන පඩිපෙළ අසලින් පේළියට හිටගන්න කියලා සංගමය භාර සර් කිව්වා.ප්රධාන තනතුරු ලබාගත්ත අය වේදිකාවෙ පිටුපසටගියා.